Thursday, July 12, 2012

ගාලුපුර අවසන් "ස" ප්‍රසංගය නිමවිය!!!


ගාලුපුර අවසන් "ස"ප්‍රසංගය නිමවිය!!!


න්න කාලෙකට පස්සෙ මයියට හිතුන මේ පැත්තෙ එන්න! දන්නවනේ...මේ දවස්වල අපේ ලංකාවේ කැම්පොස් වලට නිවාඩු කියල.... ඉතින් මටත් කම්මැලි කමේ හිටියෙ! ගෙනාපු ඔක්කෝම ‍Films ටිකයි, TV series  ටිකයිත් ඉවරයි!
ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕන...මයියගේ සටහන් රසවින්දනය කරපු අපෙ සහෝදර සහෝදරියන්ගෙන්, මෙච්චර කාලයකට මුකුත් ලියන්න බැරි උනට...
මට ලියන්න කියල ගොඩාක් අය..කෙඳිරිගෑව...ඔන්න මම ආව!!!!!!!!

ඉතින් හා..හා හරි හාව නෙවේ... හා..හා..පුරා කියල පටන්ගමු ලඟදි ගාල්ලේ කොල්ලො ටිකක් කරපු රජ වඩක් ගැන! 
ඉතින් මෙන්න මෙහෙමයි උනේ......
කෝමත් එක කාලෙක හිටිය, අලුත් පහේ අදහස් තියන, යක්කුවගේ වැඩ කරන,අභියෝගවලට බයනැති යකඩ කොල්ලො ටිකක්!
මේ සෙට් එකට ඕනවුනා ප්‍රසංගයක් කරන්න...වෙනද පෙන්නල තිබුනත් මේදා පොටේ මේ ප්‍රසංගය ඒ ඒරියල් තියන අන්තිම ලාස්ට් එක.....ඉතින් කවදත් රට දෙදරන්න වැඩකරපු මේ කොල්ලොටික පහුගිය ජුලි 07 වෙනිදා මුලු පැත්තම, සංගීත ස්වරයෙන් බැබලෙව්ව!!!

වැඩි අ‍ටුවා ටීකා ඕන නෑ....ඔයාල දැනටමත් දන්නව මේ මොකද්ද?, කවුද?, කොහේද? කියල...දන්නැත්නම් ඔන්න අහගන්න!!
ඒක තමයි වික්ටර් රත්නායකයන්ගේ ගාලුපුර අවසන් "ස" ප්‍රසංගය....
කොහේද? "IOS!" ගාල්ලේ නැතුව වෙන කොහේද!
දැන් ඉතින් මේක කවුද කොරේ? වෙන කවුරුද..හැමදාමත් වෙනසක් කරන...රිච්මන්ඩ් කොලීජියේ 2008 "රළ" කොල්ලො ටික තමා.....

පුරා මාසයක් දෙකක් මේ වෙනුවෙන් අපේ කොල්ලොටික ඒ ප්‍රසංගය වෙනුවෙන් හලපු දාඩිය කඳුලුවල රස දැන් බුක්තිවිඳිනව!
ඒ එදා මුලු කරාපිටිය වෙද්‍යපීට ස්‍රවනාඝාරය එකම හිස් ගොඩක් බවට පත්වුනා...ඒ කියන්නේ ප්‍රසංගයේ කිසිඳු ප්‍රවේශපත්ත්‍රයක් ඉතිරිනොවූ නිසයි!!!!
එහි සියලුම ප්‍රවේශපත්‍ර දින ගනනාවකට කලින් විකිනී අවසන්වු නිසයි!
මේවගේ දෙයක් "සාර්ථකව" කරන්න පුලුවන් උනේ රළ කොල්ලො ටික එකාවගේ වැඩකල නිසයි, ඒවගේම නිවැරදි නායකත්වයක් තිබූ නිසයි!!!!
මේව කාටත් හොඳ ආදර්ශයක්!

ස්‍රවනාඝරයේ ආසන ප්‍රමානය මට මතක හැටියට 950 ක් පමන වුනා....ඉතින් ප්‍රවේශපත්‍ර නිකුත් කලේ ආසන ගනනට...මේන්න බොලේ HOUSE FULL ගහල තිබුනත් මිනිස්සු පොරකෑවෙ අතුලට එන්න!!!
අම්ම මුත්ත කාලෙක මේවගේ දෙයක් කරාපිටියේ ස්‍රවනාඝරයේ වුනේ නෑ... දැන් 1000කට වඩා ඉන්නව...පු‍ටුත් ඉවරයි! කොහේ වාඩිවෙන්නද? අවසන් ප්‍රසංගය නිසා මිනිස්සුන්ගෙ හිතරිදවන්නත් බෑ...
ඒත් අපේ කොල්ලොටික ඔය බනේ වෙනබව දැනගෙන හිටිය! ඒකනිසා අමතර ආසන වගයක් කලින්ම සැට් කොරලයි තිබුනෙ..කොහොමද ටිකිරි මොලේ!!!!!
HALL එක බාරව ඉන්න කෂ්ටියට ස්තූතිවෙන්න අවසර දුන්න ඒකට...
ඉතින් දැම්ම කියමුකො...මෙන්න තවත් ඉන්නව!!!!!!
ඒ අය කියනව අපිට හිටගෙන හරි කමක්නෑ බලන්න ඔන කියල....මොනව කොරන්නද ඒකටත් අවසර අරගෙන එන්න දුන්න!!! කොහොම කොහොම හරි කාගෙන්වත් බැනුම් අහන්නේ නැතිව, ගුටිකන්නේ නැතිව, චා..වෙන්නේ නැතිව..වැඩේ සිරාවට කරා.............

දන්නවනේ මේවගේ වැඩ කරනකොට කාටත් බාධක එනව කියල.....
රළ කොල්ලොන්ටත් ඒවගේ දේවලට මූනදෙන්න සිද්ධ වුනා...ඒත් ඒවට නියමට උත්තර දුන්න ක්‍රියාවෙන්ම!!!
සමහරු මේක පටන් ගන්න හදනකොට ගොඩක් උදැල්ල දැම්ම..අපිට බෑ කිවුව..ටිකට් විකිනෙන්නේ නෑ කිවුව...කාගෙන්වත් උදවු ලැබෙන්නේ නෑ කිවුව... ඒත් "රළ-2008" කියන්නේ ඔවට හොඳට ඔරොත්තු දෙන කොල්ලො සෙට් එකක්!!!. අපි කාටවත් මුකුත් කියන්නේ නෑ..මොකද අපිට ඔයාල ඔක්කෝම අවශ්‍ය වෙනව..මොකද අපි නිකම්ම රළ නෙමේ....." රිච්මන්ඩ් රළ 2008 "

අපි මෙතනින් නවතින්න කැමතිනෑ...අපි තව මේවගේ දේවල් අරගෙන ගාලු පැත්තෙ එනව...
ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕන අපේ ප්‍රසංගයට සහභාගි වූ සියලුම "ස"රසික රසිකාවියන්ට..මොකද ඔයාල අපි ගැන ගොඩක් විශ්වාස කරල ටිකට් අරගෙන ආවට!!!
ඔක්කෝගෙම නම් වශයෙන් කියල ස්තූති කරන්න ගිහිල්ල මට අමාරුවෙ වැටෙන්න බැ...මොකද ගොඩාක් අය ඉන්නව..ඉතින් එකක්හරි මිස් උනොත් වඩේ කැතයි!!!!
ඒත් මේක සාර්ථක කරන්න නායකත්ව දුන්න කෂ්ටියක් ඉන්නව! එයාල සඳහන් නොකර බෑ..
සබා ජී-සචිත්(ජුන්ඩා)
උප සබාජී-පියුශාන්
ලේකම් ජීල-චරිත්,සඳමාල්(සඳේ)
බඩගරික-මදූෂ
සරින්ද(සාරි),තනුෂාන්(තනූ),දුලිත්,ගීනාත්(දැලී), පුන්සිසි(පුනා),තමීර,ලැටී,...මං කිවුවෙ මේක ලියල ඉවරකොරන්න බෑ කියල..අනේ කොල්ලො එක්කෙනෙක් හරි මිස් උනා නම් සොරි!!!

කාලෙකට පස්සේ දැනෙන්න වැඩක් කලා...රසවින්ඳා..නෑ..නෑ..තාම රසවිඳිනව....අන්න ඒකයි "රළ" කොල්ලො කරපුවැඩක් අනිත් ඒවගෙන් වෙන්කරල දැනගන්නෙ!!!
ඉතින් අපි ආයිමත් එනව... "සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට".... "අපි රළ"................!!!!!!

3 comments:

ලපයා said...

patta mchn...(y) (y) (y)....

Unknown said...

ela machn meka liyapu eka...:)

Unknown said...

ගාලු පුර අවසන් ස ප්‍රසංගය අතිසාර්ථකයි. http://pamalblog.blogspot.com/2012/07/2008_09.html

සතුටුයි මචං ආපහු බ්ලොග් එක පටන් ගත්තු එක ගැනනම්

Post a Comment

;