Wednesday, July 25, 2012

උසස්පෙළ විභාගයේ අනාගතය කෙසේවේද?



ශ්‍රී ලංකාව යනු අතීතයේ සිටම සාක්ෂරතාවය අතින් ඉහලම තැනක වැජබෙන රටක් කියල අපි වගේම ලෝකෙ ඕන කෙනෙක් දන්න දෙයක්. එවැනි තැනක සිටීමට රටක පාලනය විසින් අධ්‍යාපනය කියන සධකය වෙත එල්ලකරන බලපෑම ඍජුවම සිදුවේ, ඒ අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ දියුනු කිරීමට යන දෙයාකාරයෙන්ම සිදුකලහැක. අවාසනාවකටමෙන් හැමදාමත් සිදුවන්නේ කාලකණ්ණි අධ්‍යාපන කප්පාදුව මිස වෙන කුමක්ද?

නිදහස් අධ්‍යාපනයේ කන්නංගර පැටවුන් වන අපි, මේ සිදුවන අහස පොළොව නුහුලන අපරාධ බලාසිටින්නේ කෙසේද!

ශ්‍රි ලංකාවේ ශිෂ්‍යන්ගේ තමාගේ ජීවිතය පිලිබඳව ගන්නා වැදගත්ම සංධිස්තානය වන අ.පො.ස උසස් පෙළ විභාගයට අත්වීඇති ඉරණම නම් අතිශය හද කම්පාවනසුළුය.
ප්‍රථමයෙන්, දැනට අත්වී ඇති Z ලකුනේ ගැටළුව හේතුවෙන් මේවනවිට මේ රටේ සිය දහස් ගනන් අහිංසක කොල්ලන්ට හා කෙල්ලන්ට සිදුවී ඇති අපරාධය කෙරෙහි, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ලෙසින් අප විසින් තරයේ හෙලාදකිමු !!!

මේවාට වගකියන ඔලමොට්ටල බූරුවන්ට කියාදීමට දෙයක් ඇත..එනම් "උසස් පෙළ සිසුවා යනු කවරකහුද? "යන්නයි!
අධ්‍යාපනය කෙරෙහි දුප්පත් පෝසත් බේදයක් නැත, නමුත් මේ දුප්පත් පොහොසත්භාවයේ පරතරය නැතිකිරීමට ඇති එකම මාර්ගය නම් මෙම නිදහස් අධ්‍යාපනයි!. මම මේ කථාකරන්නේ යමක්කමක් තියන, මුදල්වියදම් කරමින් ඉගැන්වියහැකි ඉහල පංතිය ගැන නොව.., එදාවේල පිරිමසාගැනීමට ගමේ තේවත්තේ,රබර් කෑල්ලේ කුලීවැඩකරමින් අධ්‍යාපනය ගොඩනංවාගැනීමට වෙරදරණ අපේ රටේ අහිංසක දුප්පත් අම්මා තාත්තාගේ දරුවන් ගැනය. ඔවුන්ගේ එකම අභිප්ප්‍රාය කෙසේහෝ උසස්පෙළ සමත්ව තමාගේ රටට දැයට වැඩදායී පුද්ගලයෙකු වශයෙන් බිහිවීමයි!

වසර 13ක් තිස්සේ එකතුකරගත් දැනුම කැටිකොට ජීවිතය ජයගැනීමට ලියනා එම කඩඉම පැනීම සුලුප‍ටු කාරියක් නොවේ. එය කවදාවත් සතියකින් ,මසකින් පාඩම්කර සමත්වියහැකි විභාගයක් නොව, ඉතා ක්‍රමානුකූල ඉගැන්වීම් රටාවන් ඔස්සේ විශ්ලේශනය කරමින් සිදුකලයුතු දෙයකි. නැතිනම් ඇතැම් මෝඩ දේශපාලුවන් අර්ථදක්වන පරිදී සති තුනෙන් ගොඩදැමියහැකි කඩ ඉමක් නම් නොවේ! පුදුමයක් නම් මෙවන් ප්‍රකාශ සිදුකරන්නාවූ පුද්ගලයින් අප රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවී තිබීමයි!

උසස් පෙළ සිසුවාගේ මනස ඉතා සංකීර්ණය, ඔවුන්ගේ සිතට දැනෙන්නාවූ පීඩනය අසීමිතය! ඔවුන් නිරන්තරයෙන්ම සිටිනුයේ අනාගතය දකිමිනි, එය විභාගයට ගොස් ප්‍රශ්න පත්‍රය ලියන අතරතුරේදීපවා ඔවුන්ගේ හදවතට දැනේ!!!
හදවතක් තියා හදවත් රාවයක්වත් නොහඳුනන...හිත්පිත් නැති ඇතැම් දේශපාළුවන් හා තමා පොරයැයි සිතාගෙන සිටිනා ඇතැම් මහාචාර්‍යය උගත් මෝඩයින් හට මේවා දැනෙනේ නැත!!!!

උසස් පෙල සිසුවාට දැක්මක් ඇත..ඔවුන් සියල්ලන්ටම දොස්තරවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු,මහාචාර්‍යයවරු වීමට අවශ්‍ය නැත...ඔවුනට අවශ්‍යය වනුයේ සමාජ්යේ පිලිගන්නා රටට වැඩක් කර,තමාටද යමක් කරගත හැකි, කාටවත් අතනොපා කොන්ද කෙලින් තබා ජීවත්වියහැකි ‍රැකියාවක් සොයා තමාගේ දෙමාපියන්ගේ පැතුම් ඉ‍ටුකිරීමය!!!

ඉකුත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසබැලීමේදී සිදුවී ඇති අසාධාරණයන් නම් සුලුප‍ටුනොවේ. මෙහි හාස්‍යට තුඩුතුන් කරුන නම්, උසස් පෙළ විභාගයේ දෙවනවර පෙනීසිටී සිසුවන් විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රමානය, පලමුවර සිසුන්ට වඩා ඉතා පහල මට්ටමක වීමය!!!!
උසස් පෙළ ලීයූ ඕනෑම අයෙක් දන්නා කරුනක් නම්,විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් දෙවනවර පෙනීසිටිනා සිසුන් වීමයි!!! හාස්‍ය නම් ඔවුන්ගේ Z ලකුනු, සංශෝධනයට පෙර තිබූ Z අගයට වඩා විශාලලෙස පසු Z අගය කුඩාවීතිබීමයි!

මේ කරනලද නින්දිත අපරාදයේ බරපතලතාවය කෙසේදයත්..විශාල සිසුන් පිරිසකට ඔවුන්ගේ විශ්ව විද්‍යාල සිහිනය බොඳවීගොස් ඇත. දිස්ත්‍රික් කුසලතාව ඉහල මට්ටමක සිටී වෛද්‍ය, ඉංජිනේරු,වානිජ හා කළා පීඨ සඳහා තේරී පත්වූ විශාල පිරිසක් එයින් ඉවතට තල්ලුවීඇත. ඔවුනට සිතෙහි ඇතිවන්නාවූ වේදනාව සුලුප‍ටුනොවේ, කිමද මාද දෙවනවර මුහුනදී විශ්ව විද්‍යාල වරම් හිමිකරගත් සිසුවකු නිසාය. එම වේදනාව...යමෙක් හට කෝටිගනනක් වටිනා ලොතරයියක් නැතිවීමෙන් හෝ විනාශවීමෙන් ඇත්වන්නාවූ දුක මෙන් කෝටිප්‍රකෝටි වාරයකටත් වඩා වැඩිය!!!!
එසේ ප්‍රකාශ කිරීමට හේතුව වනුයේ, මුදලට ලොල්වූ ඇතැම් පාලකයින් සිටිනා සමාජයට තේරුම් බේරුම් කිරීමට ඇතිනිසාවෙනි.

එසේ අසාධාරනයට ලක්වූ සිසුන්ට යලි විභාගයට මුහුනදීමට කාලයක් කොහිද? කාලය කෙසේ නමුත් ඔවුන්ගේ බිඳුනු මානසික මට්ටම යලි ගොඩනගාගන්නේ කෙසේද? යලි මෙවන් දෙයක් නොවේ කියා යන විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුන දියහැකිද?
යමෙකු හැකියැයි කියනවානම්...ඌ තරම් මෝඩ, දුර්ජන, වසලයෙකු මේ මිහිපිට නැත....!!!!

මීලඟ උසස් පෙළ විභාගය සඳහා ඇත්තේ තව සතිකිහිපයක කාලයකි, තවමත් පෙර විභාගයේ Z අගයන් නිවැරදිව සිසුන්හට ලබාදී නොමැත! යකුනේ.........!!! මේ කොල්ලෝ, කෙල්ලෝ "අපි කැම්පස් යනව කියල"විශ්ව විද්‍යාලයේ පහස ලබන්නේ කවදාද!!!

යලි විභාගයට මුහුන දීමට කාලයක් නොමැත, තවද ඊලඟ වසරේ විභාගය සඳහා මුහුනදීමට වියදම් කලයුතු මුදල් ඔවුන්ගේ දෙමාපියන් වියදම් කරන්නේ කෙසේද!!!

සියලු සේසත වියදම් කර ඉගැන්වූවද, අවසානයේ ගඟට කැපූ ඉණි මෙන් බලාපොරොත්තු විනාශවී ඇත. මෙවැනි වේදනාවන් මේවාට වගකියයුතු දේශපාළුවන් ට නොදැනෙන්නේ උන්ගේ දරුවන් සුරසැප විඳිමින් පිටරටවල් වල කෝටිගනන් මුදල් වියදම් කර උගන්වනනිසාවෙනි.

මතක තබාගනිවු....!
තොපිලා එසේවියදම් කරනුයේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් වලින් කියා.....

උඹලාගේ දරුවන්ට මෙන් නයිට් ක්ලබ් වල ගෑනු,පිරිමි හුරතල් කරමින් සිටිනා කාලයක් අපේ අහිංසක ගමේ ගොඩේ කොල්ලන්ට කෙල්ලෙන්ට නැත. උන්ට උන්ගේ අනාගතය සාදාගත යුතුය, නැතිනම් වනුයේ හාමතේ මියයාමය.

එසේනම් කලයුතු දෙයක් ඇත, එනම් එම අසාධාරණයට ලක්වූ සියළු සිසුන්හට විශ්ව විද්‍යාල අයිතිය සකසාදිය යුතුය, ඒ සඳහා විශ්ව විද්‍යාල වලට බඳවාගන්නා පිරිස වැඩිකල යුතුය.

උඹලාට මේ කොල්ලන්ගේ, කෙල්ලන්ගේ අදෝනාව නොතේරෙයි, ඒ දෙමාපියන්ගේ හදවතේ ඇතිවන වේදනාව නොතේරෙයි, නමුත් කලයුතු දෙය නොකලහොත් සිදුවන්නේ....උඹලාගේ සිට උඹලාගේ දරුවන්ට පවා එම අසරණයන්ගේ අඳෝවැඩියාවේ ශාපයට වන්දිගෙවීමටය..!!!

පසුගිය 24වෙනි  අඟහරුවදා දෙරණ නාලිකාවේ විකාශිත "වාදපිටිය" වැඩසටහනට පැමිනි තමා උගත්යැයි කියාගන්නා, අපිද උගත් යැයි සිතාසිටී, නමුත් මේවනවිට එසේ කීමටත් ලැජ්ජා හිතෙන මහාචර්‍යය නලීන්ද සිල්වාගේ විලිලැජ්ජාශීලී ඛේදජනක ප්‍රකාශයන් අපගේ හදවත් කම්පාකරවන සුළුය!
"අධ්‍යාපනය නිසා මේවන විට රටට ලැබී ඇත්තේ කුමක්ද!","මේ අධ්‍යාපනය සඳහා රජය වෙන්කරන මුදල වැඩීලු, ඒනිසා තවත් අඩුකරන්න ඔනිලු","ඒ මුදල රණවිරුවන් හට ලබාදෙන්න ඕනලු"
යන ප්‍රකාශයන්වේ.

ආදරණීය රණවිරුවනි! ඔබලා අපගේ මුරදේවතාවන්ය. දෙමාපියන්,ආගම හා ගුරුවරුන්ගෙන් පසුව පිදියයුතු එකම වස්තුවක් ඇත්නම් ඒ ඔබලාය!, නැතිනම් කොහේවත් සිට එක දාගන්නා වසලගති ඇති ඇතම් දේශපාලකයන් නොව.
ඔබලාට අපගේ උත්තමාචාර්ය හැමදාමත් ලැබේ, නමුත් මෙසේ ඔබලාගේ නම විකුනා කරන නින්ධිත ප්‍රකාශයන් නිසා ඔබලාට ඇතැමුන් වෛරකිරීමට පුලුවන. අධ්‍යාපනය යනු යුද්ධයක් නොව, නමුත් දැන් යුද්ධයක් බවට පෙරලී ඇත. මේ දෙක අතර විශාල පරතරයක් ඇත, ප්‍රභාකරණ් වැනි මස්වැද්දන් බිහිවනුයේ නිවැරදි දැක්මක් ,අධ්‍යාපනයක් නොලැබූ නිසාවෙනි.!

එසේනම් අධ්‍යාපනය නිවැරදිව අනාගතපරපුරට ලබාදී නැවත එසේ මෘගයෙකු බිහිකල නොකල යුතුය…!
එයට කලයුතු එකම විසඳුම වනුයේ අධ්‍යාපනය වැඩිදියුනු කිරීමය.
මහාචාර්‍යවරයා පවසනුයේ අධ්‍යාපනය නිසා රටට ලැබීඇත්තේ මොනවද යන්නයි..!
ප්‍රප්‍සිද්ධ නාලිකාවක් ඉදිරියේ රෙද්දක් ඇඳගෙනවිත් පැවසූ මෙම කථාව කොතරම් හාස්‍යජනකද!!! අඩුම තරමේ ඔහුට, ඔහුගැන වත් හෝ ඔහු සිටිනා ස්ථානය ගැනවත් අමතකය. ඔහුත් මේ නිදහස් අධ්‍යාපනයේ පහසලැබ, මෙරට විශ්ව විද්‍යාලවලම සිට පසුව මහාචාර්යකුවී එවැනි ප්‍රකාශක් කලේ කෙසේද?
ඔහුට ඒකටත් කීමට දෙයක් තිබිය හැක, කිමද ඔහුට වඩා පණ්ඩිතයෙකු නැතිබව ඔහුගේ ලිපියක් පවා කියවූ විට තේරෙන නිසාය. තවදුරටත් මෙවැනි ප්‍රකාශයන් කිරීමෙන් වලකින ලෙස එතුමාගෙන් අප ඉල්ලා සිටිමු. මේවා කන්නන්ගර උතුමානන්ට, ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතානන්ට, ගාමිනී දිසානායක ශ්‍රීමතානන්ට ඇසේනම් යලි වලෙන් නැගිටවිත් මෙවන් දේ ප්‍රකාශකරනා අයගේ බො‍ටුව මිරිකනවා නියතය...!!!!!
එමනිසා අපට ඔහුගැන ඇත්තේ කණගා‍ටුවක් නොව දුකකි..!!!!

බලධාරියනි!
Z ලකුනේ එක් දශමස්ථානයක් යනු අතිවිශාල වැදගත් සාදකයකි!
මේ සිදුවී ඇති Z අගයේ පලහිලව්ව විසඳීමට ගතයුතු සියළු සාධාරණ ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගතයුතුය. ඔබලා මේ සෙල්ලම් කරන්නේ දහසකුත් ජීවිතත් සමගය. මේ රට තවතවත් ආගාධයට ඇද නොදමා අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ දරුවන්ට ලබා දෙන සහන ඉහලනංවන්න, එවිට ඔබකල ඇති පවු වලට සුළුප්‍රමානයක් හෝ පිං එක් ‍රැස්කර ගැනීමෙන් අඩුතරමේ මීලඟ ආත්මයේ සත්ව ආත්මයක්  හෝ ලබාගත හැකිවනුඇත.
නිතරම තමන් හෝ තමාගේ දරුවන් මේ තත්වයේ සිටියානම් ඇතිවන හැඟීමගැන සිතන්න.......
රටේ දරුවන්ට තමාගේ දරුවන්ට මෙන් ආදරය කරන්න, ඊටත් කලින් පිහි, කිණිසි, බ්ලේඩ් නැති සුමුදු හදවතක් ඇතිකරගන්න..............
  

0 comments:

Post a Comment

;