Tuesday, July 17, 2012

සිතෙන් නොමැකෙන ඡායාරූපයක්!


මේ තියන ඡායාරූපය WINDOWS XP පාවිච්චි කරපු ඔයාල ඔක්කෝම දැකල ඇති....
ඒවගේම මේක තමයි ලෝකේ වැඩිමනක් දෙනා දැකල තිබෙන ඡායාරූපය...
මිලියන ගනන්වලින් නෙවේ බිලියන ගනන් වලින්!!!

ඒත් මේ ඡායාරූපය ගැන ඇත්ත කතාව දන්නේ ලෝකේ අතලොස්සක් විතරයි!
ඔයාල වගේම මමත් සිතාගෙන හිටියෙ මෙම ඡායාරූපය පරිගනක ඡායාරූප ශිල්පයෙකු අතින් නිමවූ සුන්දර කොම්පියුටර් ජිල්මාට් එකක් කියල!

එහෙනම් ඒක වැරදියි!!!!!!

Blissනම් අනවර්ථ නාමයෙන් පටබැඳි  මේ මිහිමත තිබෙන ඇත්තම ඇත්ත සුන්දර ස්ථානයක ඡායාරූපයක් කිවුවොත් ඔයල ඈ....ගාල පුදුම වේවි...!!!
හරි දැන් ඇරගෙන ඉන්න කට වහගෙන ඉතුරු ටිකත් කියවන්නකෝ......

මේ ඡායාරූපය තමාගේ කැමරාකාචයට නතුකරගත්තේ.. ඇමරිකානු ජාතික Charles O’Rear නම්  National Geographic  හි ඡායාරූප ශිල්පියා විසිනි ඒ 1996 වසරේදීය.
මෙය හමුවී තිබෙන්නේ නම් අහම්බෙන්!

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Sonoma නම් සුන්දර නිම්නයේ Sonoma අධිවේගී මාවතේ තමාගේ රථයෙන් ගමන් කරනවිට ඇතිවූ විඩාව නිවාගැනීම රථය නැවතූ අවස්ථාවේ මෙම සුන්දර ඡායාරූපය තමාගේ කැමරාකාචයේ සටහන් කර ගැනීමට ඔහු සමත්වුනා!!!


WINDOWS XP මෙහයුම් පද්ධතිය නිර්මාණය කිරීමේදී පරිගනක තිරය සඳහා අනන්‍යය ඡායාරූපයක් සොයන අතරතුරේදී මෙම ඡායාරූපය ඇස ගැ‍ටුනු මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම සුපිරි ඡායාරූපය මිලදී අරගෙන තිබුනා.

 ඒ පොඩි ගානකට නම් නෙමේ, අඩුම තරමේ ඉලක්කම් හතේ අටේ ගනනකට...!!!!

ඒත් මේ කතාව ඇතුලෙ පොඩි දුක හිතෙන කතාවක් තියනව!!!

ඒ තමයි, අද වනවිට මේ සුන්දර ස්ථානයේ ඒ සුන්දර පෙනුම නැතිවී ගොසින්...!!!
සුන්දර ස්ථානය අද වනවිට මිදි වයින් නිෂ්පාදන සඳහා අවශ්‍යය මිදි වගා කටයුතු සඳහා ‍රැගෙන තිබෙනව....ඒක නිසා මේවනවිට ඒ සුන්දර පෙනුම ගොඩාක් නැතිවී ගොසින්!!!

පහතින් දිස්වන්නේ වසර දහයකට පසු එනම් 2006 වසරේදී එම ස්ථානය ඡායාරූපයට නැගූවිටයි!!!



වැඩිවිස්තර ඕනනම් මෙව බලන්නකෝ....


පහතින් දිස්වන්නේ  Charles O’Rear ගේ කැමරා කාචයට නතුවූ සුන්දර දසුන් පෙලකි......



















ඔයලට තවත්  ඡායාරූප බලන්න ඕනනම් http://charlesorear.photoshelter.com/ යන්න......

0 comments:

Post a Comment

;