Saturday, September 8, 2012

ඔබත් මෙවන් කූඨ වෙලඳුන් හට නො‍රැවටෙන්න!!!





ඔන්න මේ කියන කථාව
නම් ගොඩාක් වැදගත් වෙන්නෙ අපේ උගත් පාරිභෝගික ජනතාවට තමා...
පාරිභෝගිකයෙක් උනාම යම්කිසි භාන්ඩයක් ගන්න ගියාම එම භාන්ඩයේ මිල, තත්වය, සුදුසු නුසුදුසු බාවය මෙන්ම, එම භාන්ඩය මිලදීගන්නා ආයතනය පිලිබඳවත් සැලකිලිමත් වියයුතු වෙනව...
එයට හේතුව වන්නේ එම මිලදී ගන්නා භාණ්ඩය පිලිබඳව ඇති විශ්වාසය හා වගකීමක් ඇතිකර ගැනීමට. එමනිසා එම ආයතන පවත්වාගෙන යන්නා උදවියට ඇති වගකීම නම්, පාරිභෝගිකයාට නිවැරදි තොරතුරු ලබාදෙමින්, භාණ්ඩයට හොඳ වගකීමක් සමගින් පාරිභෝගිකයා සතු‍ටු කිරීමය.
නමුත් මා පෙර සඳහන් කරනලද කිසිම වගකීමක් පිච්චියකටවත් මායිම් නොකරමින්, අසරණ පාරිභෝගිකයකු අමාරුවේ දැමූ ලංකාවේ හා ලෝකයේ ප්‍රසිද්ධයි කියා ගන්නා ප්‍රමුඛපෙලේ විද්‍යුත් භාණ්ඩ අලවිකරණ ආයතනයක් පිළිබඳව ඇසීමට ලැබුනා...
නමට අකුරු හතරක් පමනක් ඇති .... නමේ අග අකුරු ද්විත්වය "ගර්"නාමයෙන් අවසන් වන එම ආයතනය පිළිබඳව කෙලින්ම නම පල කිරීමට නොහැකි වුවත්, බුද්ධිමත් පාඨකයින්හට මෙය රහසක් නොවේ!!!!

මෙහි තවත් පුදුමය නම්, මෙය රටේ අගනුවර තිබෙන අලවිකරණ ශාඛාවක් මගින් කිරීමයි.... එය ක‍ටුබැද්දේ ඇති "Zone " එකක තිබෙන ශාඛාවකි..

(මෙම වංචාවට ලක්වූ පුද්ගලයා ලහිරු යැයි සිතමු...)

ලහිරු විසින් පසුගිය අප්‍රේල් මාසයේ හතර වනදා ඔහුගේ නිවසට රූපවාහිනී යන්ත්‍රයක් ගැනීම සඳහා ඉහත ආයතනය වෙත ගොස් ඇත. නවීන වර්ණ රූපවාහිනියක් ලාබා ගැනීම ඕනෑම පුද්ගලයකු දකින සිහිනයකි, ඒ සඳහා නිවැරදි තොරතුරු පාරිබෝගිකයා වෙත ලබාදිය යුතුය. නමුත් ලහිරු ගොස් තිබූ ඉහත ආයතනයේ සිටින පුද්ගයින්ගේ එම භාණ්ඩය පිළිබඳව තිබූ දැනුම ඉතා අල්පය......

භාන්ඩයේ කිසියම් තාක්ෂනික කටයුත්තක් පිලිබඳව ඇසූකල, ඔවුන් පවසා ඇත්තේ එම භාන්ඩයේ manual  එකේ පවා සඳහනක් නොමැති වැරදි තොරතුරකි... නමුත්  රූපවාහිනී පිළිබඳ මනා දැනුමක් ඇත්තෙක්වූ නිසා එයින් ඔලුව බේරාගෙන ඇත.

ඉන්පසුව ලහිරු විසින් ගැනීමට සැරසුනු රූපවාහිනිය ඔවුන්ගේ ප්‍රදර්ශනාගාරයේ නොමැතිබව පවසා ඇත....ඒ සඳහා දවස් දෙකක් ලබාදෙනමෙන් ඔවුන් ඉල්ලා ඇත..
ලහිරු විසින් ඔවුන් ගැන විශ්වාසය තබමින්, යම්කිසි මුදලක් ගෙවා දවස් දෙකකට පසු පැමින සම්පූර්ණ මුදල ගෙවා රූපවාහිනිය නිවසට ගෙනගියේය..
නිවසට ගොස් බලනවිට රූපවාහිනී ආධාරකය සවිකිරීමට ඇති ඇණ කට්ටලය තිබීනොමැත... ඉන් පසුව යලි ආයතනය බලා ගිය ලහිරු, ඔවුන්ගෙන් පැවසූකල , එම කට්ටලය ගෙන්වාදීමට තවත් දින දෙකක කාලයක් යන බවයි...එයටද ඉවසා සිටී ලහිරු දින දෙකකට පසු පැමින ඒවා ‍රැගෙන ගොස් ඇත.
ඉන්පසු නිවසට ගොස් රූපවාහිනිය ක්‍රියාත්මක කර පරීක්ෂාකිරීමේදී.. රූපවාහිනී තිරයේ ව්‍යාකූල තාවයක් දැක ඇත.. එයින් ඉමහත් ලෙස කලකිරිනු ඔහු එම වේලාවේදීම එම ආයතනය හට දුරකතන ඇමතුමක් ලබාදී ඇත..
ඔවුන් පවසා ඇතිපරිදී එම වර්ගයේ රූපවාහිනී යන්ත්‍ර ඔවුන්ගේ ලඟ නොමැතිබවත්, නව රූපවාහිනී යන්ත්‍රයක් ගෙන්වාදීමට තවත් සති දෙකක කාලයක් යන බවයි!
තවද ඔවුන් පවසා ඇත්තේ... රූපවාහිනිය බියනොවී පාවිච්චිකරන ලෙසය...

සති දෙකකට පසු ලහිරු විසින් දුරකථන ඇමතුමක් ලබාදීඇත... එහිදී පවසා ඇත්තේ තවමත් එම භාණ්ඩය ගෙන්වා නොමැතිබවයි!!!
මෙසේ සති දෙක දෙක කියමින් පුරා මාස හයකට ආසන්න කාලයක් ලහිරු හට බොරු පොරොන්දු ලබාදී මග ඇර ඇත. මෙය ආයතනයේ කළමනාකරු හමුවීමට යාමට උත්සහ දැරුවත්, කළමනාකරුද එම බොරු පොරොන්දුවම ලබාදෙන අතර ......... එහි වගකීමක් ගෙන මෙය ලබාදීමට උත්සුක වන කිසිම පුද්ගලයෙකු ඇත්තේ නැත. ලහිරු මිලදී ගත් භාණ්ඩයට වගකීම් සහතිකයක් පවා තිබියදී ඔහුට එම අසාධාරණය වී ඇත...
මා මේ ලිපිය ලියන දවස වනවිට පවා ඔහුගේ එම ප්‍රශ්නය විසඳී නොමැත.............
හිතවත් පාඨකයිනි,

ඔබත් මෙවන් කූඨ වෙලඳුන් හට නො‍රැවටෙන්න...
ඉතා සූක්ෂමව පරීක්ෂා නොකලහොත් ඕනෑම පුද්ගලයෙකුට ප්‍රදර්ශණාගාරයේදී මෙවන් දෝශයක් හඳුනාගැනීම අපහසුය............ 
"මෙගා", "ගිගා" කියා සේල් දමමින් මේ කරනා නින්දිත ‍රැවටීම් තරයේ හෙලාදැකිය යුතුය...
ලෝකේ ප්‍රචලිතවී සිටියත්, බලුවැඩක් කලා නම් එය බලුවැඩේමය... එහි කිසිම සුදක් නැත!!!!
මෙවැනි, පාරිභෝගික සේවය බිංදුවේම තිබෙන එම "_ _ගර්" ශාඛාව... හකුලාගෙන යායුතුය, නැතිනම් පාරිබොගිකයන් වන අපට එය වැස්සවීමට සිදුවේ....

ඔබටත් මෙවන් අසාධාරණයක් වීඇත්නම් ලංකාවේ ඇති පාරිභෝගික අධිකාරියවෙත පැමිනිලි කරන්න.....

ඒ සඳහා පහත ලිපිනය වෙත ගොස් තොරතුරු ලබාගත හැක.



(මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් වන අතර... පුද්ගල නාමයන් පමනක් මනඃකල්පිත) 

1 comments:

MrBuddhikai said...

වැදගත් ලිපියක්....... මෙම ආයතනයේ මෙම ඉතා අගනා පාරිභෝගික සේවාව ගැන මා මීට පෙර සිටම දැන සිටියා......... තවත් පුද්ගලයන් රැවටීමට වැලැක්වීමට මෙය බොහෝ උපකාරී වේවි.

Post a Comment

;