Saturday, July 2, 2011

අපේ සෑර්ට උදේ පාන්දර දාඩිය දාපු හේතුව!

දත් Back 2 School එකෙත් කථා නායකය වෙන්න වෙන කවුරුත් නෙමේ අපේ සෑර්ම තමා..ස්ථානය අපේ පුංචි පංතිය තමා.මේකත් සෑර්ට වෙච්ච ඇබැද්දියක් ගැන තමා...
ඕ....න්න එදත් සුපුරුදු විදියට සෑර් ඇවිත් වැඩ පටන් ගත්ත. පාඩම කරනව! ගනන් දෙනව! ,පාඩම කරනව! ගනන් දෙනව!. අපේ සෑර්ට ඉතින් එකතැනක ඉඳන් පාඩමක් කියල දෙන්න බෑ, කියල දෙනකොට අරෙහෙට යනව මෙහෙට යනව, ඒත් එකෙ පොඩි ආතල් එකක් තිබුන! අනික පොඩ්ඩක් ගානක් දීල එහෙම හුලන් වදින්නත් එක්ක සෑර් පොඩ්ඩක් එලියට ගිහින් එනව! එහෙම එලියට ගිහින් කනුවකට අත තියාගෙන, නිකන් කණුවට ජැක් එකක් ගහගෙන පොඩි සින්දු කෑල්ලක් දෙකක් කියාගෙන ඉන්නව...සමහර දවසට ඇහෙනව........."සමන්..මල් පියල්...ලේ......සඳේ....‍රැස් කැරල්....ලේ...."...................ඒ..ත්............
ඒත් එදා උදේ පාන්දරම ෂර්ට් එකේ උඩ බොත්තමත් පන්නගෙන "පුස්...පුස්...ගගා නයා වගේ පිඹ පිඹ එහාමෙහා යනව,ඒවගේම හොඳම එකෙන් දාඩිය දාල!
හැබැයි ඒ පේන තරම් කොල්ලොන්ට නම් දාඩිය දාල නම් නෑ......අද වෙනද වගේ හෙමින් නෙමේ  පාඩම කරන්නෙත්, හෙනගහන වේගෙන් කරගෙන යනව.
ඔයවගේ කරගෙන යනකොට පොඩ්ඩක් අයිනට ගිහින්....

සෑර්:-අද අයිෂේ.... මාර විදියට ඇඟපත රිදෙන්නෙ...දාඩියත් දානව......

කොල්ලෙක්:- සර් මේ උදේ පාන්දරම....

සෑර්:- නෑ...මේ පොඩ්ඩක් රස්නෙ වගේ...මොකද මේ දවස්ව අයිෂේ උදේටත් රස්නෙ....

කොල්ලෙක්:-සර් ෆෑන් එක පොඩ්ඩක් වැඩි කරන්නද?

සෑර්:- හා... හා..ඕ...න්න ඕක වැඩි කරනව....

ඔයවගේ තවටිකක් වෙලා ඉගැන්නුව.......

සෑර්:- බෑ..අයිෂේ මේක කරන්න....හු....ෆ්ෆ්.......ෆ්

දැන් සෑර්ට දාඩිය පොල්ල හොඳට දාල.....
ඔහොම පොඩ්ඩක් එලියට ගිහිල්ල..ආව.

සෑර්:- (බඩ අතගාමින්) අනේ මන්ද මේ ඊයේ ඉඳන් පොඩි බඩේ ගායකුත් තියනව....

ඔන්න පැන්න බළල මල්ලෙන් එලියට!!!! ඒකතමයි කොල්ලොටික බැලුවෙ...කවදාවත් නැති දාඩියක් මොකෝ අද කියල!!!!
දැන් බඩ අල්ලගෙන එහාට යනව මෙහාට යනව....වැඩේ හරියන්නේ නෑ වගේ කියල....දඩ බඩ ගාල කොලයක් අරන් ඒකෙ තිබ්බ ගනන් ටිකක් දාගෙන දාගෙන ගියා...
ගොනාහැරෙනකොට කියන්න පුලුවන් මොකටද එන්න හදන්නෙ කියල.....
කොල්ලොටික දැනගත්ත සෑර්... යන්න තමා හදන්නෙ කියල..
ගනන් ටිකත් දීල..කොලටිකත් එකතු කරල තියල සෑර් යන්න හැදුව.....

සෑර්:- "අයිෂේ...මං මිනිත්තු දෙකෙන් එනව..කෑ.. නොගහ මේටික කරල තියනව....
           මොකද.. අයිෂේ... මං පොඩ්ඩක් වැෂිකිලියට ගිහින් එන්නම්....."


කිව්ව විතරයි සෑර් හනුම වගේ...පැද්ද වැසිකිළි පැත්තට

කොල්ලොන්ට ඒක දිහා බලන් හිනා....
කොල්ලොටික දන්නව සෑර්ගෙ විනාඩි දෙක කියන්නෙ "දහවරක් දෙක කියල..."
ඉතින් සෑර් ආපහු එනකොට ඒවගේම වෙලාවක් ගියා...........
හිතා ගන්න පුලුවන්නේ සෙට් වෙච්ච සෙට්විල්ල කොහොමද

කියල..............................

2 comments:

piush said...

ela hode...!!!

Unknown said...

වැශිකිලියට අනිවා අනිවා මට මතකයි

Post a Comment

;