Friday, July 13, 2012

සොඳුරු සහෘදයකුගේ නික්මයාම!!!

සොඳුරු සහෘදයකුගේ නික්මයාම!!!



යාට මොකක් හරි කරදරයක්ද..

"නෑ..මුකුත් නෑ.." යනුවෙන් මා ඔහුට පිළිතුරුදුන් නමුත් මාගේ සිත ‍රැඳී තිබුනේ දෙමාපියන්ගෙන් වෙන්වී පැමිනි ශෝකයයි!

"ගනන්ගන්න එපා ඕක ටිකදවසකින් නැතිවෙයි"...ඔහු පැවසූවේ පුරුදුකරුවෙකු ලෙසය..." ඔයාගෙ ගම කොහේද?"..ඔහු පැවසීය.

"රත්නපුරේ..රක්වාන.." මම පැවසීය."
"නම?"

"මහේෂ්.."

"ඇයි කොලඹ යන්නෙ නැතුව ගාල්ලෙ අවෙ...ඔයට කොලඹ යන්න තිබුනනෙ..."

"නෑ මම වැඩිය කැමති නෑ...එහෙට! අනික අපේ අම්මග ගම ගාල්ල නිසා නෑදෑයො ඔක්කෝම මෙහේ...."

"ඉතින් ඔයාට නෑදෑ ගෙදරක නවතින්න පුලුවන්නෙ".. ඔහු පැවසිය.

"තනියෙන් වැඩකරගන්න පුලුවන් වෙන්න තමා මෙහේ නැවතුනේ.. ..ආ එතකොට ඔයා කොහේද? " මම පැවසුවෙමි.

"පිටදෙනිය..ගාල්ලෙම තමා..." ඔහු පිළිතුරු දුන්නේය.
 
"ඈ...එතකොට මොකද මෙහේ නැවතුනේ..."

" ඔයාට වගේ තමයි ..අපේ තාත්තත් කිවුව..තනියම වැඩකරගන්න පුරුදුවෙන්න අවුරුද්දක් විතරවත් මෙහේ නවතින්න කියල"..

සීනුව නාදවූයේ..අපගේ හවස විවේක කාලය නිමකරමිනි..ඒබව අපට නොදැනුනේ අපගේ කෙටි සංවාදය නිසාය...

"ආ...බෙල් එක ගැහුව..මම යනව...." එසේ කීනමුත් මාහට යමක් අමතක විය. ඒ මෙතෙක් වේලා මාසමග දුක සැප බෙදාගත් මිතුරාගේ නමය.

"ආ..මට අහන්න බැරි උනානෙ..ඔයාගෙ නම මොකක්ද?

"දුමින්ද...දුමින්ද දහනායක!"

...2000 වසරේ ජනවාරි මාසයේ අගභාගයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නේවාසිකාගාරයේ සැඳෑවිවේකයේදී දුමින්ද සොහොයුරා ප්‍රථම වරට හමුවි ඇතිවූ කෙටි පිළිසඳරයි!
අදින් වසර 12කට පෙර සිදූවූවත් අදමෙන් එය මාගේ මතකයේ තිබේ!

කෙසේ වෙතත්..මේ මාගේ කථාව රසවිඳීමට..ඔහුට අද අවසර ලැබීනැත! ඉකුත් ජූලිමස දෙවනි දින යක්ෂයාගේ හෝරාවේදී හදිසි අනතුරකින් සියලු ලෝකසත්වයන්ගේ පොදු ධර්මතාවය පසක් කරමින්...කාටත් නොකියාම අප අතරින් වෙන්විය!!!

මිය යනවිට යෞවනයේ සොඳුරු අවධියේ පසුවූ දුමින්ද සොයුරා පේරාදෙනිය සරසවියේ වෛද්‍යපීඨයේ තෙවන වසරේ සිසුවකු ලෙස අධ්‍යාපනය හදාරමින් සිටියේය. ඒ තවත් රිච්මන්ඩ් මෑණියන්ගේ පහස විඳ 2008 වසරේ උසස්පෙලින් ඉහලින් සමත්ව වෛද්‍යපීඨය සඳහා තේරීපත්වූ රටේ සම්පතකි! 

පසුකලක මා නේවාසිකාගාරයෙන් වෙන්ව ඔහුගේ ගමටම ආසන්නයේ සිටී මාගේ නෑදෑ ගෙදරක නැවතී පාසල් යාමට සිදුවිය. අප දෙදෙනා යලිත්වරක් හමුවන්නේ ඔහු හා මම එකම පාසල් රථයෙන් එකම අසුනේ ගියනිසාවෙනි. 

පවුලේ එකම දරුවා මෙන්ම..අම්මා තාත්තාගේ එකම සුරතලාද වූ ඔහු..මුලු පිටදෙණිය ගමටම ආඩම්බරයක් ගෙනදුන් ළමයෙකි. ඒබව මා දන්නේ මාහට විවේක කාලයක් පැමිනිවිට ඔහුගේ නිවසට ගොස් ආගිය තොරතුරු කථාකර නිසාවෙනි. 

ඔහුට නිතරම අවශ්‍යය වූයේ තමාගේ ගමට වැඩක් කිරීමටයි..ඒවාගේම ඔහු ගමේ පන්සලේ බෝමලුවේ පහසවිඳි තරුණයෙකි. දුමින්ද කාටවත් ඊර්ෂ්‍යා කලේ නැත..තමාගේ කාලයපවා වියදම් කරමින් යහළුවන් හට උදවූ අඹයහළුවෙකි.

මෙම සිදුවීම මාහට සිතාගැනීම පවා නොහැකිවූයේ..ඔහුගේ දෙමාපියන් ඔහුව ‍රැකගත්තේ තමන්ගේ පණටත් වඩා ආදරය නිසාවෙනි.

එදා ඔහු වෛද්‍යපීඨයේ ප්‍රායෝගික පරීක්ශනයන් සඳහා නිවසින් පැමිනියේ ඒ වෙනුවෙන්මය..ඒ ඔහුගේ වැඩක් පැහැරහැරීමට තිබූ බිය නිසාවිනි!. ප්‍රායෝගික පරීක්ශනයන් අවසන් වී තමාගේ මිතුරන් සමග ආපනශාලාවට පැමිනියේ මහන්සිය නිවාදැමීමටය. කෙටි පිළිසඳරකින් පසු තමාගේ නේවාසික ස්ථානයට යාමසඳහා මිතුරකු සමග යතුරුපැදියෙන් ගමන් ආරම්භ කලේය...සිදුවීමට යන්නාවූ අනතුර ගැන සිහිනෙකින්වත් නොදැනය. ධාවනය අරඹා ස්වල්ප වේලාවකට පසු ඉදිරියෙන් ආ රථයකට ඉඩලබාදීමට ගොස් ලිස්සායාම නිසා යතුරුපැදියේ පි‍ටුපස පැමිනි දුමින්ද සොයුරා විසිවීගොස් වැටී ඇත. ඇතිවූ ඇදවැටීමෙන් කිසිඳු බාහිර බරපතල තුවාල නොලැබූ ඔහු...ස්වල්ප වේලාවකට පසු සිහි මූර්ජාවීඇත. මුලු පේරාදෙනිය සරසවියේ වෛද්‍යපීඨයම එකම කලබලයක් කරමින් දුමින්ද සොයුරාගේ ජීවිතය ‍රැකගැනීමට සියලු වෛද්‍ය සිසුන් මෙන්ම සියළුම ආචාර්‍ය මංඩලයේ විශේෂඥ වෛද්‍යවරුන් යුහුසුලුව කටයුතුකර ඇත. සිදුවූ අනතුර නිසා බාහිරින් අනතුරක් නොම උවත් අභ්‍යන්තරිකව අධික රුධිර වහනයක් වීම හේතුවෙන් මුලු පේරාදෙනිය සරසවියම හඬවා, මුලු ගමක් හඬවා ඔහු දැයෙන් සමුගත්තේය.!!!

අපට ඔහු නොමැතිවීම මෙසේ නම්...ලේ කිරිකර පොවා ඔහුව ‍රැකබලාගත් දෙමාපියන්ට ඇතිවන්නාවූ දුක කෙතරම්ද!!!

ඔහුගේ පියානන් පවසා තිබූයේ..."මගේ පුතාට ඉගැන්නුවේ, ඉගෙනගත්තේ අපි වෙනුවෙන්වත් එයාවෙනුවෙන්වත් නෙවේ...එයා ඉගෙනගත්තෙ රට වෙනුවෙන්,සමාජයට වැඩක් කරන්න! ඒකනිසා ඔයාලටම ඔයාලගෙ යාළුව මම දෙන්නම්... " එසේ පවසමින් ශරීරය වෛද්‍යපීඨය වෙත ලබාදීමය. එහෙත් සිසුන්ගේ බලවත් ඉල්ලීම මත තම යහළුවාගේ අවසන් කටයුතු කිරීම සඳහා උපන් ගමට ගෙනයාමට කැමැත්ත ලබගන්නා ලදි!

ඉකුත් ජුලි මස තුන්වනදා මලහිරු බසිනා ඒ සඳෑ යාමයේ...අපව හඬවා ඔහු ගියේය......

ආදරනීය දෙමාපියන්හට තම එකම දරුවා අහිමිවිය...පාසලේ සිටී ගුරුවරුන්හට හොඳ ගෝලයෙක් අහිමිවිය...පාසලේ සොයුරන්ට හොඳ මිතුරෙකු අහිමිවිය...විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියන්හට වටිනා මිතුරෙකු අහිමිවිය....ආදරණීය පෙම්වතියට තම පෙම්වතා අහිමිවිය.... තවද අපේ රටට ලැබෙන්න තිබූ තවත් එක් විශේෂඥ වෛද්‍යවරයෙක් අපට අහිමිවිය.

දුමින්ද සොයුරානනි ඔබ ආරාධනයක් නොලැබ මිහිමත ජීවත්වීමට උපන්නේය...ඒවාගේම ආරාධනයක් නොමැතිව යන්නට ගියේය.......
අපහට වේදනාව ඇත්තේ ඔබට තව දිගු ගමනක් යාමට තිබූ නිසාවෙනි...

සබඳ....ඔබගේ ඒ සිනහව, ඒ කටහඬ, ඒ මතකය අපගේ හදවත් තුල චිරාත්කාලයක් වැජඹෙනවා නියතය....
ජාති ජාතිත් මෙවන් අකල්මරණයන්ට අත්නොවී...ඔබ අප අතරම යලි අපේම සහෝදරයකු මෙන් යලි උපදීවා...!!!!

සොයුර ඔබට නිවන් සුව!!!
(පේරාදෙනිය වෛද්‍යපීඨයේ සියළුම වෛද්‍යවරුන් ඇතුලු සහෝදර සහෝදරියන්හට  ,පිටදෙනිය ප්‍රදේශවාසීන්හට හා නන්අයුරින් උපකාර කල සියලුදෙනා හට අපගේ ස්තූතිය!!!
- මෙයට සංවේගයට පත්  රිච්මන්ඩ් විදුහලේ 2008 "රළ" සොහොයුරන්-)
 

4 comments:

DK said...

හ්ම්ම්ම්..... කාටවත් කරදරයක් නැති අහිංසක මිත්‍රයෙක්... ඔබට නිවන් සුව අත්වේවා..!

Unknown said...

අප අතර සිටි හොද යහලුවෙක්...ඔබට නිවන් සුව

ලපයා said...

දහනායක සොයුර...ඔබට නිවන් සුව!!!!!!!!!

පාණ්ඩේ said...

අවංකවම..අපේ අවුරුද්දේ හිටිය අහිංසකම කොල්ලෙක්..හැමතිස්සෙම අහිංසක හිනාවක් මූනේ තිබ්බ,කාත් එක්කත් හොඳින් හිටිය රත්තරන් කොල්ලෙක්...අපි පෘතග්ජනයි..අපි ආසයි අයිත් උඹ අපි අතරට එනවනම්..ඒත් මේ සසර ගමන කෙටි වෙන එක ඊට වඩා වටිනවා...ඒක නිසා උඹට නිවන් සුව..!!!!

Post a Comment

;