
එහා පන්තිය භාර වෙලා තිබුනේ pysics කරන අපේ මුණසිංහ සර්ට! ඕක කෙටි වෙලා "මු_" කියල තමා ප්‍රචලිත!!.
ඔන්න එදා ඒවෙලාවෙ උන්ට තිබුනෙ physics, ටිකක් වෙලා පාඩම කරල එහෙම ,සෑර් ගානක් දීල යන්න ගිහිල්ල තියනව. ඔයාල දන්නේ නැති උනාට මුණසිංහ සෑර්ට පොඩි පොඩි වැඩ තිබුන.
අපේ එවුත් ඉතින් දඩි බිඩි ගාල ඉවරවෙලා පෝඩ්ඩක් පන්තියෙන් එලියට යන්න තමා ආසාව! ඔහොම වැඩටික එවරවෙලා අපෙ කොල්ලො දෙතුන් දෙනෙක් ගියා පොඩ්ඩක් එලියට වතුරටිකක් බොන්නද කොහෙද...මුන් ගියා ගියාමයි එන පාටක් නැ!
ඔය අතරෙ ඒ දවස්වල ඉස්කෝලෙට විද්‍යාපීට වලින් අලුත්, වැඩි වයසක් නැති මිස්ල ටිකක් ඇවිත් හිටිය...කරුමෙ කියන්නෙ ඒ ටිකත් ඒවෙලාවෙ ඒහරියෙ කරක් ගහල හිටියෙ! අන්න ඒකයි අපේ එවුන් පොඩ්ඩක් පරක්කු.....
ඔහොම ටිකක් වෙලා අපේ එවුන් එතන බලාගෙන හිටිය! කොහේද මුන්ට ඒවෙලාවෙ සිහියත් නෑනේ! මුන් දැක්කෙ නෑ සෑර් ලඟට එනකම්!
සෑර් ලඟට ඇවිත් කියපි මෙන්න මෙහෙම..............
සෑර්:- "මොකෝ.... තමුසෙල එකතුවෙලා අර මිස්ලගෙ ඇඟේ බල ලකුණු කරනවද"
උන්ට කට උත්තර නැතිඋනා සෑර් අහපු ප්‍රශ්නෙට..වසලැජ්ජාවයි!
උන්ටික හිනා වෙවී දඩිබිඩිගාල උන්ටික පන්තියට දිව්ව ලැජ්ජාවටත් එක්ක!.............
2 comments:
ඔය දන්න කෙනෙක් මේ ළමයින්ගෙ නම් එහෙම මේකෙ දාන්න......එපා හොඳේ.
ඔන්න මම නම් දැම්මෙ නෑ.............
Post a Comment