Friday, August 26, 2011

මාලිංගගෙන් තවත් කඩුළු හරඹයක්!!!

ඔන්න මයියට කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ මතක් උනා. දැන් ඉතින් කැම්පොස් පටන් ගත්ත නිසා, බ්ලොග් එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. මොකද උස්ම ගන්නවත් බෑ වැඩ. ඒත් පොඩි වෙලාවක් ලැබුනොත් ඉතින් මේපැත්තෙ එන්නම් කෝ.......
මේක පරණ news එකක් වුනාට, මේක දාන්නම වෙනව. පහුගිය දවස්වල ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියව සමග එක්දින තරඟාවලියක් පැවත් උනා. ඒත් එතින් තරඟාවලිය නම් එච්චර අපේ අයියලාට සුභ දායක උනේ නම් නෑ. මොකද තරඟ 3-2 වශයෙන් ඕස්ට්‍රේලියව ඒක දිනපු නිසා...
ඒත් ඉතින් අපේ ගෝලයොන්ගෙ හැටි දන්නවනේ.ඒ කට්ටියට එහෙමම කප් එක අරන් යන්න දුන්නත් නෑ...මොකද අවසන් තරඟයේ අපේ මාලිංග කොල්ල උන්ට කොරපු වින්නැහිය දැක්කහම!!!.ඉතින් බලපු අය නම් දන්නවනෙ සිද්ධිය...ජයග්‍රාහී තෙවන වතාවටත් හෙට්ට්‍රික් එකක් කොටාගත්ත. අපිනම් අහල තියන හැටියට ඕස්ට්‍රේලියවට එරෙහිව හෙට්ට්‍රික් එකක් ගන්නව ගියන්නෙ හීනයක් වගේනේ. ඒත් ඉතින් ක්ලාක් මහත්තයො සොරි වෙන්න ඕන..ඕං ඒකත් ඔහෙලට නොමිලේම අපේ මාලිංග කොල්ල කොරල දුන්න. අනේ මන්ද නෝන්ඩියටද දන්නෙනෑ..මිනිහ මාධ්‍යය සාකඡ්චාවෙදි නම් කිව්වෙ ඊලඟට එන ටෙස්ට් තරඟයට මාලිංගව දකින්න නොලැබීම කණගා‍ටුවට කරුනක් කියලයි. ඔය ඉතින් කාල තව ඉල්ලගෙන කන්නත් හදනව, ඕකටතමයි ක්ලාක් මහත්තයෝ කියන්නෙ ඇදගෙන නෑම කියල......බයවෙන්න එපා මිනිහ එන එකක් නෑ.
මෙයාලගැන කතාකොරල හෙට්ට්‍රික් එකත් අමතකවෙනව. පලවෙනියටම ඔය බෝධි පූජාවට අතගැහුවෙ ඉතින් අපේ ජොන්සන් අයිය. අනේ මන්ද මයියගෙ මතේට අනුව මෑතකදි මලිංග අයිය දාපු යෝකර් වලින් හොඳම යෝකර් එක තමා ඒ..
ඊලඟට බඩු හම්බුනේ ජෝං අයියට, සුපිරිම රිවර් ස්වින්ග් එකක් වැ‍ටුන මිනිහගේ කකුලටම. අන්තිම පූජ වට්ටියට අතගැහුවෙ අපේ ඩො(ර)ති පොඩි කොලුව. මිනිහටත් ජෝං අයියට දැම්ම බෝලෙම තමා....
ඔන්න ඔහොම තමයි අපේ මාලිට හෙට්ට්‍රික් එක වැ‍ටුනෙ. ඒවෙලාවෙ විස්තර විචාරවරයාගේ කටින් පිටවුනේ "This man is amazing" කියලයි!
මොකද එම හෙට්ට්‍රික් එකත් සමග, අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් හිමිකරගෙනසිටින එකම පන්දු යවන්නා බවට පත්වී හමාරනිසා!
ඉතින් මාලිංග අයියා ඔහොම යං දිගටම .....
;