Wednesday, July 25, 2012

උසස්පෙළ විභාගයේ අනාගතය කෙසේවේද?



ශ්‍රී ලංකාව යනු අතීතයේ සිටම සාක්ෂරතාවය අතින් ඉහලම තැනක වැජබෙන රටක් කියල අපි වගේම ලෝකෙ ඕන කෙනෙක් දන්න දෙයක්. එවැනි තැනක සිටීමට රටක පාලනය විසින් අධ්‍යාපනය කියන සධකය වෙත එල්ලකරන බලපෑම ඍජුවම සිදුවේ, ඒ අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ දියුනු කිරීමට යන දෙයාකාරයෙන්ම සිදුකලහැක. අවාසනාවකටමෙන් හැමදාමත් සිදුවන්නේ කාලකණ්ණි අධ්‍යාපන කප්පාදුව මිස වෙන කුමක්ද?

නිදහස් අධ්‍යාපනයේ කන්නංගර පැටවුන් වන අපි, මේ සිදුවන අහස පොළොව නුහුලන අපරාධ බලාසිටින්නේ කෙසේද!

ශ්‍රි ලංකාවේ ශිෂ්‍යන්ගේ තමාගේ ජීවිතය පිලිබඳව ගන්නා වැදගත්ම සංධිස්තානය වන අ.පො.ස උසස් පෙළ විභාගයට අත්වීඇති ඉරණම නම් අතිශය හද කම්පාවනසුළුය.
ප්‍රථමයෙන්, දැනට අත්වී ඇති Z ලකුනේ ගැටළුව හේතුවෙන් මේවනවිට මේ රටේ සිය දහස් ගනන් අහිංසක කොල්ලන්ට හා කෙල්ලන්ට සිදුවී ඇති අපරාධය කෙරෙහි, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ලෙසින් අප විසින් තරයේ හෙලාදකිමු !!!

මේවාට වගකියන ඔලමොට්ටල බූරුවන්ට කියාදීමට දෙයක් ඇත..එනම් "උසස් පෙළ සිසුවා යනු කවරකහුද? "යන්නයි!
අධ්‍යාපනය කෙරෙහි දුප්පත් පෝසත් බේදයක් නැත, නමුත් මේ දුප්පත් පොහොසත්භාවයේ පරතරය නැතිකිරීමට ඇති එකම මාර්ගය නම් මෙම නිදහස් අධ්‍යාපනයි!. මම මේ කථාකරන්නේ යමක්කමක් තියන, මුදල්වියදම් කරමින් ඉගැන්වියහැකි ඉහල පංතිය ගැන නොව.., එදාවේල පිරිමසාගැනීමට ගමේ තේවත්තේ,රබර් කෑල්ලේ කුලීවැඩකරමින් අධ්‍යාපනය ගොඩනංවාගැනීමට වෙරදරණ අපේ රටේ අහිංසක දුප්පත් අම්මා තාත්තාගේ දරුවන් ගැනය. ඔවුන්ගේ එකම අභිප්ප්‍රාය කෙසේහෝ උසස්පෙළ සමත්ව තමාගේ රටට දැයට වැඩදායී පුද්ගලයෙකු වශයෙන් බිහිවීමයි!

වසර 13ක් තිස්සේ එකතුකරගත් දැනුම කැටිකොට ජීවිතය ජයගැනීමට ලියනා එම කඩඉම පැනීම සුලුප‍ටු කාරියක් නොවේ. එය කවදාවත් සතියකින් ,මසකින් පාඩම්කර සමත්වියහැකි විභාගයක් නොව, ඉතා ක්‍රමානුකූල ඉගැන්වීම් රටාවන් ඔස්සේ විශ්ලේශනය කරමින් සිදුකලයුතු දෙයකි. නැතිනම් ඇතැම් මෝඩ දේශපාලුවන් අර්ථදක්වන පරිදී සති තුනෙන් ගොඩදැමියහැකි කඩ ඉමක් නම් නොවේ! පුදුමයක් නම් මෙවන් ප්‍රකාශ සිදුකරන්නාවූ පුද්ගලයින් අප රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවී තිබීමයි!

උසස් පෙළ සිසුවාගේ මනස ඉතා සංකීර්ණය, ඔවුන්ගේ සිතට දැනෙන්නාවූ පීඩනය අසීමිතය! ඔවුන් නිරන්තරයෙන්ම සිටිනුයේ අනාගතය දකිමිනි, එය විභාගයට ගොස් ප්‍රශ්න පත්‍රය ලියන අතරතුරේදීපවා ඔවුන්ගේ හදවතට දැනේ!!!
හදවතක් තියා හදවත් රාවයක්වත් නොහඳුනන...හිත්පිත් නැති ඇතැම් දේශපාළුවන් හා තමා පොරයැයි සිතාගෙන සිටිනා ඇතැම් මහාචාර්‍යය උගත් මෝඩයින් හට මේවා දැනෙනේ නැත!!!!

උසස් පෙල සිසුවාට දැක්මක් ඇත..ඔවුන් සියල්ලන්ටම දොස්තරවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු,මහාචාර්‍යයවරු වීමට අවශ්‍ය නැත...ඔවුනට අවශ්‍යය වනුයේ සමාජ්යේ පිලිගන්නා රටට වැඩක් කර,තමාටද යමක් කරගත හැකි, කාටවත් අතනොපා කොන්ද කෙලින් තබා ජීවත්වියහැකි ‍රැකියාවක් සොයා තමාගේ දෙමාපියන්ගේ පැතුම් ඉ‍ටුකිරීමය!!!

ඉකුත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසබැලීමේදී සිදුවී ඇති අසාධාරණයන් නම් සුලුප‍ටුනොවේ. මෙහි හාස්‍යට තුඩුතුන් කරුන නම්, උසස් පෙළ විභාගයේ දෙවනවර පෙනීසිටී සිසුවන් විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රමානය, පලමුවර සිසුන්ට වඩා ඉතා පහල මට්ටමක වීමය!!!!
උසස් පෙළ ලීයූ ඕනෑම අයෙක් දන්නා කරුනක් නම්,විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් දෙවනවර පෙනීසිටිනා සිසුන් වීමයි!!! හාස්‍ය නම් ඔවුන්ගේ Z ලකුනු, සංශෝධනයට පෙර තිබූ Z අගයට වඩා විශාලලෙස පසු Z අගය කුඩාවීතිබීමයි!

මේ කරනලද නින්දිත අපරාදයේ බරපතලතාවය කෙසේදයත්..විශාල සිසුන් පිරිසකට ඔවුන්ගේ විශ්ව විද්‍යාල සිහිනය බොඳවීගොස් ඇත. දිස්ත්‍රික් කුසලතාව ඉහල මට්ටමක සිටී වෛද්‍ය, ඉංජිනේරු,වානිජ හා කළා පීඨ සඳහා තේරී පත්වූ විශාල පිරිසක් එයින් ඉවතට තල්ලුවීඇත. ඔවුනට සිතෙහි ඇතිවන්නාවූ වේදනාව සුලුප‍ටුනොවේ, කිමද මාද දෙවනවර මුහුනදී විශ්ව විද්‍යාල වරම් හිමිකරගත් සිසුවකු නිසාය. එම වේදනාව...යමෙක් හට කෝටිගනනක් වටිනා ලොතරයියක් නැතිවීමෙන් හෝ විනාශවීමෙන් ඇත්වන්නාවූ දුක මෙන් කෝටිප්‍රකෝටි වාරයකටත් වඩා වැඩිය!!!!
එසේ ප්‍රකාශ කිරීමට හේතුව වනුයේ, මුදලට ලොල්වූ ඇතැම් පාලකයින් සිටිනා සමාජයට තේරුම් බේරුම් කිරීමට ඇතිනිසාවෙනි.

එසේ අසාධාරනයට ලක්වූ සිසුන්ට යලි විභාගයට මුහුනදීමට කාලයක් කොහිද? කාලය කෙසේ නමුත් ඔවුන්ගේ බිඳුනු මානසික මට්ටම යලි ගොඩනගාගන්නේ කෙසේද? යලි මෙවන් දෙයක් නොවේ කියා යන විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුන දියහැකිද?
යමෙකු හැකියැයි කියනවානම්...ඌ තරම් මෝඩ, දුර්ජන, වසලයෙකු මේ මිහිපිට නැත....!!!!

මීලඟ උසස් පෙළ විභාගය සඳහා ඇත්තේ තව සතිකිහිපයක කාලයකි, තවමත් පෙර විභාගයේ Z අගයන් නිවැරදිව සිසුන්හට ලබාදී නොමැත! යකුනේ.........!!! මේ කොල්ලෝ, කෙල්ලෝ "අපි කැම්පස් යනව කියල"විශ්ව විද්‍යාලයේ පහස ලබන්නේ කවදාද!!!

යලි විභාගයට මුහුන දීමට කාලයක් නොමැත, තවද ඊලඟ වසරේ විභාගය සඳහා මුහුනදීමට වියදම් කලයුතු මුදල් ඔවුන්ගේ දෙමාපියන් වියදම් කරන්නේ කෙසේද!!!

සියලු සේසත වියදම් කර ඉගැන්වූවද, අවසානයේ ගඟට කැපූ ඉණි මෙන් බලාපොරොත්තු විනාශවී ඇත. මෙවැනි වේදනාවන් මේවාට වගකියයුතු දේශපාළුවන් ට නොදැනෙන්නේ උන්ගේ දරුවන් සුරසැප විඳිමින් පිටරටවල් වල කෝටිගනන් මුදල් වියදම් කර උගන්වනනිසාවෙනි.

මතක තබාගනිවු....!
තොපිලා එසේවියදම් කරනුයේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් වලින් කියා.....

උඹලාගේ දරුවන්ට මෙන් නයිට් ක්ලබ් වල ගෑනු,පිරිමි හුරතල් කරමින් සිටිනා කාලයක් අපේ අහිංසක ගමේ ගොඩේ කොල්ලන්ට කෙල්ලෙන්ට නැත. උන්ට උන්ගේ අනාගතය සාදාගත යුතුය, නැතිනම් වනුයේ හාමතේ මියයාමය.

එසේනම් කලයුතු දෙයක් ඇත, එනම් එම අසාධාරණයට ලක්වූ සියළු සිසුන්හට විශ්ව විද්‍යාල අයිතිය සකසාදිය යුතුය, ඒ සඳහා විශ්ව විද්‍යාල වලට බඳවාගන්නා පිරිස වැඩිකල යුතුය.

උඹලාට මේ කොල්ලන්ගේ, කෙල්ලන්ගේ අදෝනාව නොතේරෙයි, ඒ දෙමාපියන්ගේ හදවතේ ඇතිවන වේදනාව නොතේරෙයි, නමුත් කලයුතු දෙය නොකලහොත් සිදුවන්නේ....උඹලාගේ සිට උඹලාගේ දරුවන්ට පවා එම අසරණයන්ගේ අඳෝවැඩියාවේ ශාපයට වන්දිගෙවීමටය..!!!

පසුගිය 24වෙනි  අඟහරුවදා දෙරණ නාලිකාවේ විකාශිත "වාදපිටිය" වැඩසටහනට පැමිනි තමා උගත්යැයි කියාගන්නා, අපිද උගත් යැයි සිතාසිටී, නමුත් මේවනවිට එසේ කීමටත් ලැජ්ජා හිතෙන මහාචර්‍යය නලීන්ද සිල්වාගේ විලිලැජ්ජාශීලී ඛේදජනක ප්‍රකාශයන් අපගේ හදවත් කම්පාකරවන සුළුය!
"අධ්‍යාපනය නිසා මේවන විට රටට ලැබී ඇත්තේ කුමක්ද!","මේ අධ්‍යාපනය සඳහා රජය වෙන්කරන මුදල වැඩීලු, ඒනිසා තවත් අඩුකරන්න ඔනිලු","ඒ මුදල රණවිරුවන් හට ලබාදෙන්න ඕනලු"
යන ප්‍රකාශයන්වේ.

ආදරණීය රණවිරුවනි! ඔබලා අපගේ මුරදේවතාවන්ය. දෙමාපියන්,ආගම හා ගුරුවරුන්ගෙන් පසුව පිදියයුතු එකම වස්තුවක් ඇත්නම් ඒ ඔබලාය!, නැතිනම් කොහේවත් සිට එක දාගන්නා වසලගති ඇති ඇතම් දේශපාලකයන් නොව.
ඔබලාට අපගේ උත්තමාචාර්ය හැමදාමත් ලැබේ, නමුත් මෙසේ ඔබලාගේ නම විකුනා කරන නින්ධිත ප්‍රකාශයන් නිසා ඔබලාට ඇතැමුන් වෛරකිරීමට පුලුවන. අධ්‍යාපනය යනු යුද්ධයක් නොව, නමුත් දැන් යුද්ධයක් බවට පෙරලී ඇත. මේ දෙක අතර විශාල පරතරයක් ඇත, ප්‍රභාකරණ් වැනි මස්වැද්දන් බිහිවනුයේ නිවැරදි දැක්මක් ,අධ්‍යාපනයක් නොලැබූ නිසාවෙනි.!

එසේනම් අධ්‍යාපනය නිවැරදිව අනාගතපරපුරට ලබාදී නැවත එසේ මෘගයෙකු බිහිකල නොකල යුතුය…!
එයට කලයුතු එකම විසඳුම වනුයේ අධ්‍යාපනය වැඩිදියුනු කිරීමය.
මහාචාර්‍යවරයා පවසනුයේ අධ්‍යාපනය නිසා රටට ලැබීඇත්තේ මොනවද යන්නයි..!
ප්‍රප්‍සිද්ධ නාලිකාවක් ඉදිරියේ රෙද්දක් ඇඳගෙනවිත් පැවසූ මෙම කථාව කොතරම් හාස්‍යජනකද!!! අඩුම තරමේ ඔහුට, ඔහුගැන වත් හෝ ඔහු සිටිනා ස්ථානය ගැනවත් අමතකය. ඔහුත් මේ නිදහස් අධ්‍යාපනයේ පහසලැබ, මෙරට විශ්ව විද්‍යාලවලම සිට පසුව මහාචාර්යකුවී එවැනි ප්‍රකාශක් කලේ කෙසේද?
ඔහුට ඒකටත් කීමට දෙයක් තිබිය හැක, කිමද ඔහුට වඩා පණ්ඩිතයෙකු නැතිබව ඔහුගේ ලිපියක් පවා කියවූ විට තේරෙන නිසාය. තවදුරටත් මෙවැනි ප්‍රකාශයන් කිරීමෙන් වලකින ලෙස එතුමාගෙන් අප ඉල්ලා සිටිමු. මේවා කන්නන්ගර උතුමානන්ට, ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතානන්ට, ගාමිනී දිසානායක ශ්‍රීමතානන්ට ඇසේනම් යලි වලෙන් නැගිටවිත් මෙවන් දේ ප්‍රකාශකරනා අයගේ බො‍ටුව මිරිකනවා නියතය...!!!!!
එමනිසා අපට ඔහුගැන ඇත්තේ කණගා‍ටුවක් නොව දුකකි..!!!!

බලධාරියනි!
Z ලකුනේ එක් දශමස්ථානයක් යනු අතිවිශාල වැදගත් සාදකයකි!
මේ සිදුවී ඇති Z අගයේ පලහිලව්ව විසඳීමට ගතයුතු සියළු සාධාරණ ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගතයුතුය. ඔබලා මේ සෙල්ලම් කරන්නේ දහසකුත් ජීවිතත් සමගය. මේ රට තවතවත් ආගාධයට ඇද නොදමා අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ දරුවන්ට ලබා දෙන සහන ඉහලනංවන්න, එවිට ඔබකල ඇති පවු වලට සුළුප්‍රමානයක් හෝ පිං එක් ‍රැස්කර ගැනීමෙන් අඩුතරමේ මීලඟ ආත්මයේ සත්ව ආත්මයක්  හෝ ලබාගත හැකිවනුඇත.
නිතරම තමන් හෝ තමාගේ දරුවන් මේ තත්වයේ සිටියානම් ඇතිවන හැඟීමගැන සිතන්න.......
රටේ දරුවන්ට තමාගේ දරුවන්ට මෙන් ආදරය කරන්න, ඊටත් කලින් පිහි, කිණිසි, බ්ලේඩ් නැති සුමුදු හදවතක් ඇතිකරගන්න..............
  

Wednesday, July 18, 2012

මයියගෙ කුළුඳුල් ඉස්කෝලෙන් පැනිල්ල!


හැමෝම කියනව ඇයි අනුන්ට වෙච්ච දේවල්ම ලියන්නෙ උඹට වෙච්ච දේවල් ලියන්න බැරිද කියල....ඉතින් මයියට හිතුන මයියට වුනු පොඩි සිද්ධියක් ගැන ලියන්න.
මේක වෙනකොට මයිය හිටියෙ A/Lපංතිවල...!!!
දන්නවනේ ඉස්කෝලේ අන්තිම ලාස්ට් අවුරුදු දෙකනෙ, ඉතින් ටිකක් ඒකාලෙ ලොකු සයිස් එකෙන් තමයි අපේ ගෝලොයො ඉන්නෙ..
ඉතින් A/L වලට ආපුගමන් නැතත් ටිකක් කල් ගිහින් තමා සෙල්ලම් පටන් ගන්නෙ... ඉස්කෝලෙන් පනින එක!!!
කරුමෙ කියන්නෙ අපි A/L වලට ආපුවහම ඒකත් කොරන්න අමාරු උනා.......

Tuesday, July 17, 2012

සිතෙන් නොමැකෙන ඡායාරූපයක්!


මේ තියන ඡායාරූපය WINDOWS XP පාවිච්චි කරපු ඔයාල ඔක්කෝම දැකල ඇති....
ඒවගේම මේක තමයි ලෝකේ වැඩිමනක් දෙනා දැකල තිබෙන ඡායාරූපය...
මිලියන ගනන්වලින් නෙවේ බිලියන ගනන් වලින්!!!

ඒත් මේ ඡායාරූපය ගැන ඇත්ත කතාව දන්නේ ලෝකේ අතලොස්සක් විතරයි!
ඔයාල වගේම මමත් සිතාගෙන හිටියෙ මෙම ඡායාරූපය පරිගනක ඡායාරූප ශිල්පයෙකු අතින් නිමවූ සුන්දර කොම්පියුටර් ජිල්මාට් එකක් කියල!

එහෙනම් ඒක වැරදියි!!!!!!

Saturday, July 14, 2012

සමරගෙ සල්ලි එකතුකිරිල්ල!




මේ කියන්න යන සිද්ධිය නම් ටිකක් පොඩි එකක්, ඒත් පොඩ්ඩක් බලන්නකො අපේ ගෝලයොන්ගෙ සිහියෙ තරම!!!
අපේ 13-E එකේ හිටිය..තවත් කොලුවෙක් ගැන තමා...අපි නම් මෑන්ස්ට ආදරයට කිවුවෙ "ලතා" කියල. අනේ මන්ද මේක කියනවද නැද්ද කියල...
ඇත්ත නම තමා.........එක්කො ඔනනෑ..... :ඪ්
මොකද හදිසියකට ගාලු ආවහම මයියට හැල්ප් එකට ඉන්නෙත් ඔය කොලුවම තමා....
දැනට නම් මේ කොලුව ඉන්නෙ..හපුගල ඉංජිනේරුපීඨයේ....
දැන්නම් දන්න එකා දන්නව කවුද මෑන්ස් කියල!!!

ඉතින් එක වාරයක පංතියේ බඩගරික වෙලා හිටියෙ..අපේ සමරෙ කොලුව...
හැමදාම එනව පහක් දහයක් ඉල්ලගෙන...කොස්සක් ගන්න කියයි..නැත්තන් මාකර් එකකට කියයි...
ඔන්න දවසක් මේක රුපියල් 10ක් එකතු කර කර හිටිය..මංද මොන ඉටිගෙඩියකටද කියල!
ඔය වෙලාවට කොරන්නෙ කෂ්ටිය මෑන්ස්ව දැක්කෙනැ වගෙ ඉන්නව...බැරිම තැන වාත වෙවී තමා 10ය දෙන්නෙ.

එදා අපේ ලතාට හොඳටම හෙම්බිරිස්සාව...මිනිහටත් මෙලෝසිහියක් නැතිව තමා එදා හිටියෙ.....
සමරගෙ එක පේලියෙ හිටිය එකානෙ..ඉතින් සමරෙ කලේ මුගෙන්ම සල්ලි ගන්න පටන්ගන්න ඕන කියල ලතාට කිට්‍ටු කරා.....

සමරෙ: මචං එකාගෙන් දහය ගානෙ එකතු කරනව...10ක් දියන්!

මේක ඇහුව අපේ ලතා කතාවක්වත් නැතිව දනිපනි ගාල කලබලේ සාක්කුවට අත දාපි...
ඉතින් සමරෙත් පෑනත් අරන් ලතා සල්ලි දුන්න කියල මාක් කරන්නත් හදනව...මොකද දැන් මූ සාක්කුවට අත දැම්මෙ සල්ලි ගන්න මිසක් අහවල් දෙයක් කොරන්නෙයි!!!
සමරෙත් බලන් ඉන්නව සල්ලි  දෙනකම්.....
ටිකක් වෙල ගිහින් ලතා අත ගුලිකරගෙන අත සාක්කුවෙන් එලිය අරන්....."බ්..රූ..ස්......."ගාල ලේන්සුවෙන් නාසෙ පිහිදාල...ඒ එක්කම කියපි!!!

ලතා: දහයක් නෑ බං!

හයියෝ.........!!!!!!!!!!!!!!!!!!
අරූගෙ උදේ පාන්දරම වැඩේ චකර්බ්ලාස්.......

පස්සෙ තමා සමරෙට තේරුනෙ මූ සාක්කුවට අතදාල තියෙන්න...මොනමගුලකටවත් නෙවේ..ලේන්සුව ගන්න කියල......!!!!

ඉතින් ඔයවගේ පොඩි පොඩි සරල ආතලුත් අපේ ගෝලයො ලොකු ලොකු ආතල් අස්සෙ ගත්ත....!!!
මේක මට මතක තිබුන විදිය තමා...මේක ආපහු මතක් උනේ...ලඟදි "ස"එකේ වැඩක් කරන ගමන් ඔය පරන දේවල් කතාකරන කොට තමා...
තිළිණ පියුෂාන් කොලුව තමා මේක, කියල විතරක් නෙමේ..මේක රඟ දක්වලත් පෙන්නුව!!!!

Friday, July 13, 2012

සොඳුරු සහෘදයකුගේ නික්මයාම!!!

සොඳුරු සහෘදයකුගේ නික්මයාම!!!



යාට මොකක් හරි කරදරයක්ද..

"නෑ..මුකුත් නෑ.." යනුවෙන් මා ඔහුට පිළිතුරුදුන් නමුත් මාගේ සිත ‍රැඳී තිබුනේ දෙමාපියන්ගෙන් වෙන්වී පැමිනි ශෝකයයි!

"ගනන්ගන්න එපා ඕක ටිකදවසකින් නැතිවෙයි"...ඔහු පැවසූවේ පුරුදුකරුවෙකු ලෙසය..." ඔයාගෙ ගම කොහේද?"..ඔහු පැවසීය.

"රත්නපුරේ..රක්වාන.." මම පැවසීය."
"නම?"

"මහේෂ්.."

"ඇයි කොලඹ යන්නෙ නැතුව ගාල්ලෙ අවෙ...ඔයට කොලඹ යන්න තිබුනනෙ..."

"නෑ මම වැඩිය කැමති නෑ...එහෙට! අනික අපේ අම්මග ගම ගාල්ල නිසා නෑදෑයො ඔක්කෝම මෙහේ...."

"ඉතින් ඔයාට නෑදෑ ගෙදරක නවතින්න පුලුවන්නෙ".. ඔහු පැවසිය.

"තනියෙන් වැඩකරගන්න පුලුවන් වෙන්න තමා මෙහේ නැවතුනේ.. ..ආ එතකොට ඔයා කොහේද? " මම පැවසුවෙමි.

"පිටදෙනිය..ගාල්ලෙම තමා..." ඔහු පිළිතුරු දුන්නේය.
 
"ඈ...එතකොට මොකද මෙහේ නැවතුනේ..."

" ඔයාට වගේ තමයි ..අපේ තාත්තත් කිවුව..තනියම වැඩකරගන්න පුරුදුවෙන්න අවුරුද්දක් විතරවත් මෙහේ නවතින්න කියල"..

සීනුව නාදවූයේ..අපගේ හවස විවේක කාලය නිමකරමිනි..ඒබව අපට නොදැනුනේ අපගේ කෙටි සංවාදය නිසාය...

"ආ...බෙල් එක ගැහුව..මම යනව...." එසේ කීනමුත් මාහට යමක් අමතක විය. ඒ මෙතෙක් වේලා මාසමග දුක සැප බෙදාගත් මිතුරාගේ නමය.

"ආ..මට අහන්න බැරි උනානෙ..ඔයාගෙ නම මොකක්ද?

"දුමින්ද...දුමින්ද දහනායක!"

...2000 වසරේ ජනවාරි මාසයේ අගභාගයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නේවාසිකාගාරයේ සැඳෑවිවේකයේදී දුමින්ද සොහොයුරා ප්‍රථම වරට හමුවි ඇතිවූ කෙටි පිළිසඳරයි!
අදින් වසර 12කට පෙර සිදූවූවත් අදමෙන් එය මාගේ මතකයේ තිබේ!

කෙසේ වෙතත්..මේ මාගේ කථාව රසවිඳීමට..ඔහුට අද අවසර ලැබීනැත! ඉකුත් ජූලිමස දෙවනි දින යක්ෂයාගේ හෝරාවේදී හදිසි අනතුරකින් සියලු ලෝකසත්වයන්ගේ පොදු ධර්මතාවය පසක් කරමින්...කාටත් නොකියාම අප අතරින් වෙන්විය!!!

මිය යනවිට යෞවනයේ සොඳුරු අවධියේ පසුවූ දුමින්ද සොයුරා පේරාදෙනිය සරසවියේ වෛද්‍යපීඨයේ තෙවන වසරේ සිසුවකු ලෙස අධ්‍යාපනය හදාරමින් සිටියේය. ඒ තවත් රිච්මන්ඩ් මෑණියන්ගේ පහස විඳ 2008 වසරේ උසස්පෙලින් ඉහලින් සමත්ව වෛද්‍යපීඨය සඳහා තේරීපත්වූ රටේ සම්පතකි! 

පසුකලක මා නේවාසිකාගාරයෙන් වෙන්ව ඔහුගේ ගමටම ආසන්නයේ සිටී මාගේ නෑදෑ ගෙදරක නැවතී පාසල් යාමට සිදුවිය. අප දෙදෙනා යලිත්වරක් හමුවන්නේ ඔහු හා මම එකම පාසල් රථයෙන් එකම අසුනේ ගියනිසාවෙනි. 

පවුලේ එකම දරුවා මෙන්ම..අම්මා තාත්තාගේ එකම සුරතලාද වූ ඔහු..මුලු පිටදෙණිය ගමටම ආඩම්බරයක් ගෙනදුන් ළමයෙකි. ඒබව මා දන්නේ මාහට විවේක කාලයක් පැමිනිවිට ඔහුගේ නිවසට ගොස් ආගිය තොරතුරු කථාකර නිසාවෙනි. 

ඔහුට නිතරම අවශ්‍යය වූයේ තමාගේ ගමට වැඩක් කිරීමටයි..ඒවාගේම ඔහු ගමේ පන්සලේ බෝමලුවේ පහසවිඳි තරුණයෙකි. දුමින්ද කාටවත් ඊර්ෂ්‍යා කලේ නැත..තමාගේ කාලයපවා වියදම් කරමින් යහළුවන් හට උදවූ අඹයහළුවෙකි.

මෙම සිදුවීම මාහට සිතාගැනීම පවා නොහැකිවූයේ..ඔහුගේ දෙමාපියන් ඔහුව ‍රැකගත්තේ තමන්ගේ පණටත් වඩා ආදරය නිසාවෙනි.

එදා ඔහු වෛද්‍යපීඨයේ ප්‍රායෝගික පරීක්ශනයන් සඳහා නිවසින් පැමිනියේ ඒ වෙනුවෙන්මය..ඒ ඔහුගේ වැඩක් පැහැරහැරීමට තිබූ බිය නිසාවිනි!. ප්‍රායෝගික පරීක්ශනයන් අවසන් වී තමාගේ මිතුරන් සමග ආපනශාලාවට පැමිනියේ මහන්සිය නිවාදැමීමටය. කෙටි පිළිසඳරකින් පසු තමාගේ නේවාසික ස්ථානයට යාමසඳහා මිතුරකු සමග යතුරුපැදියෙන් ගමන් ආරම්භ කලේය...සිදුවීමට යන්නාවූ අනතුර ගැන සිහිනෙකින්වත් නොදැනය. ධාවනය අරඹා ස්වල්ප වේලාවකට පසු ඉදිරියෙන් ආ රථයකට ඉඩලබාදීමට ගොස් ලිස්සායාම නිසා යතුරුපැදියේ පි‍ටුපස පැමිනි දුමින්ද සොයුරා විසිවීගොස් වැටී ඇත. ඇතිවූ ඇදවැටීමෙන් කිසිඳු බාහිර බරපතල තුවාල නොලැබූ ඔහු...ස්වල්ප වේලාවකට පසු සිහි මූර්ජාවීඇත. මුලු පේරාදෙනිය සරසවියේ වෛද්‍යපීඨයම එකම කලබලයක් කරමින් දුමින්ද සොයුරාගේ ජීවිතය ‍රැකගැනීමට සියලු වෛද්‍ය සිසුන් මෙන්ම සියළුම ආචාර්‍ය මංඩලයේ විශේෂඥ වෛද්‍යවරුන් යුහුසුලුව කටයුතුකර ඇත. සිදුවූ අනතුර නිසා බාහිරින් අනතුරක් නොම උවත් අභ්‍යන්තරිකව අධික රුධිර වහනයක් වීම හේතුවෙන් මුලු පේරාදෙනිය සරසවියම හඬවා, මුලු ගමක් හඬවා ඔහු දැයෙන් සමුගත්තේය.!!!

අපට ඔහු නොමැතිවීම මෙසේ නම්...ලේ කිරිකර පොවා ඔහුව ‍රැකබලාගත් දෙමාපියන්ට ඇතිවන්නාවූ දුක කෙතරම්ද!!!

ඔහුගේ පියානන් පවසා තිබූයේ..."මගේ පුතාට ඉගැන්නුවේ, ඉගෙනගත්තේ අපි වෙනුවෙන්වත් එයාවෙනුවෙන්වත් නෙවේ...එයා ඉගෙනගත්තෙ රට වෙනුවෙන්,සමාජයට වැඩක් කරන්න! ඒකනිසා ඔයාලටම ඔයාලගෙ යාළුව මම දෙන්නම්... " එසේ පවසමින් ශරීරය වෛද්‍යපීඨය වෙත ලබාදීමය. එහෙත් සිසුන්ගේ බලවත් ඉල්ලීම මත තම යහළුවාගේ අවසන් කටයුතු කිරීම සඳහා උපන් ගමට ගෙනයාමට කැමැත්ත ලබගන්නා ලදි!

ඉකුත් ජුලි මස තුන්වනදා මලහිරු බසිනා ඒ සඳෑ යාමයේ...අපව හඬවා ඔහු ගියේය......

ආදරනීය දෙමාපියන්හට තම එකම දරුවා අහිමිවිය...පාසලේ සිටී ගුරුවරුන්හට හොඳ ගෝලයෙක් අහිමිවිය...පාසලේ සොයුරන්ට හොඳ මිතුරෙකු අහිමිවිය...විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියන්හට වටිනා මිතුරෙකු අහිමිවිය....ආදරණීය පෙම්වතියට තම පෙම්වතා අහිමිවිය.... තවද අපේ රටට ලැබෙන්න තිබූ තවත් එක් විශේෂඥ වෛද්‍යවරයෙක් අපට අහිමිවිය.

දුමින්ද සොයුරානනි ඔබ ආරාධනයක් නොලැබ මිහිමත ජීවත්වීමට උපන්නේය...ඒවාගේම ආරාධනයක් නොමැතිව යන්නට ගියේය.......
අපහට වේදනාව ඇත්තේ ඔබට තව දිගු ගමනක් යාමට තිබූ නිසාවෙනි...

සබඳ....ඔබගේ ඒ සිනහව, ඒ කටහඬ, ඒ මතකය අපගේ හදවත් තුල චිරාත්කාලයක් වැජඹෙනවා නියතය....
ජාති ජාතිත් මෙවන් අකල්මරණයන්ට අත්නොවී...ඔබ අප අතරම යලි අපේම සහෝදරයකු මෙන් යලි උපදීවා...!!!!

සොයුර ඔබට නිවන් සුව!!!
(පේරාදෙනිය වෛද්‍යපීඨයේ සියළුම වෛද්‍යවරුන් ඇතුලු සහෝදර සහෝදරියන්හට  ,පිටදෙනිය ප්‍රදේශවාසීන්හට හා නන්අයුරින් උපකාර කල සියලුදෙනා හට අපගේ ස්තූතිය!!!
- මෙයට සංවේගයට පත්  රිච්මන්ඩ් විදුහලේ 2008 "රළ" සොහොයුරන්-)
 

Thursday, July 12, 2012

ගාලුපුර අවසන් "ස" ප්‍රසංගය නිමවිය!!!


ගාලුපුර අවසන් "ස"ප්‍රසංගය නිමවිය!!!


න්න කාලෙකට පස්සෙ මයියට හිතුන මේ පැත්තෙ එන්න! දන්නවනේ...මේ දවස්වල අපේ ලංකාවේ කැම්පොස් වලට නිවාඩු කියල.... ඉතින් මටත් කම්මැලි කමේ හිටියෙ! ගෙනාපු ඔක්කෝම ‍Films ටිකයි, TV series  ටිකයිත් ඉවරයි!
ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕන...මයියගේ සටහන් රසවින්දනය කරපු අපෙ සහෝදර සහෝදරියන්ගෙන්, මෙච්චර කාලයකට මුකුත් ලියන්න බැරි උනට...
මට ලියන්න කියල ගොඩාක් අය..කෙඳිරිගෑව...ඔන්න මම ආව!!!!!!!!

ඉතින් හා..හා හරි හාව නෙවේ... හා..හා..පුරා කියල පටන්ගමු ලඟදි ගාල්ලේ කොල්ලො ටිකක් කරපු රජ වඩක් ගැන! 
ඉතින් මෙන්න මෙහෙමයි උනේ......
;