Tuesday, June 21, 2011

බ්ලොග්කරණය හා වෙබ් අඩවි නිර්මාණය ආරම්භය!

1.බ්ලොගරයක් හා වෙබ් අඩවියක් ආරම්භ කිරීම!

යියට හිතුන emoney ගැන දන්න දේවල් ඔයලා සමග බෙදාහදා ගන්න,ඒවගේම නොදන්න දේවල් ඔයාලගෙන් අහගන්න! ඉතින් මේ සේරම දේවල් කරන්න පුලුවන් වෙන්නේ ඔයාලගෙ සහය එක්ක තමා!
මේ subject එකට එන්න කලින් අපිට කරගන්න දේවල් ටිකක් තියනව! මෙහෙම කියනකොට එපාවෙනව වගේ :( නමුත් යම් දෙයක් සාර්ථක කරගන්න තියනවා නම් ටිකක් ඉවසන්න වෙනව!
ඉතින් අපි මුලසිට මෙකට සෙට් වෙමු,එතකොට අවුලක් නැනේ! :-) ........


මෙකට මුලින්ම තමාටම කියල බ්ලොග් එකක් හරි,වෙබ් අඩවියක් හරි ඕන වෙනව,මොකද මේ සම්බන්ධව යම් යම් දේවල් publish කරන්න.  ads,banners,torrents files වගේ දේවල් ඒඅතර තියනව.
බ්ලොග් එකකට නම්,
1.Blogger,
2.Wordpress ,
වගේ සේවා සපයන ආයතන තමයි ප්‍රසිද්ධ,එවගේම විශ්වාසවන්ත. 


1.Blogger
blogger එක හරහා ඉතා පහසුවෙන් තමාට රිසි පරිදී අලංකාර බ්ලොගරයක් සාදා ගැනීමට පුලුවන්.ඒ සඳහා එම වෙබ් අඩවියට පිවිසි විට පියවරෙන් පියවර ඔයාලට බ්ලොග් එක හදා ගන්න පුලුවන්.තවද මේසඳහා ඔබට Gmail ගිනුමක් සාදාගත යුතුය, නොමැතිනම් බ්ලොගරය සදාගන්නා කිසියම් පියවරකදී එය සෑදීමට හැකිවනු ඇත.


2.Wordpress
බ්ලොගර් ලියන්නන් අතර ප්‍රචලිත සේවාවක් වන මෙය දැන් සිංහලෙන්,දෙමලෙන් හා ඉංග්‍රීසියෙන් යන භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය කිරීමට පිලිවන. සිංහලෙන් වර්ඩ්ප්‍රෙස් ආරම්භ කිරීම,කෙලින්ම වර්ඩ්ප්‍රෙස් site එකට ගිහින් බ්ලොග් එකක් ඉංග්‍රීසියෙන් හදනවා වගේනෑ! එකට Hosting account එකක් සමග Online Database  එකක් හදල ඒහරහා තමයි ආරම්බ කරන්න වෙන්නෙ! එකනම් ටිකක් විතර අවුල් :( .
බයවෙන්න එපා මම ඉදිරියෙදි කියන්නම් ‍free Hosting එකක් හදා ගෙන cpanal හරහා site එකක් හදන හැටි :) . මේ සඳහා අවශ්‍ය බ්ලොග්කරණ මෘදුකාංගය, සිංහලෙන් වර්ඩ්ප්‍රෙස් හරහා නොමිලේ ඩොව්න්ලෝඩ් කරගත හැක!

2 comments:

අංජන (Anjana) said...

හොද වැඩක්. දිගටම කරගෙන යන්න. freelancing හරහා සාමාන්‍යයෙන් හොද ගානක් හොයා ගන්නත් පුළුවන් වෙබ් අඩවි නිර්මාණයෙන්. ඉස්සරහට වැඩේ සාර්ථක කරගන්න උණුසුම් සුභ පැතුම්.ඒ එක්කම බ්ලොග්කරණයට සාදරයෙන් පිළිගන්නවා.

ඩිලංක මහේෂ් said...

බොහෝම ස්තූතියි සර්! මට දක්වන සහයෝගයට, දිගටම කරගෙන යන්න මේක හොඳ පි‍ටුවහලක් වෙවි!!!!

Post a Comment

;