Tuesday, June 21, 2011

අම්බලන්ගොඩින් අවසන් කොච්චියේ කොලඹ යන්න හැදූ අපේ මිතුරා!!!!

අම්බලන්ගොඩින් අවසන් කොච්චිය!

ථා පෙට්ටිය කියන්නෙ පොඩ්ඩක් ඔය ඕපයක් දෙකක්, රසවත් සිදුවීමක්,පාසල් කාලයේ අත්දැකීම් එහෙම කෂ්ටියත් එක්ක බෙදාගන්න තියන ළිඳලඟ සංගමය කිවුවොත් හරියටම හරි!!!
ඉතින් හා හා පුරා කියල මේ ලඟදි සිද්ධ වෙච්ච පොඩි සිද්ධියක් ඔයාලට කියන්නම්!.මේක වුනේ කැම්පොස්යන අතරතුර.
මේකට සම්බන්ද කෙනාගෙ නම සඳහන් කරන්න නම් බැරිකමක් නෑ, ඒත් මෑන් මේක දැක්කොත් මට විසුමක් නෑ! එක නිසා මෑන්ව A කියල අමතන්නම්.(ඇත්තම නමේ මුල් අකුරත් A තමා!).......

ඔන්න අපි ගියමාසෙ දවසක ගියා අම්බලන්ගොඩ ප්‍රදේශයේ මිත්‍රයෙක්ගේ ගෙදරකට, ඔකට සෙට් උනේ මමයි, Aයි, තව 8දෙනෙක් විතර.යන්න හිටියෙ බස් එකේ, ඒත් කෙල්ලෙක් කියපි ! අපි කොච්චියේ යන් කියල.ඊටපස්සෙ කෂ්ටියම කොච්චියේ නැගල අම්බලන්ගොඩට ආව. කෂ්ටියම ෆුල් මොරාල් පිට අම්බලන්ගොඩ ස්ටේෂමෙන් බැස්සා, අපේ නඩේ ගුරා තමයි A, ඉතින් අපහුයන්නත් ඔනනේ ඉතින් Aගෙ යුතුකම තමා ආපහු කොලඹට කොච්චිය තියන වෙලාව දැන ගන්න එක.මෑන් වටපිට බලුවා කාගෙන්ද මේක අහන්නෙ කියල.ඔන්න එත්කොට පොඩ්ඩක් ඈතින් හිටිය බුලත්හපයක් දාගත්තු මනුස්සයෙක්.

අපේ එකත් ඉතින් කිට්‍ටු කරල අහපි මෙන්න මෙහෙම!

A:-Excuse me අයියෙ, ඊලඟට කොලඹට කෝච්චි තියන වෙලාවල් කොහොමද දන්නෑ නේද?

ස්ටේෂමේ මනුස්සයා:- දැන්ම නම් නෑ මල්ලී තව පැය දෙකකින් විතර තියනව.

A:- හා.... ඇත්තද? මේ අන්තිම කෝච්චිය කියටද තියෙන්නෙ?

ස්.ම:- අන්තිම එක නම් මල්ලි 4.25 ට තමයි.
(වෙලාව නම් මට හරියටම මතක නෑ)

ඉතින් එහෙම කියල කටගන්න උනේ නෑ, මූ අහපි මෙන්න මෙහෙම..........
A:- අයියෙ ඊටපස්සෙ තව එකක් නද්ද?

ඒක අහුව ඒ මනුස්සය පොඩ්ඩක් එහාට ගිහින් කටේ තිබ්බ බුලත්කෙල පාරක් ගහල ඇවිත් කියපි මෙන්න මෙහෙම!
ස්.ම:- ඉතින් මල්ලි අන්තිම කෝච්චියට පස්සෙ තව කෝච්චියක් නෑනේ!

එක ඇහුව Aගෙ මූන දෙක උනා, අපිට ඉල ඇදෙනකම් හිනා!
A:- ආ... thank you අයියෙ!

එහෙමකියල අපි එතනින් මාරු උනා, එනකම් ඔක මතක්කරකර හිනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

2 comments:

WAGAA said...

එල කොල්ලෙක්නේ....

ඩිලංක මහේෂ් said...

thanks මචන්!

Post a Comment

;