Thursday, June 23, 2011

අවාසනාවට ඇත්ත කතාවක්!


අවාසනාවට ඇත්ත කතාවක්! 1

වාසනාවට ඇත්ත කතාවක් තුලින් මයිය කියන්න යන්නෙ මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට එයාලගෙ නැති කරගන්න ඕන වරදි අදහස්, ඒවගේම ක්‍රියා ගැන!
පලවෙනි කතාව මයියට ලැබුනු අත්දැකීමක් ඇසුරෙන් තමයි!

මේ සිද්ලිමන්ට් එක උනේ මයිය ලංකාවෙ තිබෙන කැම්පොස් එකකට අහම්බෙන් ගියපු වෙලාවෙ. කැම්පොස් එකේ නම ගම ඉතිං කියන්න බෑ, ඒක කැම්පොසියට හොඳ නෑනේ! ඔන්න මෙහෙමයි උනේ!


මයිය කැම්පොස් එක වටේ පොඩ්ඩක් ඇවිදල කියල එනකොට, මයියට මාර බඩේගින්දරක් දැනුනා, ඉතින් බඩට දෙකක් දාගන්න කියලා හිතාගෙන කැන්ටිම තියන තැන හොයාගෙන පොඩි ආහාරයක් අනුභව කර කර හිටියා.
ඔහොම ඉන්නකොට ටිකක් ඈතින් ඇහැට කනට පේන ගෑනු ළමයෙක් එනව මයියට පෙනුනා. ඇස්වහක් කටවහක් නෑ ටිකක් ඈතින් උනාට ඕවගේ දර්ශණ පථ මයියට ලඟතිබ්බාවගේ පේනවා!!!(දැන් මේ ඔයාලා හිතනව වගේ දෙයක් නෙමේ මෙතන වෙන්න යන්නෙ, තව කියවන්න!!!)
මයිය දැක්ක විදියට නම් එයා ගොඩක් කලබලෙන් වගේ, කාටද Hand phone එකෙන් කතා කර කර, එවගේම තඩි පොත් මිටියකුත් අනිත් අතින් අරන් තමා අවේ. එහෙම එනකොට කැන්ටිම ඉස්සරහදි අතේ තිබ්බ පොත් මිටියෙන් එකක් වටෙන්න ගියා. ඒක බේරගන්න යනකොට අනිත් පොත් ටිකත් බිම. ඔක්කොටම වඩා අතේ තිබුන phone එක බිමවැටිල එකේ ගැලවෙන්න පුලුවන් සකලාංග ඔක්කෝම ගැලවිල සී සී කඩ!
ඒ සද්දෙ අහපු කැන්ටිමේ හිටිය කෙල්ලො කොල්ලො ඒක දිහා හැරිලා බැලුව!, ඒ අතර අනේ අර ගෑනු ළමය ලැජ්ජාවට බිමබලාගෙන බිම වාඩිවෙලා වැටිච්ච බඩු ටික එකතු කරනව. ඒත් හද සසල කරවන සිද්දිය තමයි ඒ ලඟින් ගිය කිසිම කොල්ලෙක් තියා, කෙල්ලෙක් වත් ඒ ළමයට උදවු කලේ නැති එකයි! මයියට නම් පුදුමෙනුත් පුදුමයි ඒ මොකද කැම්පොස් එකක ළමයෙකුට සිද්ධවෙන සුලු කරදරයකදී පවා එකිනෙකා එකිනෙකා හට තදබැඳීමකින් ඉන්නෙ! මේවගේ පොඩි කරදරයකදී (නමුත් ගෑනු ළමයට ලොකු කරදරයක්) ආපු නැති යාලුවො ගැන නම් මයියට හිතා ගන්න බෑ!
 මයියත් කැම්පොස් එකකට ගිහින් වැඩිකලක් ගිහින් තිබුනේ නෑ මේක වෙනකොට. ඉතින් මයියගෙ හිතේ තිබුන කැම්පොස් ප්‍රතිරූපයට පොඩි දෙදරීමක් ඇති උනා! අනික මීට වඩා ලොකුදේකදි වෙනදේ ගැන කුමන කතාද!. ඇතතටම එතනින් ගියපු අයට, ඇයට උදවු නොකරන්න කිසිම හේතුවක් තිබුනේ නෑනේ!
ඒ අය මෙන්න මෙහෙම හිතන්න, තමන්ට මෙහෙම දෙයක් උනොත් ඇතිවන හැඟීම කොහොමද කියල!!!!!!!

මයියට ඒවෙලාවෙ A/L වලදි class එකක සර් කෙනෙක් අවසන් දවසේ දීපු ඔවදනක් මතක් උනා!

"අප විසින් හොඳට ඉගෙනගෙන වෙන්න ඕන දොස්තර කෙනෙක්වත්, ඉංජිනේරුවෙක්වත්, ගනකාධිකාරවරයෙක්වත්, ලෝයර් කෙනෙක්වත් නොවේ! විය යුත්තේ ආදරණීය දොස්තරකෙනෙක්, ඉංජිනේරුවෙක්, ගනකාධිකාරවරයෙක්, ලෝයර් කෙනෙක්!"
එකත් මතක්කරගෙන මයිය එතනින් යන්න ගියා!!!!

3 comments:

Sande said...

hmm aththa kathawa.

MrBuddhikai said...

ෂැහ්.........මම ඒ හිටියෙ නෑනෙ එතන .... :')

ඩිලංක මහේෂ් said...

@ buddhikai-මට හිතා ගන්න පුලුවන් උඹ හිටියනම් කොරනදේ!!!!!!! :D

Post a Comment

;