Friday, June 24, 2011

අයිසේ! තමුසෙට පිස්සු!! නැත්තම් මට පිස්සු!!!



මේකියන්න යන සිද්ධිය උනේ මයියල ඉස්කෝලේ A/L පන්තිවල ඉන්නකොට මයියගෙ පන්තියෙ හිටිය කොල්ලෙකුට වෙච්ච ඇබැද්දියක් ගැන!
ඉස්කෝලේ සුන්දරම ඒවගේම ආතල් වලින් පිරිච්ච කාලේ තමයි A/L කාලේ, ඒකට අපේ පන්තියෙ හිටිය සෙට් එකත් මරේ මරු!ඒවගේම අපේ පන්තිය බාර සෑර් අපිට සෙට් වුනු කියාපු සෑර්,සෑර්ගෙ අනුවර්ථ නාමය තමයි මැ_ _ . හැමදාම කතාවක් දෙකක් වරදින්නේ නෑ.ඒනිසා සෑර්ගෙ පීරියඩ් එකේදි අපි මැත විතරක් නෙමේ ඉගෙනගත්තේ; විද්‍යාව, සමාජ අධ්‍යනය,ඉතිහාසය,භූගෝලය, දාර්ශණවාදය, ජීව විද්‍යාව වගේ තව එකී නොකී ගොඩක් විෂයන් ඉගෙනගත්ත.ඔය ඇති පොඩ්ඩක් වටපිටාවගැන, දැන් ස්ටොරියට එන්ටෙර් වමු!....


අපේ පන්තියේ හිටියා ඔවිඳ කියල පොරක්, මෑන්ස්ට තිබුනේ එසේ මෙසේ වැඩ නෙමේ,ඩිබෙට් කියයි,නිවුස් කියනව කියයි, ක්වාර එකේ වැඩ කියයි,ඒවගේම මිනිහ එවට ගොඩක් දස්සය!. ඉතින් මිනිහ වැඩිය පන්තියේ හිටියෙ නැ, ඒවගේම උදේට පොඩ්ඩක් මිනිහ පරක්කු වෙනව.සෑර් ඕක ගැන දන්න නිසා මිනිහට නාම ලේඛනයේ 1 වැටෙනව.
ඔන්න දවසක් මෑන් කලබලෙන් දාඩිය පෙරාගෙන දුවගෙන පන්තියට ඇවිත් වාඩි උනා, පන්තියෙ හිටියේ අපේ සෑර්! ටිකක් වෙලා සෑර් මෑන් දිහා බලන් ඉන්ඳලා...

සර්: අයිෂේ ඕ...විඳ!(අයිෂේ කියන්නේ තරහට නෙමේ එහෙම තමා සෑර්ගෙ විලාශය)

         ඔවිඳගෙ සමහර වෙලාවට හිත තියෙන්නේ වෙන අහක,මොකද මිනිහට වැඩ ගොඩක් ඔලුවෙ තියෙන නිසා!

ඔවිඳ:-(ගැස්සිල වගේ නැගිටල) ඔව් සර්!

සර්:- බලනව අයිෂේ තමුසේ හැමදාම පරක්කුවෙලානෙ එන්නෙ, තමුසෙට ඔච්චර තියන වැඩ මොනවැයි!
          (හිනා වෙම්න් )අනික තමුසෙ බැලුවොත් ඇත්නම් පන්තියෙන් missing.
          (ඒඑක්කම කොල්ලොන්ටත් හිනා ගියා)

ඔවිඳ:- සොරි සර්, පොඩ්ඩක් මේ දවස් වල උදේට ඩිබෙටින් ප්‍රැක්ටිස් තියනව ඒකයි!

සෑර්:- අයිෂේ.... දැන් ඕක උදේටම විතරද තියෙන්නෙ, තමුසෙලාට පුලුවන්නේ ඕක හවසට දාගන්න!

ඔවිඳ:-මේකනෙ සර් හවසට කට්ටියට class තියනව, එක එක වැඩ තියනවනෙ ඒක නිසා හවසට වැඩේ            කෙරෙන්නේ නෑ!

           කොහොමහරි ඔවිඳය එකෙන් දිනුව, ඔයවගෙ ඩිබෙට් ගැන, තරඟ ගැන ටිකක් කතා කලා. ඊටපස්සෙ   තමා රස ආතල් එක උනේ!

           සෑර් ඕනම කතාවක් ඉවර කරන විදියක් තිබුන.....

සෑර්:- (ඔලුව දෙපසට වනමින්)අයිෂේ ඕ..විඳ මේ බලනව! මේ ලෝකේ .... වර්ග දෙකයි තියෙන්නෙ.. එකක් හොඳ අනික නරක!(සර් කියන කියන හැම එකකටම මූත් කියනව:-"හොඳ" "නරක")

ඔවිඳ:-(ඔලුව වනමින්) ඔව් සර්!

සෑර්:-ඔය දෙක බැලන්ස් වෙන්න ඕන...දෙකෙන් එකක් හරි අඩු උනත් ලෙඩේ, වැඩි උනත් ලෙඩේ! තේරුනැයි?

ඔවිඳ:- ඔව් සර්!

           (ඔවිඳ ඔය ""ඔව්"" කියන එක වැඩිය හිතල නෙමේ,මිනිහගෙ කටට එන නිසා කියවෙනව )

සෑර්:- (ඔලුව වනමින්)ඒකනිසා පොඩ්ඩක්.....ඉන්නව.
               නැත්තන් මෙහෙම ගියොත්, එක්කො තමුසෙට පිස්සු..... උ

ඔවිඳ:- ඔව් සර්! (කොල්ලොන්ට බකස් ගාල හිනාගියා,ඒ අතර සෑර් මෙහෙමත් කියපි)

සෑර්:-එහෙම නැත්තම්, මට පිස්සු....උ

ඔවිඳ:- (මේක ගත් කටට කියපි) ඔව් සර්!

          පන්තිය දෙවනත් වෙනකන් කොල්ලොටිකට හිනා! ඒවගේම සර්ටත්. ඔක්කොටම වඩා අතල් සීන් එක තමා, මිනිහ තාම දන්නේ නෑ මොකද්ද උනේ කියල!
          එකට තව හිනා!!!!!
          පස්සෙ තමා මෑන්ට මීටර් උනේ!

සෑර්:-(හිනා වෙමින්) හරි අයිෂේ දැන් වාඩිවෙනව!

             ඔන්න ඔහොම තමයි ඔය සිද්දිය ඉවර උනේ, කොහොමහරි ඕක ඉවර වෙනකොට පීරියඩ් එකෙන් බාගයක් ගිහින් ඉවරයි!!!!!!!!

8 comments:

Unknown said...

නියමයි යාලුවා. මට අයෙත් ඉස්කෝලේ කලේ මතක උන. දිගටම ලියන්න.

MrBuddhikai said...

ela ela ohommama ithuru ewwath liyapn

piush said...

ela hodee.............!

Unknown said...

ela kiri...:))

පාණ්ඩේ said...

නියමයි මයියා.....මේවා හෙනට වටිනවා හොඳේ...........

Mayantha akila said...

Oya theyene

Niyami aaaaaaaaaa

ඩිලංක මහේෂ් said...

නියමයි කොල්ලනේ! ඔබලාගේ කොමෙන්‍ටු වලට මාගේ තුති!!!
තව දෙන්නම් !!!!!!!!!!!!

Chamath N. Kirinde said...

එල මරු ලිපිය... අපේ එකෙක් blog එකක් කරනකොට ඉතිං නොකියවා කොහොමද ? දිගටම ලියන්න.. මම ඉන්නවා කියවන්න... ;)

Post a Comment

;