චිත්ත්‍රපට ගැලරිය(Movies)


ගියවසරේ හොඳම චිත්‍රපටය ලෙස Dabangg අභිශේක ලබයි!!!!!!!!


IIFA සම්මාන උලෙළ කියනෙ බොලිවුඩ් තරු ගියවසරේදී රඟනලද චිත්‍රපට සඳහා.. ඒ කට්ටියගේ වැඩකිඩ බලන මහා සම්මාන උලෙළයි.....පසුගිය වසරේ ලංකාවේ පැවිති උලෙළ, මෙවර ජුනි 23 සිට 25 දක්වා කැනඩාවේ ටොරන්ටෝ අගනුවර උත්සවශ්‍රීයෙන් පැවතුනා............
සුපිරි බොලිවුඩ් තරු පෑයූ ඒ මනරම් රාත්‍රියේදී පසුගිය වසරේ ජනප්‍රිය චිත්‍රපට ‍රැසකට සම්මාන වලින් පිරිනැමුනා............
මේ අතර හොඳම චිත්‍රපටය,හොඳම ශබ්ද පටිගතව කිරීම,හොඳම නර්තන රචනය,හොඳම සංගීතය,හොඳම පසුබිම් ගායකයා හා ගායිකාව, හොඳම දුෂ්ඨ චරිතය හා හොඳම රූපරචනය ඇතුලු සම්මාන රාශියකට වගකියනු ලැබුවේ ,සුපිරි තරුවක්වන සල්මන් ඛාන් රඟනයෙන් දායකවූ

"Dabangg"
චිත්‍ර පටයටයි!!!!!!!!!!!

මෙහිදී හොඳම අධ්‍යක්ෂක ලෙස My Name is Khan අධ්‍යක්ෂනය කර Karan Johar හටත්!
හොඳම නළුවා ලෙසින් My Name is Khan චිත්‍රපටයේ Shahrukh Khan  හටත්!
 හොඳම නිලිය ලෙසින් Band Baaja Baaraat චිත්‍ර පටයේ Anushka Sharma ටත් හිමිවී තිබුනා....

--------------------------------------------------------------------------------------------------

 The Hobbits
මේ කියන්න යනදේ නම් ලොකු පොඩි කාටත් සතු‍ටු වෙන්න පුලුවන් News එකක්.The Lord of the Rings කතා මලාවේ සිවුවන දිගහැරුමේ movieඑක සෑදීමට පටන් අරන් ඉවරයි!.............
ඒක අහපු මයියට නම් ෆුල් happy!!! ;මොකද Lord of the Rings තමා මයියගෙ හිත අදිල ගියපු සිරාවට කිවුවොත් පට්ටම පට්ට fantasy & adventure type එකේ movie එක!
කලින් වගේම මෙම Movie එකත් හදන්න අධ්‍යක්ෂනයෙන් එකතු වෙන්නෙ, සුපිරි අධ්‍යක්ෂක Peter Jackson!!! දනට නම් මෙම movie එක නිර්මානය කිරීම පටන් අරන් එවරයි, අපිට මේක බලන්න වෙන්නෙ නම් 2012 වර්ෂයේදී තමයි.  Lord of the Rings එකේ හිටපු ගොඩක් චරිත මේකටත් ඉන්නව.ඒ අතර  දැනට වයස අවුරුදු 72කේ පසුවෙන Grandalf  ගේ චරිතයට පනපෙවූ Sir Ian McKellen එක්වෙනව!!!!!
නමුත් මේක එන්න තිබුනෙ The Lord of the Rings වලට කලින්, මොකද The Hobbits තමා මුල් කොටස මේ කතා මලාවේ!
මොකක් උනත් කලෙකට පස්සෙ  Peter Jackson සිරා වැඩක් බලා ගන්න පුලුවන් වගේ!!!!
 මෙම චිත්‍රපටයේ රූ ගත කිරීමේ පලමු දිනයේ ආරම්භක අවස්ථාව නිකුත්කර තිබෙනවා.මෙතනින් නරඹමු

මට හිතෙනව මේක ගැන පුලුල්ව කතාකරන්න,ඒකට පොඩ්ඩක් මේකෙ අතීතයට යමු!





The Lord of the Rings, The Hobbits කියල කියන්නෙJ. R. R. Tolkienවිසින් ලියපු  High fantasy,

Adventure novel,Heroic romance ගනයට අයත් story පොත් දෙකක්.The Lord Of the Rings  කියන්නෙ  The Hobbits එකෙන් පසුව නිමවුනු story එකක්, තව විදියකට කිවුවොත්  The Hobbits ‍ෆිල්ම් එක එන්න තිබ්බෙ Lord Of the Rings වලට කලින්!!!!!
හැබැයි ඊටත් කලින් මේ ලේඛකයා මේකටම වෙනමම Historyඑකක්,Legend එකක් එවගේම  language එකක් ගොඩනැගුව.රටක රජ පෙලපතක් හහනවා වගේ වෙනමම kingdom එකක් නිර්මණය කරලා තියනව. මේකට පාදක වෙලා තියෙන්නෙ මධ්‍යම පෘථුවිය හෙවත් Middle Earth එක සම්බන්ධව. ඔහු විසින් Middle Earth එක සම්බන්ධව එහි සංස්කෘතිය,භාෂාව ගැන වෙනමම පොත් රචනා කරලා තියනවා, ඒ සඳහා Elvish Dictionary පවා රචනාකරා. මේ පොත් පාදක කරගනිමින් තවත් පොත් බිහිවුනා. The Silmarillion, The Children of Húrin, The Adventures of Tom Bombadil යන පොත් ඒ අතර වුනා!!!

-------------------------------------------------------------------------------------------------

                      Puss in Boots
මෙන්න තවත් 2011 වසරේ ඒමට නියමිත සිරා movie එකක්! මේකේ ප්‍රදාන චරිතය වෙන්නේ කවුරුත් හොඳින් හඳුනන SHREK එකේ හිටිය විටක දඟකාර විටක කම්මැලි Puss!
ත්‍රාස්සයෙන්, බීතියෙන් සහ සිනහව උපරිමයට තියෙන Adventure ගනයේ ‍ෆිල්ම් එකක්!
2011 නොවැම්බරයේ 04 දින මෙම අපූර්ව 3D චිත්‍රපටය නිකුත් කිරීමට නියමිතවතිබෙනව!

මෙහි අධ්‍යක්ෂනයෙන් එකතු වන්නේ Chris Miller අධ්‍යක්ෂක වරයායි. ඉතින් තව පොඩි දවසක් ඉවසමු ඒක බලන්න!

මෙන්න පූර්ව ප්‍රචාරක පටය>>>>
;