Emoney ගැන සිංහලෙන් කතා කරමු!





1.බ්ලොගරයක් හා වෙබ් අඩවියක් ආරම්භ කිරීම!

යියට හිතුන emoney ගැන දන්න දේවල් ඔයලා සමග බෙදාහදා ගන්න,ඒවගේම නොදන්න දේවල් ඔයාලගෙන් අහගන්න! ඉතින් මේ සේරම දේවල් කරන්න පුලුවන් වෙන්නේ ඔයාලගෙ සහය එක්ක තමා!
මේ subject එකට එන්න කලින් අපිට කරගන්න දේවල් ටිකක් තියනව! මෙහෙම කියනකොට එපාවෙනව වගේ :( නමුත් යම් දෙයක් සාර්ථක කරගන්න තියනවා නම් ටිකක් ඉවසන්න වෙනව!
ඉතින් අපි මුලසිට මෙකට සෙට් වෙමු,එතකොට අවුලක් නැනේ! :-)

මෙකට මුලින්ම තමාටම කියල බ්ලොග් එකක් හරි,වෙබ් අඩවියක් හරි ඕන වෙනව,මොකද මේ සම්බන්ධව යම් යම් දේවල් publish කරන්න.  ads,banners,torrents files වගේ දේවල් ඒඅතර තියනව.
බ්ලොග් එකකට නම්,
1.Blogger,
2.Wordpress ,
වගේ සේවා සපයන ආයතන තමයි ප්‍රසිද්ධ,එවගේම විශ්වාසවන්ත. 


1.Blogger
blogger එක හරහා ඉතා පහසුවෙන් තමාට රිසි පරිදී අලංකාර බ්ලොගරයක් සාදා ගැනීමට පුලුවන්.ඒ සඳහා එම වෙබ් අඩවියට පිවිසි විට පියවරෙන් පියවර ඔයාලට බ්ලොග් එක හදා ගන්න පුලුවන්.තවද මේසඳහා ඔබට Gmail ගිනුමක් සාදාගත යුතුය, නොමැතිනම් බ්ලොගරය සදාගන්නා කිසියම් පියවරකදී එය සෑදීමට හැකිවනු ඇත.


2.Wordpress
බ්ලොගර් ලියන්නන් අතර ප්‍රචලිත සේවාවක් වන මෙය දැන් සිංහලෙන්,දෙමලෙන් හා ඉංග්‍රීසියෙන් යන භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය කිරීමට පිලිවන. සිංහලෙන් වර්ඩ්ප්‍රෙස් ආරම්භ කිරීම,කෙලින්ම වර්ඩ්ප්‍රෙස් site එකට ගිහින් බ්ලොග් එකක් ඉංග්‍රීසියෙන් හදනවා වගේනෑ! එකට Hosting account එකක් සමග Online Database  එකක් හදල ඒහරහා තමයි ආරම්බ කරන්න වෙන්නෙ! එකනම් ටිකක් විතර අවුල් :( .
බයවෙන්න එපා මම ඉදිරියෙදි කියන්නම් ‍free Hosting එකක් හදා ගෙන cpanal හරහා site එකක් හදන හැටි :) . මේ සඳහා අවශ්‍ය බ්ලොග්කරණ මෘදුකාංගය, සිංහලෙන් වර්ඩ්ප්‍රෙස් හරහා නොමිලේ ඩොව්න්ලෝඩ් කරගත හැක!

------------------------------------------------------------------------------------------------------------
3.Cpanal බාවිතයෙන් wordpress සිංහල බ්ලොග් එකක් සෑදීම(How to make a wordpress sinhala blog using cpanal)
නොමිලේ බ්ලොග් සපයන්නන්ගෙන් wordpress වලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක් ,මන්දයත් මෙමගින් සිංහල බ්ලොගයක් පහසුවෙන් සාදාගතහැකි නිසාය.නමුත් මේක මයියට හරියට කරගන්න ගොඩක් මහන්සි උනා. මොකද මේකට hosting account එකක් පවා අවශ්‍ය වෙනව. මයිය කලින් පොරොන්දු උනා වගේ wordpress සිංහල බ්ලොගයක් සාදන ආකාරය පියවරෙන් පියවර රූපසටහන් සහිතව කියල දෙන්නයි මේ හදන්නෙ!

මුලින්ම 10xhosting එකෙන් hosting account එකක් සාදාගතයුතුය.ඒසඳහා Free Hosting කරන්න නම් "10hosting"!!!! වෙත පිවිසෙන්න.


1).10xhosting සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක්(database) සෑදීම.
 දැනටමත් සදාඇත්නම් එයට log වන්න...................










---------------------------------------------------------------------------------


















 -------------------------------------------------------------------------------

















 -----------------------------------------------------------------------------------











 -------------------------------------------------------------------------------------





 --------------------------------------------------------------------------------------


 ----------------------------------------------------------------------------------------










 ---------------------------------------------------------------------------
 2).wordpress  ගොනු සැකසීම.
මේසඳහා wordpress 2.8.5 බාවිතාකරන අතර එය wordpress මගින් ලබාගතහැක.>>>මෙතනින්
ලබාගත් wordpress නිකුතුව unzip කරන්න.



----------------------------------------------------------------------------------------------------


----------------------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------------------
සංස්කරණය කරනලද wordpress ගොනුව යලි zip කරන්න. මන්දයත් එමගොනුව upload කිරීමට අඩු දත්ත ප්‍රමානයක් වැයවෙන නිසාය.
(7.94mb>>>2.48mb)
 --------------------------------------------------------------------------------
.3). වොර්ඩ්ප්‍රෙස්ස් ගොනු, සර්වරයට ඇතුලත් කිරීම
-------------------------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------------------

----------------------------------------------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------------
4).වොර්ඩ්ප්‍රෙස්ස් ආරම්භය


---------------------------------------------------------------------------------------------------

----------------------------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------------------------------



-----------------------------------------------------------------------------
ඔන්න බ්ලොගය හදල ඉවරයි!!!
මෙය එක ක්‍රමයක් විතරයි, තවත් ක්‍රම ගොඩක් තියනව!
Cpanal බාවිතයෙන් wordpress බ්ලොගක් සාදන්න පුලුවන් තවත් ක්‍රමයක් පහත video clip එක downloadකරගෙන නරඹන්න!!! 
 ----------------------------------------------------------------------------------------------------------

2.Free Hosting කරමු!

බ්ලොගරයක් හා වෙබ් අඩවියක් ආරම්භ කිරීම! කියල ලියපු මයියගෙ පළවෙනි ලිපියට ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබුනා!
ඒකනිසා මයිය හිතුව ඊලඟ එකත් ඉක්මනට ලියන්න, අද කියන්න යන්නෙ ‍Free Hosting කරන්න පුලුවන් එකක් ගැන!

මයිය පහුගිය කාලේ ගොඩක් ඕක ගැන හෙවුවා, ඒත් ඔක්කොම තියෙන්නෙ මුදල් ගෙවල කරන ඒව!, ඒත් google search කොරනකොට මයියට සෙට් උනා සිරාවටම වෙබ් හොස්ටින් කරන්න පුලුවන් 10hosting කියන site එක......

මෙහි ගොඩක් සේවාවන් තියනව,ඉතා පහසුවෙන් තමාටම කියල Domain name එකක් හදා ගන්න පුලුවන්.ඒවගේම cPanel online database එකත් මෙහිදී ලබාදෙනව. ඒවගේම එහිදී PHP 5, MySQL, Joomla,Wordpress, phpBB, and SMF සහ තව ගොඩක් scripts ලබාදෙනව!මේ හරහා Wordpress බ්ලොග් එකක් මයියා හදල බැලුව,සිරාවට වැඩ! ඉදිරියේදී මයිය හිතන් එන්නව 10hosting මගින් Wordpress බ්ලොග් එකක් හදනහැටි ඔයාලට කියන්න.
ප්‍රශ්න ඒ වගේම මේක ගැන තව දන්න දෙයක් තියනව නම් comment වල ලියන්න.
------------------------------------------------------------------------------------------------------

Emoney1-අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට පෙර සිදුකල යුතු වැදගත් පියවර!!!

E-money
අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින විනෝදාන්ශයක් ලෙස මෙන්ම ඉතාහොඳ ආදායම් මාර්ගයක් ලෙසද දකින්න පුලුවන්..
ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට යාමට කලින් අපවිසින් කලයුතු වැදගත් වැඩ කීපයක් තියනව. ප්‍රදානම කරුන තමා අපි විසින් උපයන මුදල් අපේ රටට ගෙන්වා ගැනීමයි.
අනෙක් කරුන නම් අපගේ ගිනුමේ referral ප්‍රමානය වැඩිකරගැනීමයි. එනම් ඔබ විසින් ඔබ මුදල් උපයන ආයතනය වෙත එක් රැස්කොටදෙන සාමාජික ප්‍රමානය ඉහල දැමීමයි.

මුදල් ගෙන්වා ගැනීම...........

මෙහි මුදල් ගෙන්වා ගැනීමට පිලිගතහැකි ආයතන අතරින් ලංකාවේ ප්‍රචලිතම ක්‍රම 2 වන්නේ...
1. Paypal
2. Payza (Alert pay)
යන අයතනවේ.
මේවා online මුදල් හුවමාරු කරගැනීමට ඇති ප්‍රදානම සමාගම්ය.
එමනිසා අපගේ මුදල් ලබගැනීම paypal හෝ payza ගිනුමක් හෝ දෙකම ආරම්බකලහැක.

1. Paypal

මෙය බොහෝදෙනා බාවිතාකරනා ගිනුමකි. eBay වලින් ගනුදෙනු කිරීමට හා eBay වලින් මුදල් ඉපයීමේදී PayPal බහුලව බාවිතවේ. මෙම ගිනුම මගින් ගනුදෙනු කිරීමේදී එය අනිවාරයෙන්ම verify ගිනුමක් වියයුතුය. නොමතිනම් මුදල් ගිනුමට ලබාගැනීමට හා ඒමගින් ගනුදෙනු කර නොහැක. ඒ සඳහා ඔබගේ PayPal ගිනුම Credit card, visa electron card මගින් සම්බන්ද කලයුතුය.

ඔබට ඒවා නොමැතිනම් වෙනත් ක්‍රම මගින් එසේ ගිනුම් card පතක් සම්බන්ද කලහැක.
ඒ සඳහා ... 
 v  සම්පත් බැංකුව මගින් ඔනෑම අයෙකුට ගතහැකි සම්පත් කාඩ්පතක් ලබාගනිමින්,
  v  කොමර්ශල් බැංකුවේ ගිනුමක් ආරම්බකර කාඩ්පතක් ලබාගනිමින්,
  v  හැටන් නැශනල් බැංකුවේ සාමාන්‍ය ගිනුමක් ආරම්බකිරීමෙන්,( මෙය ඉතා ලාබදායි මුදල් හුවමාරු කරගැනීමට ඇති ක්‍රමයකිඅන්තර්ජාලයෙන් මුදල් පරිහරනයේදි අනෙක් ඒවාට සාපේකෂව අයකරගන්නා කොමිස් මුදල අඩු අගයකි. තවද පහසුකම්ද පවතී)

මෙහිදී ඉතා පහසුම ක්‍රමය නම් සම්පත් කාඩ්පතක් ලබාගැනීමයි. එහිදී විවිද පැකේජ ඔස්සේ ගිනුම් ආරම්බකලහැක.

සම්පත් කාඩ් එකක් ලබාගනිමින් එය PayPal සමග සම්බන්ද කරගන්නා ආකාරය පිලිබඳව අන්තර්ජාලයෙන් විශාල තොරතුරු ප්‍රමානයක් ලබාගතහැක. එහිදී මාහට හමුවූ ඉතා පැහැදිලි ලිපියක් අඩංගු බ්ලොග් ලිපිනයක් පහත දැක්වේ... ඒ සඳහා ධනික සොහොයුරාට ස්තූතිවන්ත විය යුතුය.(පිලිවෙලට බලන්න!)


වැදගත් කරුනක් නම්,

දැනට ලංකාව සඳහා PayPal මගින් ඔබ උපයන මුදල් ඔබේ අතටම ලබාගැනීම අසීරුය.කලහැකි වුවත් එවිට ඔබේ මුදලින් සැලකියයුතු ප්‍රමානයක් කොමිස් ලෙස අහිමිවේ.

නමුත් ඔබට එම PayPal එකට ලැබෙන මුදල උපයෝගීකරගනිමින් අන්තර්ජාලයෙන් බාන්ඩ මිලදී ගතහැක. එය ඉතා වාසි දායකවේ. Credit card එකක් නම් ඔබට ලංකාවේදී උවද බාන්ඩ මිලදීගතහැක. කොමර්ශල් හා හැටන් නැශනල් බැංකු මගින් නම් සාමාන්‍ය ගිනුමට එම මුදල් ලබා ගතහැක. නමුත් එසේ මුදල් ලැබෙනවිට පියවර ගනනාවකින් අපගේ අතට මුදල් ලැබෙන නිසා ලැබෙන මුදල් ප්‍රමානය අඩුවේ. එයගැන සැලකිලිමත් වියයුතුය.

2. Payza

මෙයද ඉතා ජනප්‍රිය අන්තර්ජාල මුදල් හුවමාරු වන්නාවූ ගිනුමකි. Alert Pay නමින් ආරම්බයේ හැඳින්වූ මෙම සමාගම මුදල් හරපත් (money check) මගින් තමාගේ මුදල් ලබාගත හැක.

එය ඔබගේ නිවසටම පැමිනේ. ඒ නිසා මේ ක්‍රමයේදී මුදල් අප අතට පත්වෙන පියවර ගනන අඩුනිසා අපට විශාල මුදලක් ඉතිරි කලහැක.
මෙහි ඇති තවත් වාසියක් නම් PayPal ගිනුම මෙන් අනිවාර්යෙන්ම ගිනුම verify  වී තිබීම අවශ්‍ය නොවීමයි. එනම් NeoBux වැනි PTC site මගින් උපයන මුදල් payza ගිනුමට ලබාගනිමින් මුදල් ගෙන්වාගැනීම කිරීම හැක.
 නමුත් යමකට මුදල් payza ගිනුමෙන් ගෙවීමක්(ආයෝජනයක්) කල නොහැක.

Payza  ගිනුමක් සාදාගන්නා ආකාරය පහත දැක්වේ...

ඒ සඳහා පහත ලිපිනය  select කර payza වෙබ් අඩවියට පිවිසෙන්න...!!!

a)ගිනුමක් ආරම්බ කිරීම සඳහා sign up select කරන්න.





b)ඉන්පසු ලැබෙන්නේ ඔබ විසින් සාදනු ලබන ගිනුමේ ආකාරය තේරීමයි.

අපට අවශ්‍ය වන්නේ දුඹුරු පැහැයෙන් හෝ රතු පැහැයෙන් වට කර ඇති ආකාර වලින් එකකි.





පි‍ටුවේ දකුනු පසින් එම එක් එක් ගිනුම පිලිබඳව කුඩා සටහනක් සඳහන්වේ...


Personal starter - මුදල් යැවීමට හා අන්තර්ජාල මිලදීගැනීම් සඳහා.

Personal pro- මෙහිදී මුදල් යැවීමට හා මුදල් ලබාගැනීමට සීමාවක් නොමැතිව සිදුකල හැක.
මෙහිදී Personal pro ගිනුම ‍තෝරාගත් වුවත් ගැටලුවක් ඇතිනොවේ.



c)ඉන්පසු ලැබෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු payza වෙත ලබා දීමය. ඒ සඳහා නිවැරදි තොරතුරු ලබාදීමට වගබලා ගතයුතුය. විශේෂයෙන් ඔබගේ පුද්ගලික ලිපිනය නිවැරදිව ලබාදෙන්න.

d)මීලඟට ඔබගේ ගිනුමට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න


1.නිවැරදි Email ලිපිනයක්.

2.ඔබට අභිමත මුරපදයක් යොදන්න. “Re-enter password” කො‍ටුවේ නැවත ඔබගේ මුරපදය යොදන්න.

3. Transection pin එක සඳහා ඔබට කැමති අංක තුනට වඩා අගයක් ලබාදෙන්න. මෙය ඔබගේ ගිනුමේ අමතර අරක්ෂාව සඳහා ලබාදෙන බැවින්මතක තබාගැනීම අනිවාර්‍යවේ.

මේය ඔබ විසින් ගිනුමේ කරන ගනුදෙනු වලදී හා යම් වැදගත් ලිපිගොනු මැකීමට යන අවස්ථාවකදී ඇසියහැක.


4. Choose a question තුලින් කුමක්හෝ ඔබට කැමති ප්‍රශ්නයක් ‍තෝරාගනිමින් ,එයට පිලිතුර ලෙස answer කො‍ටුවේ ඔබේ පිලිතුර සඳහන් කරන්න.

5. NO යන්න ලබාදෙන්න.

6. CAPTCHA code එක ලබාදෙන්න.

7.ගිවිසුමට ඒකඟ වීමටකුඩාකො‍ටුව තුල select කරන්න.












e) ඔබ සෑදූ ගිනුම සත්‍යතාවය තහවුරු කිරීම සඳහාඔබේ email ගිනුමට payza වෙතින් email පනිවිඩයක් එවනු ලබයි.

f)ඔබගේ email ගිනුම පරීක්ෂාකර, එම email පණිවිඩයේ ඇති "click here to validate your email address"යන්න select කරන්න. 

g)එවිට ඔබගේ ගිනුමේ email ලිපිනය සත්‍යතාවය තහවුරු වී ගිනුම විවෘතවේ. එහි ඉහල දකුනු කෙලවරෙහි unverified ලෙස දැකියහැක.

  • Note:    මෙය ඔබට unverified තත්වයේ වුවද බාවිතා කර හැක...
    එමනිසා verify කරගන්නා තුරු ඔබට මුදල් මගින් ගනුදෙනු කරහැක. එවිට මුදල් ලබාගන්නාවිට කිසියම් මට්ටමක් ලබාදේ.. එය 500$ ක ගනුදෙනුවකට  සීමාකරයි.
    මීලඟට ඔබගේ ගිනුම verify කරගන්නා කාරය වෙනත් ලිපියකින් කියල දෙන්නම්…
    Good luck!!!!!!!


------------------------------------------------------------------------------------------------------------


Emoney2- PTC site (NeoBux) භාවිතයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයමු1..

E-money


හැඳින්වීම….....

අද වනවිට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින විනෝදාන්ශයක් ලෙස මෙන්ම ඉතාහොඳ ආදායම් මාර්ගයක් ලෙසද දකින්න පුලුවන්..
ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....
අපේ රටේ අඩු වීමට හේතුව නම්,
බොහෝඅය සිතාගෙන සිටිනුයේ ඒ උපයන මුදල් අපේ රටට ගෙන්වා ගත නොහැකි බවයි...
නමුත් ඒක හුදෙක්ම මිත්‍යාවක් විතරයි..

අපේ රටේ ගොඩක් අය ඒ මුදල් ගෙන්වා ගන්නවා... ඒ අතර මාගේ මිතුරන් පවා ඉන්නවා...
ඒ ගැන දැනගන්න බැරිඒ ගෙන්වාගන්න ගොඩක් අය අනිත් අයට කියන්න කැමති නෑ... කැතයි නේ....!!!!

ඉතින් Emoney වලින් මුදල් හොයනකොට ආරම්බයේම අපිට මුනගැහෙන්නේ PTC වෙබ් අඩවි වල Ads click කිරීමෙන් මුදල් ඉපයීමයි!!!
බොරුකියන්න ඕන නෑ... මෙක නිකන් ඉඳල සල්ලි ලබාගන්න ක්‍රමයක් නෙවේ. එහෙම ඒව නෑ...
එහෙම කරගන්න පුලුවන් ආරම්භයේ කැපවීමෙන්මේක නවත්තන්නෙ නැතුව ගියොත්.
ටිකක් ඉස්තාවර වෙන්න ටික කලක් යනව... ඒ කියන්නෙ මේකට අපු ගමන් සල්ලි එකපාරට ගොඩක් හොයන්න බෑ...
ඕන දෙයක පිලිවෙලක් තියනවනේ...
ඒක නිසා, අනිත් අයටත් මේ ගැන කියන ගමන්ම වැඩේ කරගෙන යමු!!!
අපි මුලින්ම එතනින්ම පටන්ගමු..!!!

PTC කියල කියන්නෙ....

PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්තමුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සිලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..
ලෝකේ PTC site අතරින් NeoBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව... මොකද ඒ site එක 2008 වසරේ ඉඳන් ඉතා හොඳ විශ්වාසයකින් යුතුව මුදල් ලබාදෙන නිසයි!!!
තවත් ඒව තියනව.. නමුත් මම නම් හිතන්නෙ NeoBux වලින් තමා අපි මේ වැඩේට අතගහන්න ඕනි... (clixsense, clixsia සහ incentria කියන්නෙ අනිත්  විශ්වාසයකින්යුතු සිටෙ තමා...)
මොකද NeoBux එකෙන් referral ල මගින් ගොඩක් හොඳට මුදල් උපයන්න පුලුවන්..(ඉදිරියේ කියන්නම් referral කියන්නෙ මොනවද කියල)
එහෙනම් හා හාපුරා කියල මෙතනින් NeoBux site එකේ Account  එකක් හදාන්න......



NeoBux හි Register වෙමු.....

අපි පියවරෙන් පියවර Account එක හදමු!

1. මුලින්ම පහල තිබෙන ලින්ක් එක select කර හෝ පහත බැනරය select  NeoBux site එකට යන්න.... එහි Register Button එක click කරන්න.. ඊටපස්සෙ ඔයලට පහල තියනව වගේ application පෝරමයක් ලැබෙයි.







2.
a)username එකට ඔයලට කමති නමක් යොදන්න.

bpassword තීරුවේ ඔයලගෙ password එකක් යොදන්න, conform  password එකට එම password යලිත් type කරන්න.

c)Email තීරුවේ ඔයලගෙ ඇත්ත email එකක් යොදන්න.ඊට යට තීරුවේ ඔයලගෙ paypal හරි payza ගිනුමට සම්බන්දකල email එක දෙන්න..

d) Referrer  තීරුවෙ තියෙන්නෙ Referrer  ගෙ නම.
එතන හිස්වෙලා තියනවා නම්... mahesh327J යන්න යොදනවා නම් කරන ගොඩක් හොඳ උදවුවක්...
e) verification code එක බලාගෙන පුරවන්න.
f)ඉන්පසු තිබෙන කුඩා කො‍ටුව ටික් කර continue බොත්තම ඔබන්න.


3. ඊටපසු ඔබේ email ලිපිනයට NeoBux විසින් email පනිවුඩයක් මගින් Email verification code එකක් එවනු ලැබේ... එවිට email account  එකේ එම code  එක copy කර හිස් කො‍ටුවේ pasteකරන්න.

4.ඉන්පසු Logging සිලෙට් කර username, password යොදා account එකට ලොග් වෙන්න.

Ads click කරීමෙන් මුදල් හොයමු....

ඔබ විසින් සාදගන්නා ලද neobux ගිනුමට ලොග් වූ පසු, view advertisement  යන්න click කර එහි ඔබට ලබාදීඇති ads  දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත් ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය වැඩිකරගතහැක.

Ads ලැබීඇතිබව දැකගැනීමට රූපයේ පරිදී ads ගනන වෙබ් පි‍ටුවේ ඉහල විවිද වර්ණවලින් සංඛ්‍යාත්මකව දැකගතහැක.

මෙහිදී වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි. ඒය මුලදී 4ක් පමන ලැබේඔබ විසින් දවසක් තුල ads click කලා යන්න neobux විසින් වටහා ගනු ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය.

 තවද referral ගිනුම් වලින් ලැබෙන මුදල් ඔබට ලැබෙන්නේද එම් ads click කර ඇතිවිට පමනි.

එක් add එකක් මත click කරවිටඑහි රතු පාට තිතක් ලැබේ එය මත click කර add එක open කරන්න.


මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පි‍ටුවේ පහලින් කහපාට තීරුවක් පිරීමෙන් අනතුරුව පි‍ටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක.

වැදගත් කරුනු නම්,
  •    කිසිවිටක ඔබ විසින් එක විට add එකකට වඩා click නොකරන්න. එකවිට එක add එකක් click කරන්න.  
  • ඔබගේ ගිනුම හොඳි පවත්වාගැනීමට සෑමදාම ලොග් වී ලබාදෙන add ප්‍රමානය click කරන්නඑවිට ඔබට ලැබෙන් adds ප්‍රමානය වැඩිකරගතහැක.
  • මුලදී මෙයින් මුදල් උපයා ගැනීම මංදගාමී උවත්ඔබ විසින් සිදුකරන ක්‍රියාකාරකම් මත ඒවා වැඩිකරගතහැකඒ සඳහා Direct referrals ලාrent  referralsmini jobs වැනි දේ මගින් සිදුකර හැක.
  •   ඔබට Direct referrals ලා ලබාගැනීමට නම් අඩුම තරමේ ads 150 වත් click කර යුතුය... එයට ටික දිනක් ගතවේ(සති 1ත් 2ත් අතර කාලයක්).


Ads සඳහා neobux ලබාදෙන මුදල් ප්‍රමානය පහත දැක්වේ.


Direct referrals ලා මගින් මුදල් ඉපයීම.....

මෙමගින් කරනුයේ ඔබගේ ගිනුමට ලැබෙන referral ලින්ක් එකක් මගින් neobux වෙත වෙනත් පිරිස් register කරගැනීමයි. ඒ සඳහා ඔබගේ ගිනුමට ආවේනිකවූ link, banner ලැබෙනු ඇත. 





ඔබ විසින් ඒවා විවිධ ක්‍රම මගින් ප්‍රචාරනය කර ඔබේ banner click කර පැමිනෙන සාමාජිකයන් විසින් click කරනා සෑම add එකකටම ඔබට ඔහු උපයන මුදලින් අඩක් හිමිවේ. එනම් ඔබේ referral කෙනෙකු add එකක් click කිරීමෙන් 0.001$ ලැබුවේ නම් ,ඔබට වෙනමම 0.0005$ ප්‍රමානයක් ලැබේ.

මෙය කිසිම විටක ඔබගේ referral  හට හානියක් සිදුනොවේ.

වෙනත් කෙනෙකුගේ referral කෙනෙකුවීම කිසිමවිටක අවාසියක් සිදු නොවේ. ඔබට එය වාසියක් වීමට ඉඩතිබියහැක.  ඔබ හොඳින් ඔබගේ ads click කර සිටීනම්ඔහු විසින් ඔබට ඔබගැන විශ්වාසය මත සුලු මුදලක් පවා එවියහැක. තවද ඔබට පැමිනෙන ගැටලු වලට පවා පිලිතුරු ලබාගතහැක.

වෙනත් අයෙකුගේ referral කෙනෙකු වීමෙන් ඔබ විසින් ඔහුට හොඳ තල්ලුවක් ලබාදෙනු ඇත. එමනිසා මාගේ මෙම ලිපිය කියවූවිට ඔබත් neobux හි register වන්නේ නම් එහි referrer තීරුවේ mahesh327J ලෙස සඳහන් කිරීමට කාරුනික වන්න... කිමද මාහට වෙනත් මෙවැනි ලිපි ලිවීමට එය මනා ශක්තියක් වනුඇත.

ඔබ තවමත් register  නොමැතිනම් පහල බැනරය click කර neobux හි register වී මුදල් ඉපයීම පටන්ගන්න.



රෙන්ට් රෙෆ්ෆෙරල් ලා මගින් මුදල් ඉපයීම.....

මොවුන් අප විසින් යම් මුදලක් ගෙවා ලබාගන්නා referrals ලා වේ. මෙය ලබාගැනීමට පලමුව ඔබගේ ගිනුමේ ඉහල කෙලවරෙහි ඇති user name එක clickකර ඉන්ලැබෙන පි‍ටුවේ referral  button  එක click කරන්න. 




























එවිට එහි විවිධ පැකේජ ඔස්සේ ඔබට rent referrals ලා ලබාගතහැක. 


ආරම්බයේදීම අපවෙත ලැබෙනුයේ standard ගිනුමක් නිසා අපගේ උපරිම rent referral  ප්‍රමානය 300 පමන වේ. 
විවිධ පැකේජ්වල උපරිම ads ප්‍රමානය පහත දැක්වේ.


 v  Note:         එක් rent referral  පැකේජයක් කැලන්ඩර් මාසයක් සඳහා වලංගුවේ...
ඔබට rent referral  ලා ගතහැක්කේ අවසන් දින 5 තුලදී අඩුම තරමේ ads 11ක් වත් click කර තිබේනම් පමනි..

ආරම්බයේම rent කිරීම සඳහා ප්‍රමානවත් මුදල් නොමැති බැවින්ඔබට ඔබගේ PayPalහෝ payza ගිනුමෙන් මුදල් rental balance වෙත ලබාගනිමින් referrals  ලා rentකිරීමට හැක.

එය පහත රූපයෙන් දැක්වේ....

අවශ්‍ය නම් ඔබගේ ගිනුමේ ඇති මුදලින්ද rent referral ලා මිලදීගත හැක.

උදාහරනයක් ලෙස...
ඔබ 100 දෙනෙක් rent කර හා එක් අයෙකු ads  4 බැගින් දින 30ක් ads click කල හොත්....
එක් අයෙකුගෙන් ලැබෙන ආදායම>>> = .005*4*30=0.6$
100 කගෙන් ලැබෙන මාසික ආදායම>>>= 0.6*100= 60$
ඔබට යන වියදම 5$ නිසා rent referral  මගින් පමනක් ලැබෙන ශුද්ධ ආදායම=60-5=55$

එමනිසා දැන්ම මෙය අත්හදාබලන්න...
හැබැයි මේක මගදි දාලයන්න හිතෙන අයට නම් වැඩක්වෙන එකක්නෑ... කම්මැලියන්ට අනාගතයක් නෑ කියනවනේ.
ඒකනිසා මේක දිගටම හැකි උපරිමෙන් කරන්න. එතකොට අනිවාර්‍යන්ම මේක ඔයාලගෙ හොඳ විනෝදාංශයක් වේවි!





2 comments:

Remo said...

මචන් මයිය මන් වැරදි නම් කියපන්..
උඹම උඩ කියල තියෙනව "ඔබේ referral කෙනෙකු add එකක් click කිරීමෙන් 0.001$ ලැබුවේ නම් ,ඔබට වෙනමම 0.0005$ ප්‍රමානයක් ලැබේ." කියල...
එත් උඹ පල්ලෙහා ගාන හදද්දි rent කරපු එකෙක් ad එකක් click කලාම $ 0.005ක් ලබෙනව කියල අරගෙන තියෙනව...'
එත් උඹ උඩ කියල තියෙන විදියට ඒ ගාණ $ 0.0005 වෙන්න ඔන... එහෙම උනොත් උඹෙ ගණන් ඔක්කොම වරදිනව..
හරි විදියට ගාන හැදුවොත්,,,,

ඔබ 100 දෙනෙක් rent කර හා එක් අයෙකු ads 4 බැගින් දින 30ක් ads click කල හොත්....
එක් අයෙකුගෙන් ලැබෙන ආදායම>>> = .0005*4*30=0.06$
100 කගෙන් ලැබෙන මාසික ආදායම>>>= 0.06*100= 6$
ඔබට යන වියදම 5$ නිසා rent referral මගින් පමනක් ලැබෙන ශුද්ධ ආදායම = 6-5 = $ 1

එහෙම ගතොත් අපෙ ලාබෙ $ 1 යි.. දල වශයෙන් Rs130 යි...
ඒ 130 හම්බු කරන්න අපි current බිලටයි, internet connection බිලටයි Rs.130 වගේ 3,4 ගුනයක්ම වියදම් කරල තියෙනවනෙ..
ඉතින් මොකද්ද අපිට තියෙන ලාබෙ??

Unknown said...

බාන්ඩයක් EBAY එකෙන් නොමිලෙ සල්ලි නොඩි ගෙන්වා ගන්නා ආකාරය ඩෙනගන්න මෙ ලින්ක් එක ච්ලිච්ක් කරන්න 100% ක් වෙඩකරනව යාලුවන්ටත් මෙ ලින්ක් එක ශරෙ කරන්න http://adf.ly/1mAuYC

Post a Comment

;