Saturday, July 2, 2011

මොකක් ද මේ ඇටකොම්බස්සාව...?



මේක මයියට මතක් වුනේ, මේ ලඟදි Youtube එකට මයියගෙ පන්තියේ කොල්ලෙක්(මිනිහට කිවුවේ කළාකාරය කියල) upload කරල තිබුන වීඩියෝවක් දැකල........ගොඩක් ස්තූතියි මතක්කරාට!

ඉතින් මේක උනේ අපේ වෙසක් සතිය දවසේ වෙසක් කූඩු හදනකොට, මයියලගේ පන්තියත් ජයට වැඩේට බැස්සා, අපේ සෑර් උනත් කොල්ලොන්ට ෆුල් සපෝට් එක දෙනව, සෑර් කිව්වෙ "අයිෂේ......මට නම් ඕන කූඩුවක් ඔට්‍ටුයි" කියල. කොල්ලො සෙට් එක බට කපාගෙන ඇවිත් එක එක පට්ටම්වල කූඩු හැදුව.......

මම කලිනුත් කියල ඇතිනේ අපේ සෑර් ටිකක් ලෝකෙ ගැන පොඩි පොඩි ගැජ්මැටික්ස් ටිකක් දන්නව කියල........(කියල නැත්නම් දැන් දැනගත්තනේ...) ඉතින් අපි කූඩු හද හද ඉන්නකොට සෑරුත් පොඩ්ඩක් එහාට වෙලා අපි කරන කියන දේ ගැන බලාගෙන හිටිය..........
දැන් නම් මිනිහටත් ඉන්න බෑ ,සෑර්ටත් ඕන වෙලා තියෙන්නේ  පොඩි වැඩකිඩ පාරක් දාල...වැඩ පෙන්නන්න!!!!!!
ඉතින් අපි වැඩ කරන තැනට ඇවිත් කියපි මෙහෙම..........

සෑර්:- අයිෂේ...තමුසෙල දන්නවද...බැලන්ස් කරන්න පුලුවන් පොඩි බාන්ඩයක් තියනව..
අපි:- මොකක්ද සර්!
සෑර්:- අයිෂේ...මේකට කියන්නේ "ඇටකොම්බස්සාවා" කියල...
අපි:- මොකක්!....ඇටකොම්බස්සාවා!!! මොකක්ද සර් ඒ....
සෑර්:- අයිෂේ... පොඩ්ඩක් ඉන්නවකො... මම හදල පෙන්නන්න!!!
       මට දෙනව.....පොඩි බට කෑලි දෙකකුයි, ඉර‍ටුයි, නූල් කෑල්ලකුයි.

අපිත් ඉතින් සෑර්ට අවශ්‍යය කලමනා සේරම දුන්නා... දැන් කොල්ලොන්ගෙ වැඩේ එක දිහා බලන් ඉන්න එක!!!
සෑර් බටදෙක අරන් "+" වගේ තියලා ගැට ගහල..ඉර‍ටු දෙක ඒකෙ දෙපැත්තට වෙන්න දාල ඒකෙ පොඩි ගල්කැටද කොහේදෝ එල්ලුව...
දැන් කොල්ලො ටිකටත් ලඟට කතාකරල සෑර්ගෙ ගැජ්මැටික්ස් එක බැලන්ස් කරනව....

සෑර්:- අයිෂේ පොඩ්ඩක් මේක අල්ල ගන්නව...
         (එහෙම කියල එක කොනක් කොල්ලෙක්ට දුන්න අල්ලගන්න...)
සෑර්:-(හදන අතරේ) මේකෙ ඕන විදියකට බැලන්ස් කරන්න පුලුවන්...ඒ කියන්නේ ඕන තැනකට ඇඟිල්ල තියල මේක මොන පැත්තකට ඇල උනත් කෙලින්වෙනව!!!

ඔහොම කිය කිය කරනව හැබැයි බැලන්ස් වෙන පාටක් නම් නෑ........තියල අත ගත්ත ගමන් හුචස් ගාල අනික් පැත්ත ගහනව!!!
දැන් සෑර්ට තේරුන වැඩේ චකබ්ලාස් කියල.....සෑර් මෙහෙම කියපි..........

සෑර්:- මේකයි අයිෂේ..... මේක හරියන්නේනෑ...මේකට එකසමාන බර තියන ගල්කැට ඕනෙ.........
        අනික  මේක කියන තරම් ලේසිනෑ.........

නටන්න බැරි මිනිහට පොලව ඇදැයිලු!!!
ඔහොම ටිකක් වෙලා කරල දැන් කොල්ලොන්ටත් එපා වෙලා..වගේ කියලා සෑර්ට දැනිලදෝ.......
සෑර්:-බෑ....අයිෂේ...මේකමෙහෙම කරන්න මම පස්සේ දවසක ඔක හදන්නම්....

ඒ පස්සෙ දවස නම් අයේ කවදාවකවත් ආවෙ නෑ..........
මොනව උනත් අපේ සෑර් නිසා අපි නොදන්න දෙයක් දැනගත්ත....අපිට ඒ හොඳටම ඇති.......................

0 comments:

Post a Comment

;