Thursday, June 30, 2011

ගෘහ නිර්මාණ ශිල්පයට කැමති අයට ගෙවල් හදන්න....Softwear එකක්

මෙන්න තවත් සිරා සොෆ්ට්වේර් එකක් තියනව ගෘහ නිර්මාණ ශිල්පයට කැමති කට්ටියට!
3D Max ,Maya වගේ Software  වලින් කරනව වගේ මේක සංකීර්ණ නම් නෑ.....ඉතාපහසුවෙන් නිවසක අකෘතියක් සදාගැනීමටත්, ඒවාට අවශ්‍ය ගෘහ භාණ්ඩ අලුතින් සෑදීමක් නොකර...ඇතුලත් කරන්න පුළුවන් වෙනව......
ඒවගේම දොර ජ්නේල වලට අවශ්‍ය තිර රෙදි පවා අවශ්‍ය ස්ථානයට ඇද දමමින්, නිවස අලංකාර කිරීමට හැකියාව තිබෙනවා.
මෙතනින්  බාගන්න>>>>Download Sweet Home 3D

Wednesday, June 29, 2011

අපේ සෑර්, මස්සිනා එක්ක කළ උගුඩු දඩයම........


අපේ සෑර් කියන්නේ ඉතින් කථා පෙට්ටියක් කියල මම කලින්ම කිව්වනෙ.....අද Back 2 School එකෙන් අපේ සෑර් ට වෙච්ච ඇබැද්දියක් ගැන කියන කථාවක්. දවසක් සෑර්ගෙ ගමේ විස්තරයි,ඉස්සර කාලේ ගැනයි හෙන ටෝක් එකක් දීගෙන හිටියෙ...
මේකට අසරණ උගුඩුවෙකුත් ගෑවුනු කතාවක්........

ඉතින් සෑර් ඒවෙලාවෙ මස්සිනා ගැන කථා කරකර ඉන්නකොට සෑර්ට මතක් උනා මේක කියන්න.

Tuesday, June 28, 2011

Ebooks නැරඹීමට,ලබා ගැනීමට MartView Download කරගමු!!!!!!!!

E-books කියල කියන්නේ අන්තර්ජාලය බාවිතා කරන්නන් අතර විවිධ තොරතුරු ලබාගැනීමට ඇති අවස්ථාවක්!
ඒ අතර සඟරා, ලිපි, නව කථා ද වැදගත්  වෙනව..මේ සියල්ල අප විසින් අන්තර්ජාලයෙන් ලබාගත් විට ඒවා ඇත්තේ බොහෝවිට PDF Files ලෙස වේ!
එම ලබාගත් ‍files පහසුවෙන්,ඒ වගේම සිත් ඇදගන්නා ආකාරයෙන් නැරඹීමට  මෘදුකාංගයක් ලෙස MartView නම් දරා සිටිනවා!!!!



 
මේතනින් බාගන්න>>>> Download MartView Here


මෙහිදී පොතක පි‍ටු පෙරලා බලන ආකාරයට තමාගේ E-books ‍file එක, සඟරාව මෙය හරහා අලංකාර ලෙස නැරඹිය හැක. තවද  මෙහිදී ඩොව්න්ලෝඩ් E-books මගින් අන්තර්ජාලය ඇති අවස්ථාවක පහසුවෙන් එබූක්ස් ලබාගතහැක. එහිදී විවිධ කාණ්ඩ යටතේ E-books තේරිය හැක!
මෙමගින් E-books එකක් සාදා ගැනීමටත් එය Upload කිරීමටත් පහසුකම තියනවා.......
MartView පරිගනකයේ ස්ථාපනය කොට විවෘත කලවිට දක්නට ලැබෙන  MartView user guide තුලින්  MartView බාවිතා කරන ආකාරය දැනගත හැක!!!!!!!!

සිංහලෙන් ටයිප් කරන්න ලේසිම ක්‍රමය....Singreesi Unicode

සිංහල බ්ලොග් කරනයේදී බ්ලොගර් හිමිකරුවාට තමා විසින් ලියන ලිපි සිංහලෙන් ලිවීමට සිදුවේ. එවැනි අවස්ථාවක සිංහලෙන් ලිපි ලිවීම සාමාන්‍ය අයුරින් එනම් විජේසේකර යතුරු පුවරුව බාවිතයෙන් ලිවීම තරමක් අසීරුය!
මෙයට පිලිතුරක් ලෙස මොර‍ටුව විශ්වවිද්‍යාලයෙන් "Singreesi" Unicode නම් මෘදුකාංගයක් මගින් පහසුවෙන් සිංහලෙන් ලිවීමට හැකියාව පවතී.
උදාහරණයක් ලෙස ,

"mayiyaa" ලෙස සිංලිශ් වලින් ලිවූවිට.....
ඊට ඉහලින් ඇති කො‍ටුවේ සිංහලෙන් "මයියා" ලෙස ලියවේ.

Singreesi Unicode software මෙතනින් ඩොව්න්ලෝඩ් කරගන්න!!!!>>> Download Singreesi Unicode software

Monday, June 27, 2011

අපේ කොල්ලො බල ලකුණු කර හැටි!!!


මේක අපේ A/L දවස්වල එහා පන්තියේ කොල්ලො දෙතුන් දෙනෙකුට වෙච්ච පොඩි සිද්ධියක්! ,ඒත් මයියට කවුද කියල නම් මතක නෑ........
 එහා පන්තිය භාර වෙලා තිබුනේ pysics කරන අපේ මුණසිංහ සර්ට! ඕක කෙටි වෙලා "මු_" කියල තමා ප්‍රචලිත!!.

ඔන්න එදා ඒවෙලාවෙ උන්ට තිබුනෙ physics, ටිකක් වෙලා පාඩම කරල එහෙම ,සෑර් ගානක් දීල යන්න ගිහිල්ල තියනව. ඔයාල දන්නේ නැති උනාට මුණසිංහ සෑර්ට පොඩි පොඩි වැඩ තිබුන.
අපේ එවුත් ඉතින් දඩි බිඩි ගාල ඉවරවෙලා පෝඩ්ඩක් පන්තියෙන් එලියට යන්න තමා ආසාව! ඔහොම වැඩටික එවරවෙලා අපෙ කොල්ලො දෙතුන් දෙනෙක් ගියා පොඩ්ඩක් එලියට වතුරටිකක් බොන්නද කොහෙද...මුන් ගියා ගියාමයි එන පාටක් නැ!
ඔය අතරෙ ඒ දවස්වල ඉස්කෝලෙට විද්‍යාපීට වලින් අලුත්, වැඩි වයසක් නැති මිස්ල ටිකක් ඇවිත් හිටිය...කරුමෙ කියන්නෙ ඒ ටිකත් ඒවෙලාවෙ ඒහරියෙ කරක් ගහල හිටියෙ! අන්න ඒකයි අපේ එවුන් පොඩ්ඩක් පරක්කු.....
ඔහොම ටිකක් වෙලා අපේ එවුන් එතන බලාගෙන හිටිය! කොහේද මුන්ට ඒවෙලාවෙ සිහියත් නෑනේ! මුන් දැක්කෙ නෑ සෑර් ලඟට එනකම්!
සෑර් ලඟට ඇවිත් කියපි මෙන්න මෙහෙම..............

සෑර්:- "මොකෝ.... තමුසෙල එකතුවෙලා අර මිස්ලගෙ ඇඟේ බල ලකුණු කරනවද"

උන්ට කට උත්තර නැතිඋනා සෑර් අහපු ප්‍රශ්නෙට..වසලැජ්ජාවයි!
උන්ටික හිනා වෙවී දඩිබිඩිගාල උන්ටික පන්තියට දිව්ව  ලැජ්ජාවටත් එක්ක!.............

Dabangg ගියවසරේ හොඳම චිත්‍රපටය ඇතුලුව සම්මාන 10කින් අභිශේක ලබයි!!!!!!!!

IIFA සම්මාන උලෙළ කියනෙ බොලිවුඩ් තරු ගියවසරේදී රඟනලද චිත්‍රපට සඳහා.. ඒ කට්ටියගේ වැඩකිඩ බලන මහා සම්මාන උලෙළයි.....පසුගිය වසරේ ලංකාවේ පැවිති උලෙළ, මෙවර ජුනි 23 සිට 25 දක්වා කැනඩාවේ ටොරන්ටෝ අගනුවර උත්සවශ්‍රීයෙන් පැවතුනා............
සුපිරි බොලිවුඩ් තරු පෑයූ ඒ මනරම් රාත්‍රියේදී පසුගිය වසරේ ජනප්‍රිය චිත්‍රපට ‍රැසකට සම්මාන වලින් පිරිනැමුනා............
මේ අතර හොඳම චිත්‍රපටය,හොඳම ශබ්ද පටිගතව කිරීම,හොඳම නර්තන රචනය,හොඳම සංගීතය,හොඳම පසුබිම් ගායකයා හා ගායිකාව, හොඳම දුෂ්ඨ චරිතය හා හොඳම රූපරචනය ඇතුලු සම්මාන රාශියකට වගකියනු ලැබුවේ ,සුපිරි තරුවක්වන සල්මන් ඛාන් රඟනයෙන් දායකවූ

"Dabangg"
චිත්‍ර පටයටයි!!!!!!!!!!!

මෙහිදී හොඳම අධ්‍යක්ෂක ලෙස My Name is Khan අධ්‍යක්ෂනය කර Karan Johar හටත්!
හොඳම නළුවා ලෙසින් My Name is Khan චිත්‍රපටයේ Shahrukh Khan  හටත්!
 හොඳම නිලිය ලෙසින් Band Baaja Baaraat චිත්‍ර පටයේ Anushka Sharma ටත් හිමිවී තිබුනා....

Sunday, June 26, 2011

" හ්හ්හ්... අයිසේ..... සොයිසටවත් බෑ...... මගේ පේපරයකට...ස්ස්ස්සීයක් ගන්න....."


මේවෙනකොට අපි A/L පන්තියට ඇවිත් අවුරුද්දක් විතර වෙනව! දැන් මේවාරයේ විභාගෙත් අතලඟ. ඉතින් කෂ්ටියම පාඩ්ම් කරනව ජමරෙට, ඒවගේම ඉස්කෝලේ පහුගිය අවුරුදු වල තිබුන ප්‍රශ්න පත්තර හෝගාල කරනව...
ඉස්කෝලෙ පේපරේට හොඳට ලියන්න නම් පේපරේ හදන කෙනා කවුද කියල දැන ගන්න ඕන, ඉතින් කාටත් ප්‍රශ්නයක් වෙලා තිබුනෙ කවුද මේ සැරේ applied පේපරේ හදන්නේ කියල. ඔහොම ඉන්නකොට දැනගන්න ලැබුන කොල්ලොන්ගේ මයිල් ස්මයිල් වෙන නිවුස් එකක්!
මෙදා සැරේ අප්ප්ලීඩ්ඩ් එක හදන්නෙ අපේ applied චක්‍රවර්ති නිමලරත්න මයා කියල.
කොල්ලොටික පේපරේට තියන ආසාව හිතෙන් අත්හැරගත්ත....,
ඒ මොකද කියල පොඩි නිධාන කතාවකින් කියන්නම්!

මයියගෙ සටහනේ 13වෙනි දිනට බ්ලොගය නැරඹූ වාර ගනන දහස එක්මවා යයි!!!!!!!!

මයියගෙ සටහන පටන් අරන් අදට දින 13 ක් උනා....ඒ සුලු කාලයක් තුලදි මයියගෙ බ්ලොග් එක ගොඩක් අය නැරඹුව,කොමෙන්ට් කරා මයියට ගට දුන්න!
ඒකේ ප්‍රතිඵලයක් හැටියට 2011.06.26 දින දක්වා මයියගෙ බ්ලොග් එක බලපු වාර ගනන දහස(1040) ඉක්මවා ගියා.......................
මේදේ කරන්න සහය දීපු ඔයාලට ගොඩක් තුති!!!!!!!!
ඒකනිසා තව හොඳ සටහන් මයිය ඉදිරියේදි ඔයාලට එවනව කියල පොරොන්දු වෙනව!!!!

Saturday, June 25, 2011

මේ.....ඕ....යි ඔය හතද මනුස්සයො......!


මම කලිනුත් කිවුවනේ ඉස්කෝලේ A/L කාලේ කියන්නේ සිරාම වගේම පිස්සුම කාලේ කියලා.මෙන්න මේ සිද්ධියත් ඒකාලේ වෙච්ච එකක්. මේකත් උනේ අපේ පන්තියේ!
අපේ පන්තියේ හිටියේ ටිකක් ආතල් පොරවල් ටිකක්,එයින් එකෙක් තමා අපේ අමල්.මෑන්ව දන්නේ අමල් මහත්තය නැත්තම් අමල් අයිය කියලා. ඔය "මහත්තය" කියන කෑල්ල කොල්ලොන්ට පුරුදු කරෙත් ඌ තමා, ඒ වගේම ඔය "අයිය" කියන එකත්. මිනිහ කාටහරි කතා කරන්න ගියහම ඔය කෑලි දෙක නමේ අගට දාල තමා කතා කරන්නේ. උදා:- නාලක අයියෙ, නාලක මහත්තයො....................

ඔන්න දවසක උදේම කට්ටය බුදුන් වැඳලා සෑර් එනකන් හෙන කයිය වල් ගහගෙන හිටිය. ඒත් සෑර් අද ආවෙනෑ, ඒවෙනුවට පන්තයට ආවෙ අපේ Chemistry කරන සිල්ව සෑර්. ඉතින් නාමලේඛණයත් අරන් පන්තිය ඇතුලට ආව!......

Friday, June 24, 2011

ලොවෙත් නැති වැසිකිළි සංකේත!!!

එදිනෙදා ජීවිතේදී මිනිසුන්ට නැතිවම බැරි ස්ථානයක් තමා වැසිකිළිය කියල කියන්නේ. ඒවගේම අපිට මගතොටේදි සමහර අවථාවල ඇතිවන අපහසුතා වලදි, යම් යම් ස්ථානවල වැසිකිළි ඉදිකරල තියනව. ඒවායේ ගෑනු කට්ටියටයි, පිරිමි කට්ටියටයි වෙන් කිරීමට ලෝකේ තිබෙන විවිධ රටවල් විවිධ සංකේත බාවිතා කරනවා! ඔය තියෙන්නේ ටිකක් වෙනස් තාලයේ සංකේත ඉතා ස්වල්පයක් විතරයි!
මොකද ගොඩක් ඒවා පෙන්නීමට සුදුසු තත්වයේ නැති නිසා!!!!!!!!!!!!!!!!!!!

අයිසේ! තමුසෙට පිස්සු!! නැත්තම් මට පිස්සු!!!



මේකියන්න යන සිද්ධිය උනේ මයියල ඉස්කෝලේ A/L පන්තිවල ඉන්නකොට මයියගෙ පන්තියෙ හිටිය කොල්ලෙකුට වෙච්ච ඇබැද්දියක් ගැන!
ඉස්කෝලේ සුන්දරම ඒවගේම ආතල් වලින් පිරිච්ච කාලේ තමයි A/L කාලේ, ඒකට අපේ පන්තියෙ හිටිය සෙට් එකත් මරේ මරු!ඒවගේම අපේ පන්තිය බාර සෑර් අපිට සෙට් වුනු කියාපු සෑර්,සෑර්ගෙ අනුවර්ථ නාමය තමයි මැ_ _ . හැමදාම කතාවක් දෙකක් වරදින්නේ නෑ.ඒනිසා සෑර්ගෙ පීරියඩ් එකේදි අපි මැත විතරක් නෙමේ ඉගෙනගත්තේ; විද්‍යාව, සමාජ අධ්‍යනය,ඉතිහාසය,භූගෝලය, දාර්ශණවාදය, ජීව විද්‍යාව වගේ තව එකී නොකී ගොඩක් විෂයන් ඉගෙනගත්ත.ඔය ඇති පොඩ්ඩක් වටපිටාවගැන, දැන් ස්ටොරියට එන්ටෙර් වමු!....

ඇඳක අසිරිය!!!


මෙන්න සිරා ඇඳ පොඩ්ඩක් තියනවා! හහහර්ර්ර්ර් හොඳ පොඩ්ඩ!
කාමරයේ ගොඩක් ඉඩ ඉතුරු වෙනව වගේම කාමරයට ලොකු අලංකාරයකුත් ලැබෙනව!
අනික ගෙදර උන්දෙත් එක්ක පොඩි වලියක් ගියදාට බිම නිදිය ගන්න එකත් නැතිවෙනවනේ!!!
මයියත් බැලුවෙ මේවගේ එකක් ගන්න කියල, පොඩි පොෂ් පෙනුමකුත් එනවනේ!

Thursday, June 23, 2011

SHREKහි රඟන Pussගේ නවතම චිත්‍රපටය "Puss in Boots"!


                      Puss in Boots
මෙන්න තවත් 2011 වසරේ ඒමට නියමිත සිරා movie එකක්! මේකේ ප්‍රදාන චරිතය වෙන්නේ කවුරුත් හොඳින් හඳුනන SHREK එකේ හිටිය විටක දඟකාර විටක කම්මැලි Puss!
ත්‍රාස්සයෙන්, බීතියෙන් සහ සිනහව උපරිමයට තියෙන Adventure ගනයේ ‍ෆිල්ම් එකක්!
2011 නොවැම්බරයේ 04 දින මෙම අපූර්ව 3D චිත්‍රපටය නිකුත් කිරීමට නියමිතවතිබෙනව!

මෙහි අධ්‍යක්ෂනයෙන් එකතු වන්නේ Chris Miller අධ්‍යක්ෂක වරයායි. ඉතින් තව පොඩි දවසක් ඉවසමු ඒක බලන්න!

මෙන්න පූර්ව ප්‍රචාරක පටය>>>>

අවාසනාවට ඇත්ත කතාවක්!


අවාසනාවට ඇත්ත කතාවක්! 1

වාසනාවට ඇත්ත කතාවක් තුලින් මයිය කියන්න යන්නෙ මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට එයාලගෙ නැති කරගන්න ඕන වරදි අදහස්, ඒවගේම ක්‍රියා ගැන!
පලවෙනි කතාව මයියට ලැබුනු අත්දැකීමක් ඇසුරෙන් තමයි!

මේ සිද්ලිමන්ට් එක උනේ මයිය ලංකාවෙ තිබෙන කැම්පොස් එකකට අහම්බෙන් ගියපු වෙලාවෙ. කැම්පොස් එකේ නම ගම ඉතිං කියන්න බෑ, ඒක කැම්පොසියට හොඳ නෑනේ! ඔන්න මෙහෙමයි උනේ!

Wednesday, June 22, 2011

Free Hosting කරන්න නම් "10hosting"!!!!

2.Free Hosting කරමු!

බ්ලොගරයක් හා වෙබ් අඩවියක් ආරම්භ කිරීම! කියල ලියපු මයියගෙ පළවෙනි ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබුනා!
ඒකනිසා මයිය හිතුව ඊලඟ එකත් ඉක්මනට ලියන්න, අද කියන්න යන්නෙ ‍Free Hosting කරන්න පුලුවන් එකක් ගැන!

මයිය පහුගිය කාලේ ගොඩක් ඕක ගැන හෙවුවා, ඒත් ඔක්කොම තියෙන්නෙ මුදල් ගෙවල කරන ඒව!, ඒත් google search කොරනකොට මයියට සෙට් උනා සිරාවටම වෙබ් හොස්ටින් කරන්න පුලුවන් 10hosting කියන site එක......

Tuesday, June 21, 2011

අම්බලන්ගොඩින් අවසන් කොච්චියේ කොලඹ යන්න හැදූ අපේ මිතුරා!!!!

අම්බලන්ගොඩින් අවසන් කොච්චිය!

ථා පෙට්ටිය කියන්නෙ පොඩ්ඩක් ඔය ඕපයක් දෙකක්, රසවත් සිදුවීමක්,පාසල් කාලයේ අත්දැකීම් එහෙම කෂ්ටියත් එක්ක බෙදාගන්න තියන ළිඳලඟ සංගමය කිවුවොත් හරියටම හරි!!!
ඉතින් හා හා පුරා කියල මේ ලඟදි සිද්ධ වෙච්ච පොඩි සිද්ධියක් ඔයාලට කියන්නම්!.මේක වුනේ කැම්පොස්යන අතරතුර.
මේකට සම්බන්ද කෙනාගෙ නම සඳහන් කරන්න නම් බැරිකමක් නෑ, ඒත් මෑන් මේක දැක්කොත් මට විසුමක් නෑ! එක නිසා මෑන්ව A කියල අමතන්නම්.(ඇත්තම නමේ මුල් අකුරත් A තමා!).......

බ්ලොග්කරණය හා වෙබ් අඩවි නිර්මාණය ආරම්භය!

1.බ්ලොගරයක් හා වෙබ් අඩවියක් ආරම්භ කිරීම!

යියට හිතුන emoney ගැන දන්න දේවල් ඔයලා සමග බෙදාහදා ගන්න,ඒවගේම නොදන්න දේවල් ඔයාලගෙන් අහගන්න! ඉතින් මේ සේරම දේවල් කරන්න පුලුවන් වෙන්නේ ඔයාලගෙ සහය එක්ක තමා!
මේ subject එකට එන්න කලින් අපිට කරගන්න දේවල් ටිකක් තියනව! මෙහෙම කියනකොට එපාවෙනව වගේ :( නමුත් යම් දෙයක් සාර්ථක කරගන්න තියනවා නම් ටිකක් ඉවසන්න වෙනව!
ඉතින් අපි මුලසිට මෙකට සෙට් වෙමු,එතකොට අවුලක් නැනේ! :-) ........

මයියාගේ බතලේගල සවාරිය!

යියට ගිය සතියෙ ආතල් පහේ ට්‍රිප් එකක් සෙට් උනා, ඒක මයියල කැම්පොසියට අවිත් ගියපු හතරවෙනි ට්‍රිප් එක!
මයියල ගියේ පේරෙයි,මළිගාවටයි,බතලේගලටයි! මේකේ මුල් දෙක නම් ඉතින් ඔයගොල්ලො පට්ට ගහල අතිනෙ,මේ කියන්න යන්නෙ බතලේගල කන්දෙ සවාරිය ගැන..............

Thursday, June 16, 2011

Channel 4 විගඩම හා කෙටි චිත්‍රපටය!

සර 30කට පසුව,අප රට වෙලා තිබූ LTTE ත්‍රස්තවාදයට ආයුබෝවන් කියල මෙම වසරට අවුරුදු 3 ක් වෙනව, ඒක අපේ රටේ ඉන්න ජනතාවට මහමෙරක් වගේ!
මේකේ සියලුම ගෞරවය හිමිවිය යුත්තේ, අපේ රටේ සිටින, ලෝකේ අංක එකේ විනය ගරුක, වීරෝදාර රණවිරුවානනි ඔබටයි!!!
එහෙත්  මෙම ලෝකේ තිබෙන බලලෝබීත්වය,කුහකකම සහ අමනුශිකත්වයෙන් පිරීගිය ලෝකේ දියුනුයැයි සලෙකෙන විලිලජ්ජිත රටවල් කිහිපයකට එම මානුෂිකමෙහෙවුම, ඔවුන්ගේ පීඩිත පපුවට අනිනා කිනිසි පහරවල් වනිය.
ඔවුන්ට අවශ්‍ය වන්නේ මැරුනු LTTEට දියබිඳක් දී යලි අවුලුවා අපගේ මාතෘ භූමිය අස්ථාවර කිරීමය.Channel4 යනු එම පරපීඩිත මිනිසුන්ගේ එක් තුරුම්පුවකි! එම පුද්ගලයන් දනගතයුතු කරුනක් වන්නේ,කොපමන කොල හන්ගා ගැසුවත් එම  තුරුම්පුවට නම් කිසිම වටිනා කමක් නොමති බවයි!
දැනට ලෝකයේ සිදුකරන ලද විශාලතම මුදවාගනීමේ මෙහෙවුම සිදුකරන ලද්දේ අපගේ රණවිරුවන්ය.එදා තමගේ ජීවිතය නොතකා තමාගේම දමිල සහෝදර සහෝදරියන් එම මිලේජ්ඡ ත්‍රස්තවාදීන් ගෙන් මුදවා ගනීමට නදිකඩාල් කලපුවේ සිදුකර මෙහෙවුම, Channel4 ලට පෙනෙන්නේ මොකක් වැනිද?
 ලෝකේ දියුනුම තාක්ෂණයෙන් හා අවි වලින් පිරි ඇමරිකාව,බ්‍රිතාන්‍ය හමුදා හට අපගේ හමුදාවන් සිදුකරවු මෙහෙවුම් අතිශය අබියෝගයක් වනු නොවනුමානය!
කිමද, ඇමරිකාව,බ්‍රිතාන්‍ය හමුදා හටසිටිනුයේ ලැබූ ඉලක්කයකටවත් වෙඩිතබා ගත නොහැකිව,අසරණ ඇෆ්ගන්,ඉරාක හා ලිබියා සාමාන්‍ය ජනයා පවා සමූලඝාතනය කරමිනි!
එම සාපරාදී ක්‍රියා වලට LTTEයට කත් අදින්නාවු බ්‍රිතාන Channel4හෙන්චයියලාට ඒවා පෙනෙන්නේ බෝධි පූජා කියාය.
මුලින්ම  අෆ්ගනිස්ථානය ඉන්පසුව ඉරාකය දැන් ලිබියාව, මෙසේ රටවල් හරහා නේටෝව දියත් කරමින් එම රටවල ආන්ඩුවත්,ජනතාවත් අතර ඇති බැදීම බිඳදමමින් එවා අස්ථාවරයට පත්කර තෙල් සම්පත් වැනි රටවල සම්පත් අල්ලාගනීමටය! ඒ සඳහා ඔවුන් ඔනෑම කැපකිරීමකට සූදානම්ය!
මියගිය ත්‍රස්තවාදී නායෙකුගේ දේහයට, චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදුකරවූ ආකාරයෙන්,අපගේ රටට යිමිවන්නේ ඉහල ගෞරවයකි!, එය ඇමරිකාව ඔසාමා බිල්ලාඩන්ගේ සිරුරට කල නින්දිත ක්‍රියවට මරුපහරකි!
එවන් උතුම් හමුදාවක් සිටිනාවූ අප රටෙහි යුධ අපරාධ සිදු වුනේ යැයි පවසීම, හතර විලි ලැජ්ජානැති ක්‍රියවකි!!!
ඇමරිකාව,බ්‍රිතාන්‍ය හට පැවසිය යුතු දෙයක් ඇත!
නුඹලා තලන්නේ හැමදාමත් තැලෙන රත්වූ යකඩෙමය,නමුත් නුඹලා නොදන්නා දෙයක් ඇත;කිමෙක්ද එම යකඩයට පන්නරය ලැබෙනවා මිස බාල වීමක් සිදුනොවේ!!!
අපි සිංහල ජාතියයි,උන් කිසිදා පසු නොබසී! බ්‍රිතාන්‍ය හට නම් එය, අපගේ ජාතික වීරවරුන් මැනවින් පසක් කරදුනි!
තවද, අපගේ ජාතික කොඩියේ සිටිනුයේ මීයෙක් නොව කඩුවක් අතැතිව ඇති කේශර සිංහයෙකි,එහි ඇත්තේ අපගේ එඩිතරකම,වීරිය මිස නුඹලාගේමෙන් බියගුලු කම නොවේ!!!
ඇමරිකානුවනි!, බ්‍රිතාන්‍යයනි!
අපි ලංකා මෑනීන්ගේ දරුවෝ වෙමු,අප කිසිදා නැසිය
 නොහැක!!!!!

මේ ගැන විස්තර බලමු BBC News වල

Tuesday, June 14, 2011

The Hobbits
මේ කියන්න යනදේ නම් ලොකු පොඩි කාටත් සතු‍ටු වෙන්න පුලුවන් News එකක්.The Lord of the Rings කතා මලාවේ සිවුවන දිගහැරුමේ movieඑක සෑදීමට පටන් අරන් ඉවරයි!.............
ඒක අහපු මයියට නම් ෆුල් happy!!! ;මොකද Lord of the Rings තමා මයියගෙ හිත අදිල ගියපු සිරාවට කිවුවොත් පට්ටම පට්ට fantasy & adventure type එකේ movie එක!!!!!!!!!!!!!

Monday, June 13, 2011

මේ පොසොන් සතියයි!


 2600 වන බුද්ධජයන්තිය මේ වසරේ යෙදී තිබෙනව.එනිසා ලබන 15වනදාට යෙදීඅති පොසොන් පුරපසොලොස්වක පෝ දිනය වෙනුවෙන් අපිත් පිලිවෙතින් පෙලගැසෙමු!!!

මයියාගේ සටහන්

හාහා පුරා කියලා මයියට බ්ලොග් එකක් ලියන්න කියලා හිතුන.ඉතින් මට හිතුන මෙකට ''මයියාගේ සටහන්'' කියල දාන්න, ඔනමදේකට නිධාන කතාවක් තියනවනේ අපේ කොල්ලො මට තියපු  නම තමා ඕක.

අපේ කොල්ලොත් හරි හරියට බ්ලොග් ලියන්ට පටන් අරන් තිබුන,එන පොට හරියන්නෙ නෑ කියල මාත් බැස්ස වැඩේට මට මේ සිද්දිය ගැන සිරාවටම  නොලේජියක් තිබුනෙ නෑ මම හිතුවෙ ෆුල් සීරියස් කියල ,බුට්මෙක එච්චරම අවුලක් උනේ නම් නැ. හැබැය් පුතේ මම පොර ටෝක් දුන්නට මම ඔස්තාර්  කෙනෙක් නම් නෙමේ!වෙබ් ඩෙසිග්න්ගැන ඉගෙන ගන්න ආසාව ආවෙ මේ එක්කම තමා, ඒවට නම් ඉතින් Ebooks පිහිට තමා.
;