Sunday, June 26, 2011

" හ්හ්හ්... අයිසේ..... සොයිසටවත් බෑ...... මගේ පේපරයකට...ස්ස්ස්සීයක් ගන්න....."


මේවෙනකොට අපි A/L පන්තියට ඇවිත් අවුරුද්දක් විතර වෙනව! දැන් මේවාරයේ විභාගෙත් අතලඟ. ඉතින් කෂ්ටියම පාඩ්ම් කරනව ජමරෙට, ඒවගේම ඉස්කෝලේ පහුගිය අවුරුදු වල තිබුන ප්‍රශ්න පත්තර හෝගාල කරනව...
ඉස්කෝලෙ පේපරේට හොඳට ලියන්න නම් පේපරේ හදන කෙනා කවුද කියල දැන ගන්න ඕන, ඉතින් කාටත් ප්‍රශ්නයක් වෙලා තිබුනෙ කවුද මේ සැරේ applied පේපරේ හදන්නේ කියල. ඔහොම ඉන්නකොට දැනගන්න ලැබුන කොල්ලොන්ගේ මයිල් ස්මයිල් වෙන නිවුස් එකක්!
මෙදා සැරේ අප්ප්ලීඩ්ඩ් එක හදන්නෙ අපේ applied චක්‍රවර්ති නිමලරත්න මයා කියල.
කොල්ලොටික පේපරේට තියන ආසාව හිතෙන් අත්හැරගත්ත....,
ඒ මොකද කියල පොඩි නිධාන කතාවකින් කියන්නම්!


2004දි එකම පන්තියට applied මැතයි , pure මැතයි කරේ සර්ල දෙන්නෙක්. pure කරේ අපේ දැනට පන්තිභාර සර්, මැ_යා, applied කරේ නිමලරත්න මයා. ඔන්න එක වාරෙක applied එක හදන්න බාරදුන්නේ නිමලරත්න සෑර්ට. ඒ අවුරුද්දෙම තමා අපේ සොයිස අයියත් හිටියෙ. ඔයකට්ටියට මතක නම් මධුසංක සොයිස තමා 2004 අවුරුද්දෙදි maths වලින් මුලු ලංකාවෙන්ම කප් එක උස්සපු ඩයල් එක. මිනිහට maths පේපර් එකට හැමදාම සීය තමා.....අනිත් ඒවත් එහෙමයි, ඒතරම් ලොවෙත්නැති මීටරයක්!
ඔන්න කට්ටියම සෑර්ගෙ පේපරේට ලිවුව, දීල තියනව කට්ටියගෙ දෙකොනෙන් යන්න! ඊටවඩා ලකුණු දෙනකොට තමා වැඩේ වෙලා තියෙන්නෙ. ඔයාල විස්වාස කරන එකක් නෑ......

බින්දු 28යි සොයිසට ලකුණු 95!!!!!!!!!!!!!!!!

බඩුම තමා...........

ඔන්න ඔය සිද්ධියෙන් පස්සෙ, නිමලරත්න සර් උජාරුවට කියකිය හිටිය.." හ්හ්හ්... අයිසේ..... සොයිසටවත් බෑ...... මගේ.පේපරයකට...ස්ස්ස්සීයක් ගන්න....."
සෑර් රජ්ගම නිසා ටිකක් ඇදල පැදල තමා උත්තර දෙන්නෙ...ඕක අපේ කොල්ලො අතර ජනප්‍රිය භාෂා විලාසයක් බවටත් පත්වුනා!!!

ඒ තමා අතීතෙ..................

මෙන්න දැන්.....................................

සෑර් ඉතින් විභාගෙ පටන් ගන්න කලින් කිය කිය හිටියෙ. "මේකට ඉතින්....ස්ස්සීයක් ගන්නෙක.. බොරු...."
ඉතින් මොනව කරන්නද කොල්ලො ලිවුව පේපරේ........වැඩේ කියන්නේ නිමලරත්න සෑර් පේපර් බෙදල ගියා ආයි අවෙ නම් නෑ.....
කියන තරමට යකා කලු නෑ කියනවනේ!! මොන මගුලක්ද කොල්ලො එකෙක්වත් ඔලුව උස්සන්නෙ නෑ, දෙනව රම්පෙට පොරි හැලෙන්න.........
පැය තුනේ පේපරේ කොල්ලො පැය 1 1/2 න් ලියල ඉවරයි... එකා දෙන්න පේපරේ ඉවර වෙලා ගියා.........ඔය අතරේ සෑර් පැය 2කට පස්සෙ ආව කොල්ලො ලියනවද බලන්න........  එකෙක්වත් නෑ........
එක දැකපු සෑර්ගෙ මූන දෙක වෙලා යනව දැක්කා.....

ඔන්න ඉතින් පේපර් වල ලකුණු ආව.....කොල්ලොන්ට ඔක්කොටම වගේ ලකුණු තියනව.
ලකුණු දුන්න දවසෙ නිමලරත්න සෑර් එහා පන්තියට යනගමන් පොඩ්ඩ්ක් අපේ එකට ඔලුව දැම්ම..අපේ ලකුණු ගැන අහන්න..අනික අපේ සෑර් එක්ක පොඩි ඇරියස් එකක් තියනව ඒ කාලේ ඉඳන්!
ඉතින් අපෙන් අහපි මෙහෙම!!!
 සෑර්:- මේ.....ඔය කට්ටියට.. ලකුණු දුන්නැයි........

අපි:- ඔව් සර්!

සෑර්:- මේ අපේ ගෝලයොන්ට සී..යේවා 6ක් තියනව...... මේ..කෙ කියක් තියනවැයි........
අපි:- හ්ම්...සර් 8ක් විතර තියනව..

එක අහපු මිනිහගෙ නලළ ‍රැලිවුනා........ඊට පස්සේ..
 සෑර්:- පේපරේ.... අමාරු නෑ.. නේ......

අපි ඉතින් ඔව් කියන්නෙවත් ,නෑ කියන්නේවත් නැතුව හිටිය!!!!!!!!!!

සෑර්:- එහෙනම්  මං යන්නං........

එහෙම කියල සෑර් යන්න ගියා.............
කොල්ලො කටවල් තදකරගෙන හිනා...............................

3 comments:

piush said...

කියාලා වැඩක් ඇත්තේම නැත...........!!!!

Anonymous said...

blog liyanna thawath richmond buwek...ela ayye.....
Proud to be a RICHMONDITE.....

MrBuddhikai said...

එළ එළ.........මේවා වනාහි වෙසෙසින්ම ශාශ්වත කාලාවධීන් වන්නේයැ..

Post a Comment

;