Wednesday, July 20, 2011

phone එකෙන් සිංදු අහන්න ගිහින් වෙච්ච ඇබැද්දිය!

ස්සෙල්ලාම හුඟකාලෙකින් රසකතාවක් ලියන්න බැරිවෙච්ච එක ගැන පොඩ්ඩක් සොරි වෙන්න ඕන.....

A/L කාලෙදි එක එක පිස්සු එනවනෙ,ඔන්න ඉතින් ඒවෙනකොට ඔය ෆෝන් පිස්සුවත් ජයට තිබුන.ඉතින් කොල්ලො එක එක විදියට ෆෝන්ස් අරන් එක එක සෙල්ලම් දැම්ම.ඔය අතර ඕව ටික ටික ඉස්කෝලෙ පන්තියටත් ගේන්න අපේ එව්වො පසුබට වුනේනම් නෑ. ඉතින් පොඩි ඕෆ් පීරියඩ් එකක් සෙට් උනාම,පොඩ්ඩක් වැඩකරල හතිවැ‍ටුනම කාගෙහරි ෆෝන් එකකට සෙට් වෙලා එක්කො TV බලනව එක්කො සිංදු අහනව. ඉතින් අර අයිතිකාරයගෙන් උදේ පාන්දර ෆෝන් එක ගත්තහම මිනිහට ආපහු ලැබෙන්නෙ ඉස්කෝලෙ අන්තිමේදි තමයි,එතකන් ෆෝන් එක පූජවට්ටිය වගේ අතින් අත පාස්වෙවී යනව. ඔය අතර පංතියට ෆෝන්ස් ගේන කීපදෙනෙක්ම හිටිය; ආරම්භයේ සිටම ගෙනාපු පිරිස අතර අපේ නි_ _ සහෝදරය, දී_ල සහෝදරය,සිවිත් සහෝදරය, ඒතර ප්‍රධාන තැනක් ගත්ත අය තමයි. පසුකාලීනව ඒ අතරට බොහෝපිරිසක් එකතු උනා....ඔන්න ඒ ටික නමින්ම කියන්නම්කො....එක්කො ඕනනෑ එතකොට ගතියක් නෑනේ!......
පලවෙනියටම අපේ චිම්(මොහොමඩ්) සහෝදරය තමා, ඊටපස්සෙ පියුෂා_ , හා..! අපේ ඕවිඳ, මිනිහත් ඒකට සෙට් උනා. අපරාදෙ කියන්නබෑ  මිනිහගෙ පිහිටෙන් තමා අපි පංතියේදි TV එක බැලුවෙ..! "ඔය ඉතින් කිවුවෙ ටිකක් ප්‍රචලිතම අයගෙ නම් තමා, අනිත් අය ඉතින් තරහ වෙන්න නම් එපා"..............!!!............

මේ අතර ප්‍රධාන තැන උසුලපු කෙනා තමයි නි_ _, මෑන්ස් එක එක තාලෙ ඒව ගෙනාව. ඔයාඅතර මිනිහට අලුත් ෆෝන් එකක් සෙට් උනා..ටිකක් විතර වැඩකෑලිවලින් ගහන එකක් හැටියට තමා හැඳින් උනේ. ඉතින් ඕක ගෙනාපු කාලෙ වැඩිය කාටවත් දුන්නේනම් නෑ. මිනිහගෙ වැඩේ ඕක අතුල්ල අතුල්ල ඉන්න එක තමා.හැබැයි මිනිහ අර සියදෝරිස් වගේනම් නෑ....කාලෙකින් ටික ටික ඒ ගතිය නැතිවුනා. ඉතින් වටේ හිටිය එවුවො නිතරම වගේ, "මචං නි_ _ පොඩ්ඩක් ෆෝන් එක.." කියාගත්ත ගමන්. මෑන්ගෙ එහාපැත්තෙ හිටියෙ අපේ ලපේ, මිනිහත් පොඩි ‍ෆ්‍රී ටයිම් එකක් සෙට් උනාම හෙමීට සිංදුවක් දෙකක් අහගෙන ඉන්නව. ඔන්න මේ කියන්න යන කතාවට අපේ ලපයත් හවුල්.
ලපය ඉතින් නි_ _ කොලුවගෙ ගජ මිත්‍රයො තමා, ඉතින් නි_ _ගෙ ෆෝන් එක වැඩිපුර තියෙන්නෙ ලපේ ගාව තමා. එදා ටිකක් මිනිහ සද්දෙට දාගෙන තමා හිටියෙ, මොකද ඉන්ටවල් එකේදිනෙ. ඉන්ටවල් ඉවර උනත් සෑර් එන්න ටිකක් වෙලා යන නිසා තව ටික වෙලාවක් ඉතින් දාගෙන ඉන්න එක තමා සිරිත. ඈත සෑර් එනව දැක්ක ගමන් ෆෝන් එක off කරල හංගගන්නව. ලපේ ඉතින් සිංහ සෙයියාවෙන් ෆෝන් එක අහගෙන ඉන්නව. ඉන්ටවල් එකට පස්සෙ ටිකක් විතර සද්දෙත් වැඩියිනේ අනික නිදිමතත් එනවනේ, එකත් නැතිවෙන්නත් එක්ක සද්දෙ පොඩ්ඩක් වැඩි උනාට කොල්ලොන්ට ඒක දැනෙන්නේනැ. ඔය අතර ඊලඟට තිබුනෙ chemistry පීරියඩ් එක..අපේ සිල්ව සෑර් එනකොට ටිකක් පරක්කු වෙනව. ඔහොම බලන් ඉන්නකොට සෑර් ආපි! අද සෑර් ආවෙ වෙනද එන පැත්තෙන් නෙමේ.. සෑරුත් දැන් පංතියට ආව. එකපාරටම සද්දෙ අඩුවෙන්නෙ නෑනේ..ටික ටික සද්දෙ අඩු උනා... ඒත් එකක නම් සද්දෙ අඩුවෙලානෑ... හුටා.!!!.ලපයට ෆෝන් එක off කරගන්න බැරුව දඟලනව. "යකෝමේක off කරපන්"කියකිය දඟලනව. බැලින්නම් දාපු සිංදුව close වෙන්නෙනෑ..හිරවෙලා.!!
මලලසේකරයි!!!! දැන් සෑරුත් බලනව කොහෙන්ද සද්දෙ එන්නෙ කියල. පංතිය ෆුල් silence ,ඒ අතර සිංදුව හෝ..ගාල වැඩ. පංතියේ සේරම ලපයගෙ දිහා බලනව. දැන් ලපයට මලේ මල! කොහොමහරි නි_ _ය පැනල ෆෝන් එක off කරගත්ත. ඒත් එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි!
සෑර් සීන් එක දැක්ක..............
සෑර්:- "අයිසෙ ඔය ෆෝන් එක මෙහාට දෙනව"

බඩුම තමයි! මොනව කරන්නද බැහැයි කියන්න බෑනේ! දුන්නා!
සෑර් ඒක අරගෙන සාක්කුවේ දාගත්ත...අරුන් දෙන්නට අඬන්න ඕන එකට හිනා...
කොහොමහරි දැන් ඔක ගන්නත් ඕනනේ මොනවහරි කරල. ඉතින් පීරියඩ් එක ඉවරවෙනකන් ඉඳල සෑර්ගෙ පස්සෙන් ගිහින් කොහොමහරි ගන්න තමා වෙන්නෙ, නැත්නම් ඉතින් බඩුමතමා!
ඉතින් ඉවර වෙච්ච ගමන් දූවල ගිහින් සෑර්ට බටර්ගෑව...

නි__:-  "අනේ !!! සර්..ෆෝන් එක..."

සෑර්:- " බෑ තමුසෙට නම් මම දෙන්නේ නෑ...මම එක දවසකුත් දැක්ක තමුසෙ ඕක ඔබ ඔබ ඉන්නව" ,තමුසෙට කියල හරියන්නෙ නෑ....

නි__:- අනේ සර්... ආයි ගේන්න නෑ..සර්....

ඔන්න ඔයවගෙ මෑන්ස් සෑර්ට වැඳ වැඳ...කියල අන්තිමේ සෑර්ටම දුක හිතිලද කොහෙද කොහොමහරි ගත්ත.

"අනේ මංද මචං නිත්‍ය මේක උඹට මතකද කියල...!!!"
"Ooops"... අයියෝ කොල්ලො මට උඹේ කියවුනා....සොරි ඈ............."

5 comments:

Unknown said...

මට මතකයි හැගොඩ සර් ඉන්න වෙලාවක ලැටි එකපාරක් සින්දුවක් ඇහුව. ෆෝන් එකෙන්ද, පියුෂාන්ගේ mp3 player එකෙන්ද කියල මට මතක නැ. කොහොමහරි හොද සද්දෙට සින්දුව දාගෙන මු මට කියපි "මචං සර් මෙ පැත්තට එනවා නම් කියපන්". උගේ හිතේ උ හෙමින් කිවුව කියල. මට හොදට මතකයි උ කගපු සද්දෙට සරුත් පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා බැලුවා.

Nishan de siva said...

lol

punsisinet said...

moko uba wena ayonta una story witarak dannay ubata una ewath dapan

ඩිලංක මහේෂ් said...

aniva dannam!

Nithya said...

Ado danui mae storya dakke!! hahaha!! Mathakai mathakai!! Lapaya thamai owata mula!! :P aAdo mathak karanakotath hina yanawa.. Lapaya sindu daagena nikan inneth na.. ambari ambari natanawa.. :D

Post a Comment

;