අපේ සෑර් කියන්නේ ඉතින් කථා පෙට්ටියක් කියල මම කලින්ම කිව්වනෙ.....අද Back 2 School එකෙන් අපේ සෑර් ට වෙච්ච ඇබැද්දියක් ගැන කියන කථාවක්. දවසක් සෑර්ගෙ ගමේ විස්තරයි,ඉස්සර කාලේ ගැනයි හෙන ටෝක් එකක් දීගෙන හිටියෙ...
මේකට අසරණ උගුඩුවෙකුත් ගෑවුනු කතාවක්........
ඉතින් සෑර් ඒවෙලාවෙ මස්සිනා ගැන කථා කරකර ඉන්නකොට සෑර්ට මතක් උනා මේක කියන්න.
සෑර්:-මටදැන් මේ...මස්සිනා කියනකොට මතක්වුනේ!
අයිෂේ.....මට ඉස්සර මාර සිද්ධියක් උනා...ඔය අපේ මස්සිනා අපේ ගෙදර ඇවිත් හිටිය කාලේ..වෙච්ච එකක්....
අපේ ඉස්සර පරණ ගෙදර..ඒකියන්නේ මහගෙදර, වහලයයි...බිත්තියයි අතර ටිකක් පොඩි පරතරයක් තිබුන....
අයිෂේ වැඩේ කියන්නේ......ඔය අස්සෙන් හැමදාම රෑට රෑට උගුඩුවෙක් නගිනව....
මල කරදරේ කියන්නේ අයිෂේ.....රෑකට නිදිය ගන්නබෑ ගේත් එක්ක හෙල්ලෙනව........
(කොල්ලොටික දැන් කෙල හලහල කතාව අහනව.......)
ඉතින් අයිෂේ..මේ වඩේ හරියන්නෑ නේ.....මට හිතුන ඕකව බලන්න...
ඉතින් මස්සිනත් කතාකරගෙන දවසක් රැකගෙන හිටිය....අයිෂේ කියන්න බලන් ඉන්නවා ඉන්නවා මෑන්ස් නෑ..........
ඔන්න අයිෂේ...12.00ට විතර දඩිබිඩිගාල සද්දයක් ඇහුන...ඉතින් පොඩ්ඩක් කිට්ටු කරල..ටෝච් එක ගහල බැලුවම...තමුසෙල කිවුවට විශ්වාස කරන එකක් නෑ....අයිෂේ......(අත් දෙකම දෙපැත්තට ඇදල..)
මෙන්න සයිස් උගුඩුව!!!
ටෝච් එලිය දැක්ක විතරයි මූ රින්ග ගත්ත........
ඔහොම ඉඳල මායි මස්සිනයි ආව...
පහුවදා මට හිතුන මෑන්ස්ව අල්ලන්න....ඉතින් මස්සිනත් ඉන්න එකේ අපි මූව අල්ලමු කියල සෙට් උනා........
තව අයිෂේ අපේ ගෙදර හිටිය...පොඩි වැඩකාර කොල්ලෙක් සමන් කියල....මෑන් පොඩ්ඩක් මෝඩ පහේ එකෙක් උනාට...හරි උස මහත තියනව. ඉතින් මෑන්ටත් කතාකරා..මිනිහත් එක පයින්ම හා...කියල. දැන් වැඩේට සෙට් උනා........
කාලබීල එහෙම ලේස්තිඋනා වැඩේට....මගේ ගාව ටෝච් එක,දැන් ඌව දාගන්නත් එපයෙ.. මස්සිනා ගත්ත ලොකු ගෝනි පඩන්ගුවක්....,සමන්.......ගාව තමා දැන් දොර පොල්ල.
රෑවෙනකම් ඉඳල උගුඩුව කලින් දවසෙ නැග්ග තැනට වෙලා..පොඩ්ඩක් ඈතින් කිටිය.....
ඔහොම ඉන්නකොට අයිසේ....ඊයේවගේම බිත්තියෙ නගින්න හැදුව විතරයි...!!! සමන කෑ ගහගෙන පැනපි
යකෝ මොනසතාද ඉන්නෙ ඔහොම කෑගහනකොට...මූ බයවෙල දී...වුව....
දැන් තුන් දෙනාම උගේ පස්සෙ පන්නනව...සමන පොල්ල උස්සගෙන....මගේ අතේ ටොච් එක....
මස්සිනා......ඉස්සරහින්ම අරූගෙ පස්සෙන්.........
ඔහොම වත්ත පල්ලෙහාට දූවගෙන ගිහිල්ල...උගුඩුව නැග්ග ගහකට....
අපේ මස්සිනත් වැඩේ අත්තැරියෙනැ... මිනිහත් නැග්ග ගහට....
මායි සමනයි එත්නට එනකොට උගුඩුවත් ගහේ........, මස්සිනත් ගහේ............
කරුමෙ කියන්නෙ අයිෂේ....මේලෝ...කේ දෙයක් පේන්නෑ...........මගුල් ටොච් එකත් වැඩනෑ...
දැන් අයිෂේ...මස්සිනාට තව පොඩි දුරයි යන්නඕන උගුඩුව අල්ලන්න...
අයිෂේ.....
"දැන් මස්සිනා ගහ උඩ..."
"සමන් ගහ යට...."
"උග්ගුඩුව අත්තෙන් පැන්න..."
"මස්සිනත් පැන්න..."
"උග්ගුඩුව අත්ත අල්ලගත්ත...."
"මස්සිනාට අත්ත අල්ලන්න බැරි උනා......"
"මස්සිනා දැන් ගහමුල..."
"සමන ගැහුවා..........."
"මස්සිනා මළා!"
"උග්ගුඩුව පැනල දී..වුව...."
(ඒ ටික ඉවරවෙනකොට කොල්ලොන්ට බඩ කට අල්ලගෙන හිනා......)
කොල්ලෙක්:- (හිනාවෙමින්)සර් ඇත්තටම මස්සිනා මළා ද!
සෑර්:- (හිනා වෙමින්)ඔව් අයිසේ!!!........මැරෙන්නැද්ද අයිසේ.... කිතුල් පොල්ලෙන් ඔලුවට වදුනහම....
(ඒක අහල තව හිනා.............).
සෑර්:- අයිෂෙ! බලනව අන්තිමට උගුඩුවත් නෑ...... මස්සිනත් නෑ................
6 comments:
සිරාවටම මළාද බං..............අපිට අහගන්න බැරි උනානේ....ඕක තමයි මෑන්ස් රසටම කියපු කථාව...
ade...uputa ganeema kagenda kiyala dapan dow....
mata ohoma ekak mathaka nane....
@ ramesh- මේක තමා අපේ සෑර්ගෙ සිරා කතා වලින් සිරා එක.....
e mathaka nette e de une 2008 panthiye newei nisa
ඔය කතාව උඹලටත් කියන්නැති ඒත් ඊටකලින් අපි ඔය ස්ටොර්ය් ඇහුවෙ........
අපිටත් ඔය තැටියම දැම්මා....
Post a Comment