Wednesday, July 18, 2012

මයියගෙ කුළුඳුල් ඉස්කෝලෙන් පැනිල්ල!


හැමෝම කියනව ඇයි අනුන්ට වෙච්ච දේවල්ම ලියන්නෙ උඹට වෙච්ච දේවල් ලියන්න බැරිද කියල....ඉතින් මයියට හිතුන මයියට වුනු පොඩි සිද්ධියක් ගැන ලියන්න.
මේක වෙනකොට මයිය හිටියෙ A/Lපංතිවල...!!!
දන්නවනේ ඉස්කෝලේ අන්තිම ලාස්ට් අවුරුදු දෙකනෙ, ඉතින් ටිකක් ඒකාලෙ ලොකු සයිස් එකෙන් තමයි අපේ ගෝලොයො ඉන්නෙ..
ඉතින් A/L වලට ආපුගමන් නැතත් ටිකක් කල් ගිහින් තමා සෙල්ලම් පටන් ගන්නෙ... ඉස්කෝලෙන් පනින එක!!!
කරුමෙ කියන්නෙ අපි A/L වලට ආපුවහම ඒකත් කොරන්න අමාරු උනා.......
දන්නවනේ... 2008 අවුරුද්ද දක්වා අවුරුදු දෙකතුනක් හමුදා පාලනයට යටත්ව හිටිය කියල....මොකද අපි A/L වලට ඇවිත් පොඩි දවසකට පස්සෙ අපේ ප්‍රින්සිපල් මාරු...ඒ වෙනුවට හිටියෙ හමුදාවෙ හිටපු කෙනෙක්. අපිනම් හුරතලේට කිවුවෙ "අජබු" කියල!!! ඇඟේ හැටියටයි, මූනෙ හැටියටයි මිනිහට දාපු නම පට්ට විදියට සූට්!!!
මෑන්ස් එක්ක ලේසි නෑ.....අහුවුනොත් බඩුපැකට්!!! ෂුවර් සතියක් ගෙදර!!!

ඉතින් ඔය තියන වාතාවරණය උඩ තමා කොල්ලො වෙලාසනින් ගෙදර ගියේ.....!

 ඉතින් එක දවසක් පන්තියේ ඉගෙන ගන්නවා තියා නිකන් ඉන්නත් කම්මැලි හිතුන...දන්නවනේ ඉන්ටවල් එකෙන් පස්සෙ පේන්න පොත නෙමේ ඇඳ කියල. ඔහොම ඉන්නකොට මැසේජ් එකක් අපි..ඉන්ටවල් එකෙන් පස්සෙ තියන සබ්ජට් එකේ ඉන්න සෑර් නෑ කියල, ඊටපස්සෙ තිබුන පීරියඩ් දෙක තිබුනත් නෑවගේ(ඉංග්‍රීසි-දන්නවනේ කවුද කියල...මෙයා ගැන කතා නම් එමටයි, පස්සෙ කතාවකින්ම කියන්නම්කෝ සෑර් ගැන). ඉතින් මෙවන් සැපක් හැර වෙන මොනවද!!!!

ඉතින් මයිය සෙට් උනා A/L ජීවිතේ කුලුඳුල් පැනිල්ලට...තනියම නම් නෙමේ හිටියෙ, මරු සැට් එක හිටියෙ! "ලපය(මොහන්ත)","චිම්(චිරාන්)","සමනලය(අනුරාධ)" යි තව දෙන්නෙක් විතර හිටිය. පනින්න යන පොට් එක තමයි ඉස්කෝලෙ ඉස්සරහ තියන පල්ලියේ කම්බිවැටෙන්!. ඔන්න කෂ්ටියත් එක්කම බෑග් එහෙම අරගෙන දෙයියන්ට කිය කිය හෙමින් සීරුවෙ තැනට කිට්‍ටු කරා...

ඔන්න එතනට එනකොට ලපය කියපි මෙන්න මෙහෙම කතාවක්!

ලපය: "මේකෙ රිංගන්න ඕනෙනෑ බං, අපි මේන් ගේට් එකෙන්ම යමු"!
අපි: "යකෝ ගේට්‍ටුවේ සිකුරුටි අයිය ඉන්නව බං...ඌ කෝල් එක දෙයි පිනාට!
ලපය:- "අවුලක් නෑ බං ශාන්ත අයිය මම දන්නව, මිනිහ හොඳ එකා"
අපි: "හා ඉතින් උඹ කලින් ගියපු නිසා අපි එන්නම්"..මචං අවුලක් වෙන්නෙ නෑනේ.....
ලපය: පිස්සුද "%^$%^" වරෙන් යන්න!

ඉතින් උගේ විස්වාසෙට අපිත් ගියපි ගොන් ‍රැල වගේ!!!

ඉතින් වැඩර්ල වගේ ගේට්‍ටුව ගාවට එනකොට, අයිය "හෝ...වු!" ගාල කෂ්ටියම නැවත්තුව!!!

ශාන්ත අයිය: කොහෙද යන්නෙ ඔයාල?
ටිකක් මලෙන් වගේ ඇහුවෙ!!
ලපයනෙ මේ අමාරුවෙ දැම්මෙ..ඉතින් මිනිහ අයිය ලඟට ගිහින් පොඩි ශේප් ටොක්කක් දැම්ම!
ලපය: අයියෙ...මේ..ඉන්ටවල් එකෙන් පස්සෙ කවුරුවත් සර්ල නැතිනිසාඅපි ගෙදර යනව අයියෙ..මේ..
ශාන්ත අයිය: බෑ.. බෑ..මල්ලි..කියල තියෙන්නෙ කාටවත් යන්න දෙන්න එපා කියල...අනික ඔයාල යනවනම්..වෙන අහකින් යන්න!
ලපය: අනේ...අයියේ ..
ශාන්ත අයිය: බෑ මල්ලි ,අපේ රස්සාවත් ගහල යයි....වෙන තැනකින් යන්න..

මේක ඇහුව ලපයට ඌරුජුවල්!
ලපය: යමන් බං යන්න මුගේ "$#%%$#"තියාගන්න කියල!

ඉතින් පුරුදු විදියට ප්ලෑන් කරගත්ත තැනින්ම පනින්න කෂ්ටිය සැට් වුනා!!!
ඉතින් එකා දෙන්න කම්බි වැටෙන් ප්‍රවේසමෙන් පැන්න... ඔහොම පනින කොට මොකෙද්ද එකෙක් එහා පැත්තට කකුල තියනකොටම තියල තියෙන්නෙ ජරා ගොඩකට!!!
සැප කනේ.....මොනව කොරන්නද...ආපහු හැරෙන්නෙයි!
ඉතින් පෑගුනු එකා, පෑගුනු කකුල බිම වදින්නෙ නැතිව කොර ගහ ගහ ඒ ලඟ තිබුන මයියගෙ බෝඩිමට ගියා...
ඉතින් හෝදගෙන කෂ්ටියම ගෙවල් වල ගියා.....

ඒකනෙමේ සිරා වැඩේ, ඊට පහුවෙනිද වුනේ....!!!

ඉතින් පහුවද උදේ නම් ලකුනුකරාට පස්සෙ සෑර්(මැරය) අහපි මෙහෙම!!!

සෑර්: අයිෂෙ...විමලසිරි නැගිටිනව!!!
                අයිෂෙ ඊයෙ තමුසෙ කොහේද ඉන්ටවල් එකෙන් පස්සෙ ගියෙ!

පන්තියෙ ඉන්න කොල්ලොන්ට බකස් ගාල හිනා ගියා...මූටත් දැන් හිනා....

ලපය: නෑ..සර්! මේ.....
සෑර්: අයිෂෙ නෑ කියනෙ මට ආරංචියි තව හතරපස් දෙනෙක් එක්ක ගේට්‍ටුවෙන් පනින්න ගියා කියල!!!
මොකක්ද අයිෂෙ කරන්නෙ?
තමුසෙල හිතන්න මට ඕව ආරංචිවෙන්න නෑ කියලද? අයිෂෙ මම ඔක්කොම බලන් ඉන්නෙ!!!
මේක අස්සෙ ලපය එහාට මෙහාට ඇඹරෙනව..ඒක බලන් ඉන්න කොල්ලොන්ට හිනාව නවත්තන්න බෑ...
සෑර්: නැගිටිනව බලන්න ගියපු අනිත් අය!

මොනව කොරන්නද! නැගිටිනව මිසක්!
එකා දෙන්න නැගිට්ට!

සෑර්: අයිසෙ මොනවද තමුසෙල කරන්නෙ.... අයිෂෙ...පනින එකේ අහුවෙන්නෙ නැතුව පනිනව!
නැත්නම් ඒකෙ පරිප්පුත් කන්නෙ මමනෙ! බලනව තමුසෙල පැන්න බව හැමෝම දන්නව!

කොල්ලොන්ට හිනාව නවත්තගන්න බෑ......
සෑර්: මින් මතුවට පැනල අහුවෙන්නෑ....තේරුනැයි....!
වාඩිවෙනව.

ඉතින් පුදනකොටම කාපියකා!!!
පැන්න පලවෙනි සැරේම මාට්‍ටු, ඉතින් ලපයත් එක්ක මලේ මල..........

පස්සෙ තමයි දන්නෙ කොහොමද මාට්‍ටු වුනේ කියල!

ලීක්වෙලා තියෙන්නෙ ශාන්ත අයියගෙන්...!!! ඔන්න ලපයගෙ ඇඳුනුම්කම....
මේක මාට්‍ටු වෙන්නෙනෑ..ලපය හිටියනම්...
මොකද දන්නවද...ශාන්තය කාටද කියල තියනව අද ළමයි කට්ටියක් ගෙවල්වල ගියා කියල...කවුද කියල ඇහුවහම ශාන්ත කියල තියෙන්නෙ..අර මූනෙ ලපයක් තියන සර් කෙනෙක්ගෙ පුතෙක් ඉන්නෙ.....
හුටා...ඔහොම කියනකොට අපේ ඉස්කෝලෙ ඕන සෑර් කෙනෙක්ට මීටර් පොර කවුද කියල!!!
මූ විතරයිනෙ එහෙම එකෙකුට ඉන්නෙ, ඒකයි!!!

ඔන්න ලපයගෙ ඇඳුනුම් කමට වෙච්ච දේ....ආයිනම් ලපයත් එක්ක නම් පැන්නෙ නෑ.............
පස්සෙ තමයි දන්නෙ පැන්නෙ සැට් එක ඇතුලෙ තව බහිරවයෙක් හිටිය කියල...මොකද මිනිහත් එක්ක පැන්න හැම එකාම මාට්‍ටු වෙනව(නික් නේම් එකට අකුරු පහයි)!!!!

4 comments:

පාණ්ඩේ said...

බහිරවයා මල්වල පැණි බොන එකෙක් නෙවද???

ලපයා said...

පට්ට සීන් එක....මට මතක් උනෙත් දැන්....එල//... ආතල් කණ් 2න් බේරෙනව....හිටු කියල...
මගේ සීන් එකක් නෙවේ බන්...අර අකුරු 5හේ එකාගෙ සීන් එකෙන් තම වැඩේ මාට්ටු...මතකනෙ රොටි‍යත් එක්ක තැඹිලි කඩන් බීලත් අකුරු 5හේ එකා ඉඳල..වැඩේ මාට්ටු වුණා.......

Poorna Chathura Wickremasinghe said...

නික් නේම් එකට අකුරු 5යි කියන්නේ සෑහෙන දිග නමක් නේ..:O. කවුද බන් ඩයල් එක????මීටර් නෑ නේ....:(. මුල් අකුර කියපන්. ඒ කාලේ මතක් වෙනකොටත් අඬෙනවා බන්.ඔය ඉන්ටෙර්වල් ඉවර වෙලා තිබ්බ පීරියඩ් එහෙම සුපිරි නෙ. ආයේ ඒ කාලෙට යන්න ඇත්තන්!

ඩිලංක මහේෂ් said...

පාණ්ඩේ: එසේය... එසේය.. මල්වල පැණි උරා බොන එකෙක්!!!

ලපයා: ඔව් ඔව් උත් එකට සම්බන්දයිනම් තමා, හැබැයි ඉතින් ඒ වෙලවෙ සෑර්ගෙ කටින් කියවුනා අරෙහෙමත්.

පූර්ණ: ඔව් මචං පට්ට ආතල් කාලය... මුල් අකුර "ස"

Post a Comment

;