Monday, July 4, 2011

සර්වලෝකපූට්‍ටුවෙන් ෆෝන්ස් පාස් කරපු හැටි!!!!

යියගෙ 13E පන්තිය කියන්නෙ ආතල් වලින් පිරිච්ච පට්ට පන්තියක්, එක එක දවසට අමුතු ආතල් වැඩ උනේ! මේකත් ඒවගේම සිද්ධියක් තමා!
මයියලාගේ පන්තිය තිබුනෙ L-Block පන්තිකාමර කොටසෙ මුල්ලෙමයි(එල් අකුර් ලියනකොට හැරෙන තැන),ඒකට L-Block කිව්වෙ කාමර පේලිය එල් අකුර හැඩයට පිහිටල තියන නිසා! අනික පන්තිය පන්ති තුනකට මැදිවෙලා,ඒ කිව්වේ කාමරයේ බිත්ති තුනක්ම full cover .ඒ හැම බිත්තියක්ම එහා පැත්තේ පන්තිකාමර.
ඉතින් ඔය කාමරයට "පෝරනුව" කියල නමකුත් තිබුන,ඒමොකද ටිකක් රස්නෙ නිසා!
ඕක තමා මයියලාගේ පන්තිකාමරයේ පිහිටීම!!!

සාමාන්‍යන් ඉස්කෝලේ නීති ටිකක් තදයි!, මොකද අතීතෙ ඉඳන් විනයට බර පාසලක් නිසා.....ඉතින් ඉස්කෝල ළමයින්ට කාටවත් Hand Phone වගේ දේවල් ගේන්න බෑ. check කරනකොට මාට්‍ටු උනොත් පට්ට ලෙඩේ!!!....

ඔන්න A/L වලට ආපුගමන් කියල තිබුන පන්ති චෙච් කරන්න කියල.....පන්තිවලට පනින්නෙ හිටීගමන්.  දැන් ආරංචිය ආව check කරගෙන එනව කියල ඒකනිසා දැන් කොල්ලොටික දඩිබිඩි ගාල බඩුටික කලිසම් අස්සෙයි අරහෙයි,මෙහෙයි හංගගන්නව!
ඉතින් check කරන්න අපුගමන් කට්ටියටම කිව්ව Bag තියල එක්කෙනා බැගින් එලියට එන්න කියල, ඉතින් දැන් එක එකා යනව! මල කෙලියයි එකෙක්ගෙ දෙන්නෙක්ගෙ phones හංගන්න බැරිවෙලා! දැන් ඕක කලිසමේ දාගන්නත් බෑ මොකද සෑර් බලන් ඉන්නව! ආව පොඩි අයිඩියා පොඩ්ඩක්! ඒමොකක්ද දන්නවද.........!!!!
ඔන්න එතකොට තමයි කොලොන්ගෙ පිහිටට පොඩි place එකක් පන්තියේ තිබුනෙ.ඒක සාමන්‍යයන් පොඩි අතක් දාගන්න පුළුවන් තරමට හිලක් ඒකෙ එහා පැත්තෙ තිබුනෙ තවත් පන්තියක් ඉතින් ඔනනම් එහා පන්තියේ කොල්ලොත් එක්ක කථා කරන්නත් පුළුවන්! ඕක හදාගත්තෙ බිත්තියේ තිබුන පොඩි හිලක් පන්තියේ හිටිය පුරාවිද්‍යාඥයෙකුගෙ කැනීමකින් තමා, මයියට මතක හැටියට ඒ පුරාවිද්‍යාඥය තමා "රොටිය" !!!!
ඕකට අපි කිව්වෙ සර්වලෝකපූට්‍ටුව කියල...අපි කිව්වට ඕකට නම තිබ්බෙ නම් අපේ සෑර් තමා.........

කවදාවත් හිතුවෙනෑ ඒක අපිට එච්චර ප්‍රයෝජනවේවි කියල!
හංගන්න බැරිවෙච්ච phones ඔක්කෝමටික එකතුකරල අතින් අත පාස් කරා අන්තිම් පේලියට,ඒකිව්වෙ හිල තිබුන තැනට. පටගාල එහා පන්තියෙ එකෙකුට කථාකරල අර හිල අස්සෙන් phones එක එක පාස් කරා! බයවෙන්න දෙයක් තිබුනෙනෑ...මොකද එහා පන්තියත් එක්ක අපි අවබෝධතා ගිවිසුමක් ගහලයි තිබුනෙ!!!!!
ඉතින් අන්තිමට මොකක්වත් නොදන්න උන් වගේ එලියට ගියා....ඒත් check කරන්න ආපු එක්කෙනෙකුටවත් මොකක්වත් අහුවුනේ නම් නෑ.........
ඔක්කොම ගියාට පස්සෙ කට්ටිය වාඩිඋනා විතරයි සෑර් කියපි මෙන්න මෙහෙම....

සෑර්:- අයිෂේ....මේක අහගන්නව.!
          මම දන්නව තමුසෙල ගාව..ඔය..මොකක්ද...ඇටමගල් තියනව කියල!
          මම දන්නව තමුසෙල ඒව හංගපුබවත්....හි හි ....
(හිනා වෙමින්) (එහෙම කිව්ව ගමන් කොල්ලොටික ඩිම් උනා...)
          ගෙනාවට කමක් නෑ............ හැබැයි පු‍තෝ අහු...වෙන්න එපා.......
          බලනව ඕව වැඩක් නෑනේ අයිෂේ......මොකටද!

          අයිෂේ ඕව අනිත්දවසෙ නම් තියල එනව.....මොකද!
          හේතුව ලෙඩේ!

ඉති ඊටපස්සෙ ටිකදවසක් යනකම් වැඩිය ඵොනෙ ගෙනාවෙනෑ...ඒත් ඊටපස්සෙ අපහු පරණ පුරුදු තමා!!!

5 comments:

piush said...

1nma!!digatama karagena palayan!!!

ඩිලංක මහේෂ් said...

ani vaaaaaaaaaaa!!!!!!

Unknown said...

රොටියට කලින් ඕක තිබුන. යන්තම් වගේ සිමෙන්ති වලින් වහල. පස්සේ රොටිය තමයි කැණීම කරලා ගත්තේ. ඒ උනාට 13 වසරේ පාසල් සතියේදී ඕක වැහුව නේ. ඒ දවස වල සර්වලෝක පුට්ටුව staff room වල කාලින මාතෘකාවක් වෙලා තිබුනේ.

ඩිලංක මහේෂ් said...

අපරාදේ එක එදා වැහුවේ!
මතකද එදා එහා පන්තියෙ කසුන් පුශ්පක ඕක අස්සෙන් ඉදලක් දාගෙන අන්තිමේ අත තුවාල කරගත්ත හැටි!!!

Nithya said...

Oya wage hil apita saahena wadagath una ae kaale!! :D :D.. Ela kiri machan!! Digatama wade allagen palayan!!

Post a Comment

;