Saturday, June 25, 2011

මේ.....ඕ....යි ඔය හතද මනුස්සයො......!


මම කලිනුත් කිවුවනේ ඉස්කෝලේ A/L කාලේ කියන්නේ සිරාම වගේම පිස්සුම කාලේ කියලා.මෙන්න මේ සිද්ධියත් ඒකාලේ වෙච්ච එකක්. මේකත් උනේ අපේ පන්තියේ!
අපේ පන්තියේ හිටියේ ටිකක් ආතල් පොරවල් ටිකක්,එයින් එකෙක් තමා අපේ අමල්.මෑන්ව දන්නේ අමල් මහත්තය නැත්තම් අමල් අයිය කියලා. ඔය "මහත්තය" කියන කෑල්ල කොල්ලොන්ට පුරුදු කරෙත් ඌ තමා, ඒ වගේම ඔය "අයිය" කියන එකත්. මිනිහ කාටහරි කතා කරන්න ගියහම ඔය කෑලි දෙක නමේ අගට දාල තමා කතා කරන්නේ. උදා:- නාලක අයියෙ, නාලක මහත්තයො....................

ඔන්න දවසක උදේම කට්ටය බුදුන් වැඳලා සෑර් එනකන් හෙන කයිය වල් ගහගෙන හිටිය. ඒත් සෑර් අද ආවෙනෑ, ඒවෙනුවට පන්තයට ආවෙ අපේ Chemistry කරන සිල්ව සෑර්. ඉතින් නාමලේඛණයත් අරන් පන්තිය ඇතුලට ආව!......


සෑර්:- හා..හොඳයි පුතේ... නගිටින්ට...
             (කට්ටියම නැගිට්ටා...)
             ගූඩ් මොර්නින්ග්......

අපි:- ගුඩ් මොර්නින්ග් සර්!!!!!!!!!!

සෑර්:-අද පුතේ... සර් එන්නේ නෑ...ඒක නිසා මමයි අද නාමලේඛණය ලකුණු කරන්නේ!
            
අපි:- හරි සර්!
සෑර්:- මම අංකෙ කියනකොට අත උස්සල ඉන්නව කියන්න....
          නොම්මර1......

දිමිය:-(අත උස්සල) ඉන්නව සර්!

සෑර්:-නොම්මර 2............

ලපය:-(අත උස්සල) ඉන්නව සර්!

ඔයවගෙ පොඩ්ඩක් වෙලා ගිහින් පටන් ගත්තා අංක ටික කියන්න. ඔන්න අපේ අමල් අයියගෙ අංකෙ තමයි 7. ඔයවගෙ 3,4,5,6 ඇවිත් ඊලඟට තිබුනේ අමලගෙ අංකෙ!
මිනිහ හිටියෙ හෙන බර කතාවක් දාගෙන.......මිනියට ඇහුනෙ නෑ අංකේ කියවෙනව.

සෑර්:- නොම්මර 7.... .... නොම්මර 7.... ...

දෙතුන් සැරයක් කිවුවත් මිනිහගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ.......

සෑර්:- (බැරිම තැන නම බලමින්) කවුද මේ..........නොම්මර 7.......හාආආආ... අමල්
          (එක පාරට)ඕ......යි අමල්.... නොම්මරේ කියනව!!!!

අමල හිටියෙ මේ ලෝකෙ නෙමෙයිනෙ! මිනිහ අතේ ඇඟිලි දහයම පෙන්නගෙන දඩිබිඩි ගාල පු‍ටුවත් පෙල්ලගෙන නැගිටල....

අමල්:- හ.. හ..හ... හත. හත.. හත..

ඒක දැක්ක කොල්ලො ඔක්කෝටම හිනා!!!

සෑර්:- මේ.....ඕ....යි ඔය හතද මනුස්සයො......!
          (වැඩේට සෑර් ටත් හිනා!!)
         අමලත් හිටගෙන හිකි හිකි ගාල හිනාවෙනව.

සෑර්:- (හිනා වෙමින්) දැන් වාඩි වෙනව.... අනේ මන්ද තමුසෙව මේ කපේදි හදන්න නම් බෑ!!!!

ඔන්න ඔහොම කට්ටියම සිනා සයුරේ ගිල්ලපු අපේ අමල් මත්තයගේ... එක කාතාවක් ඉවරයි...
තව මිනිහත් එක්ක බත්මුලක් කාපු හැටි........ඒගැන ඉදිරියෙදි කියන්නම්!!!

6 comments:

Unknown said...

maxxa wade machan..!! amalaya ki ara akurasse akada..??

Unknown said...

ඔන්න මෙන්න ප්‍රින්සිපල් ඇවිල්ල නම් ලකුණු කරද්දී චිරාන් "ඉන්නවා සරි "වෙනුවට "ආව සර්" කියල අහගත්තා මතකද ? :D

ඩිලංක මහේෂ් said...

@tharindu- tnks! yaya man thama................

@Isuru-ඔය මතක තියෙන්නේ කොල්ලොන්ට....... අපේ එවුන්ගෙ වැඩ

Udaranga Wickramasinghe said...

Pattai machan.... thava liapan 13-E rasa katha...ona tharam theyanava ne :P

Kasun Fernando said...

:-) Ara paaruwe kathaawath kiyamu ne ;-)

piush said...

maraya magenui samaregenui phone 1k gnna ganan ahapu seen 1th daapan.

Post a Comment

;